ඉකුත් සමයේ මාධ්‍යවේදීන්ට එල්ලවූ ප්‍රහාරවල සාක්ෂි අතුරුදන් කරලා

මාධ්‍යවේදීන්ට පහරදීම හා ඝාතනය කිරීම සම්බන්ධයෙන් මේ වන විට සිදු කෙරෙමින් යන පරීක්ෂණ කටයුතු වලදී ඇතැම් සාක්ෂි  විනාශ කර දමා ඇති බව අනාවරණ වී තිබෙනවා. නීතිය හා සාමය පිළිබද අමාත්‍ය සාගල රත්නායක මහතා මේ බව සදහන් කළේ පාර්ලිමේන්තුවේදී අදහස් දක්වමින්.

2006 ජනවාරි මස සිට 2015 ජනවාරි දක්වා කාල සීමාව තුළ මාධ්‍යවේදීන් 13 දෙනෙකු ඝාතනයට ලක්ව ඇතැයි අමාත්‍ය සාගල රත්නායක මහතා මෙහිදී  ප්‍රකාශ කළා.  එම කාල සීමාව තුළ එක් මාධ්‍යවේදියෙකු අතුරුදන්ව ඇති අතර 87 දෙනෙකු පහරදීම්වලට ලක්ව ඇති බව ද අමාත්‍යවරයා කියා සිටියා.  මිට අමතරව මාධ්‍ය වේදීන් 20 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති බව ද සාගල රත්නායක මහතා හෙළි කළා. මෙම කාල සීමාව තුළ ලංකා ඊ නිව්ස්, ඩේලි මිරර් සහ සියත මාධ්‍ය ආයතන වෙත එක් වතාව බැගින් ද සිරස මාධ්‍ය ආයතනට දෙවතාවක් ද ප්‍රහාර එල්ල කළ කර ඇති බවයි අනාවරණවී ඇත්තේ.

කෙසේ වෙතත්, මාධ්‍යවේදීන් ඝාතනය සම්බන්ධයෙන් සිදුකෙරෙමින් යන සියලු පරීක්ෂණ දුෂ්කරතා හමුවේ වුවද, අඛණ්ඩව සිදුකෙරෙමින් පවතින බවත් උදාහරණ ලෙස ලසන්ත වික්‍රමතුංග හා  එක්නැලිගොඩ යන අය අතුරුදන්වීම හා ඝාතනයට සම්බන්ධ පරීක්ෂණ කටයුතු නිසි ලෙස සිදුකරගෙන යන බවත් අමාත්‍යවරයා වැඩිදුරටත් කියා සිටියා.

W3Schools

ඔබගේ අදහස අපට කියන්න

Close