පාර්ලිමේන්තුවේ ඉංජිනේරුවා කතානායක අසුනේ ඉදගෙන මාට්ටු

පාර්ලිමේන්තු සභා ගර්භයෙහි ඇති කථානායක නිල අසුනෙහි ඉතිහාසයේ ප්‍රථම වරට පාර්ලිමේන්තුවේ ඉංජිනේරුවරයා අනවසරයෙන් අසුන්ගෙන ඇතැයි කතානායකවරයා වෙත ලිඛිත පැමිණිල්ලක් ඉදිරිපත් කර තිඛෙනවා.
ඒ මාතලේ දිස්‌ත්‍රික්‌ එජාප මන්ත්‍රී රංජිත් අලුවිහාරේ මහතා විසින්.
පාර්ලිමේන්තු රැස්‌වීමෙන් පසු පාර්ලිමේන්තු සභා ගැබෙහි පවිත්‍රතා කටයුතු සිදුකර නිමවනතුරු මෙම ඉංජිනේරුවරයා කථානායක අසුනෙහි වාඩිවි පවිත්‍රතා සේවකයන්ට නියෝග පනවමින් සිටි බවටයි මෙසේ චෝදනා එල්ලකර ඇත්තේ.

පෙරේදා අය වැය විවාදය අවසන්වීමෙන් පසු මෙම සිද්ධිය වාර්තාවී තිඛෙනවා.

පාර්ලිමේන්තුව වැනි උත්තරීතර ආයතනයක කථානායකවරයාට වෙන්කර ඇති නිල අසුනෙහි මෙසේ වෙනත් අයකු අසුන් ගැනීමෙන් කථානායකවරයාට මෙන්ම සමස්‌ත ජාතියටම කරන ලද අගෞරවයක්‌ බවයි පැමිණිල්ලේ දැක්වෙන්නේ.

ඔබගේ අදහස අපට කියන්න

Close