රෝහිතගේ චන්ද්‍රිකාව ගැන පාර්ලිමේන්තුවේ අවධානය / එහෙම එකක් නෑලු

පසුගිය රජය සමයේ ගුවන් ගත කරන ලද ශ්‍රී ලාංකීය හිමිකමක් සහිත බව කියූ සුප්‍රීම් සැට් චන්ද්‍රිකාව සම්බන්ධයෙන් අද පාර්ලිමේන්තුවේදී තොරතුරු රැසක් අනාවරණ කෙරුණා.
ඒ ජනතා විමුක්ති පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී නලින්ද ජයතිස්ස මහතා වාචික පිළිතුරු අපේක්ෂාවෙන් යොමුකළ පැනයකට අනුවයි. එහිදී අදහස් දක්වමින් අමාත්‍ය මලික් සමරවික්‍රම මහතා ඊට ප්‍රතිචාර පල කළා.
මෙහිදී අනාවරණ වුණේ අදාල චන්ද්‍රිකාව ගුවන් ගත කළ බව කියූ සමාගම මුහුදේ භාණ්ඩ ප්‍රවාහනය කරන සමාගමක් බවයි. මෙහිදී එම චන්ද්‍රිකාව සැලසුම් කළ බව මාධ්‍ය හමුවේ රෝහිත රාජපක්ෂ මහතා කරතිබූ ප්‍රකාශ සම්බන්ධයෙන්ද අදහස් පලකෙරුණා.


මේ 2012 වසරේ නොවැම්බර් මාසයේදී එම චන්ද්‍රිකාව පිළිබද රෝහිත රාජපක්ෂ අදහස් පල කළ ආකාරයයි.

 

ඔබගේ අදහස අපට කියන්න

Close