ලංකාවේ 32ක් අයි එස් සංවිධානයේ / විදෙස් බුද්ධි සේවා ලංකාවේ

ශ්‍රී ලංකාවේ පවුල් 4ට අයත් පුද්ගලයින් 32ක් සිරියාව බලා ගොස් අයි.එස් ත්‍රස්ත සංවිධානයට එකතුවී ඇතැයි අද පාර්ලිමේන්තුව හමුවේ අනාවරණ කෙරුණා. අධිකරණ හා බුද්ධශාසන අමාත්‍ය විජයදාස රාජපක්ෂ මහතා අයවැය විවාදයට එක්වෙමින් කියා සිටියේ අද සිට රටේ ආගම්වාදී අන්තවාදී ක්‍රියාකාරකම්වලට කිසිසේත්ම ඉඩ නොදෙන බවයි.

ඇතැම් වෙබ් අඩවි හරහා අසත්‍ය ප්‍රචාර හා අන්තවාදී ප්‍රකාශ නිකුත්වන බවත්,ඒවායින් ජනයා නොමග යන බවත් අමාත්‍යවරයා මෙහිදී සඳහන් කළා.
මේ අයුරින් අධිකරණයට අපහාස වන ලෙස දිගින් දිගටම පුවත් පළකරන ලංකා ඊ නිව්ස් කර්තෘ සඳරුවන් සේනාධීර යන අය ජාත්‍යන්තර පොලීසිය හරහා අත්අඩංගුවට ගෙන ලංකාවට ගෙනවිත් නීතිමය ක්‍රියාමාර්ග ගන්නා බව ද විජයදාස රාජපක්ෂ මහතා වැඩිදුරටත් කියා සිටියා.

මේ අතර ලංකාවේ විදේශීය ඔත්තු සේවා කිහිපයක්ද ක්‍රියාත්මක වන බව වැඩිදුරටත් බවයි අමාත්‍යවරයා අනාවරණ කළේ.

ඔබගේ අදහස අපට කියන්න

Close