කෝටි එක් ලක්ෂ විසි දහසක චීන ආයෝජන ජනවාරි 8 ලංකාවට

ලබන වසරේ ජනවාරි 8 වනදා ආරම්භ කෙරෙන හම්බන්තොට චීන ආයෝජන කලාපය සදහා රුපියල් බිලියන 1200 ක පමණ ආයෝජන මෙරටට ලබාදෙන බව චීනය සහතික කර තිඛෙනවා.

ඒ අනුව දල වශයෙන් රුපියල් කෝටි එක් ලක්ෂ විසිදහසක වටිනාකමකින් යුතු ආයෝජන ව්‍යාපාර හම්බන්තොට ආයෝජන කලාපයේ පිහිටුවනු ඇති.
මේ සදහා චීනය එකගතාවය පල කර ඇත්තේ අගමැති රනිල් වික්‍රමසිංහ මහතා කළ කරුණු දැක්වීමක් සැලකිල්ලට ගනිමිනුයි.
ඊට අදාළව ව්‍යාපෘතිය ක්‍රියාත්මක වන ආකාරය සම්බන්ධයෙන් චීන තානාපතිවරයා පැහැදිලි කිරීමක්ද සිදුකර තිඛෙනවා.
මෙය මෙතෙක් මෙරටට ලැබුණු විශාලතම ආයෝජනය වන අතර එය මෙරට ආර්ථීකයට සුබවාදීව බලපෑම් එල්ලකරනු ඇති.

ඔබගේ අදහස අපට කියන්න

Close