දිස්වූ සුපිරි සද ලෝකයට අසුබයි / ජ්‍යොතිෂ්‍යයෙන් අනාවැකි

ඉකුත් 14 වනදා පෘථවියට දිස්වූ සුපිරි සද රටට මෙන්ම ලෝකයට කුමන ආකාරයකින් බලපානු ඇත්දැයි ජ්‍යොතිෂ්‍ය මත පලවෙමින් පවතිනවා. මේ එවන් අනාවැකි කිහිපයක්.

මානසික රෝග වැඩිවේවි – ප්‍රවීණ ජේ‍යාතිෂවේදී එස්.ජේ. සමරකෝන්
ර්ෂ 68කට පසු 2016 නොවැම්බර් මස 14 වැනි දින සුපිරි සඳ පෘථිවියට සමීප විය. මෙය ශ්‍රී ලංකාවාසීන්ට දැක ගැනීමට හැකිවිය. මෙම සිදුවීම සිදුවූයේ සඳුට උච්චම රාශිය වන වෘෂභයේදීය. මෙම කාල සීමාව තුළ සඳු ගමන් කර ඇත්තේ සිකුරුට අයත් බෙරණ නැකැතෙන් රවිට අයත් කැති නැකැතෙන්ය.
පැරැණි ජේ‍යාතිෂ ග්‍රන්ථවල සඳු ගමන් කරන රාශිය වගේම ඒ ඒ නැකැත්වල ගමන් කරන කාලය තුළ පවතින දේශගුණික මෙන්ම කාලගුණික තත්ත්වයන් කෙරෙහි බලපාන අන්දම පැහැදිලිව සඳහන් කර ඇත.
විශ්වය තුළ පවතින කාලගුණික තත්ත්වයන් වගේම දේශගුණික තත්ත්වයන් උඩු යටිකුරු කරන්න සඳුගේ බලය ඉවහල්වේ.
මුහුද රළු වීම, අධික වර්ෂාව, සුනාමි තත්ත්වයන් පවා ඇති වන්නේ සඳුගේ බලය නිසාය.
සඳු බලවත් වීම වගේම පෘථිවියට සමීපව ගමන් කිරීම යහපතට මෙන්ම අයහපතට හේතුවේ. සඳු දුර්වලව පවතින අයගේ සඳු බලවත්වන විට මානසික පීඩා වගේම පිස්සු හැදෙන තත්ත්වයට පත්වේ. එසේම සියදිවි නසා ගැනීමට පවා සඳුගේ බලපෑම ඇති කරයි
දේශගුණික කාලගුණික වශයෙන් මුහුද රළුවීම, අධික වර්ෂාව, සුළි සුළං, සුනාමි තත්ත්වයන් ඇතිවීමටද සඳු මූලික වේ.
නොවැම්බර් මස 14 වැනි දින නව උච්ච රාශිය තුළ සඳු පෘථිවියට සමීපව ගමන් කිරීම තුළින් සුපිරි සඳක් දැක ගැනීමට ලෝකවාසීන්ට හැකිවිය. සඳු ගමන් කළ නැකැත් අනුව සිකුªරුට අයත් බෙරණ නැකැතේ රවිට අයත් කැති නැකත තුළ මෙම සිදුවීම ලෝකවාසීන්ට එතරම් යහපත් නොවන බව පෙන්වා දිය හැකිය. ඒ සමඟම ඉදිරි නොවැම්බර් 24 වැනිදා සිදුවන බුධ, ශනි ග්‍රහ යුද්ධයෙන් බුධ පරාජ වීමත් සඳු පෘථිවියට සමීප වීම තුළත් ඉදිරි කාලය තුළ මානසික රෝගීන් වැඩිවීමත් බුද්ධිමතුන්ට ඇතිවන කරදර බාධක සියදිවි නසාගැනීම් බහුලව සිදුවන කාලයක් බව පෙන්වා දිය හැකිය. දේශපාලනය තුළ කැලඹිලි ස්වභාවයක් ඇති කරයි.
දෙසැම්බර් අග ජනවාරි මුල් කාලය තුළ සුළි කුණාටු, මුහුද රළුවීම, සුනාමි තත්ත්වයන් පවා ඇතිවීමට හේතුවේ.
අධික වර්ෂාව නිසා ජල ගැලීම් නායයෑම් වැනි දේවල් වගේම වෙනදාට වඩා ජීවිත හානි පවා සිදුවීමට ඉඩ ඇත.
කෙසේ නමුත් ඉදිරි මාස කීපය තුළ වඩාත් සැලකිලිමත් වීම නම් වැදගත්ය.

සුනාමියක් වුණත් එන්න පුළුවන් – ප්‍රවීණ ජේ‍යාතිෂවේදී කොටදෙණියාවේ ඩග්ලස් ගුණවර්ධන

මෙම අස්වාභාවික සිදුවීම කරණකොට අප රට තුළ විපර්යාසයන් රැසක් සිදුවීමට ඉඩ තිබෙන බව පෙනේ. විශේෂයෙන් ජලාශ්‍රිත ස්ථානයන්හි ජල මට්ටම ඉතා ඉහළ අගයකට පත්වීමට බොහෝදුරට ඉඩ තිබේ.

සාගරයේ ජල මට්ටම ඉහළට යන අතර සමහර විට උදම් රැලි හේතුකොට ගෙන ‘සුනාමි’ තත්ත්වයක් වුවද ඇති වීමේ අවදානමක් මෙම සුපිරි සඳ නිසා ඇති විය හැකිය.
සඳු හෙවත් චන්ද්‍රයා අධිපතිත්වය දරන්නේ ජලයටය. ඇගේ බලය පූර්ණ වශයෙන් යෙදුණ ලග්නය වන්නේ ජල රාශියක් වන කටකයි. ඇය එහි අධිපතිනියයි. රවි හෙවත් ග්‍රහ ලොව රජුගේ නීත්‍යනුකූල ප්‍රියම්බිකාව වන චන්ද්‍රයා චංචල ගති ගුණයෙන් සපිරුණු ග්‍රහයෙකි. නමුත් ඇය ග්‍රහ තාරකාවක් නොවේ. තාරකාවක් හැම විටම බැබළෙන්නේ තමාගේ ස්වශක්තිමය ආලෝකය හේතු කොට ගෙනය. නමුත් චන්ද්‍රයා බැබළෙන්නේ සූර්යා හෙවත් රවිගේ ආලෝකයෙනි. සූර්යාගෙන් නිකුත් කෙරෙන ආලෝක කිරණ අප ජීවත් වන පෘථිවිය මතට වැටී පරාවර්තනය වීමෙන් චන්ද්‍රයාගේ බැබළීම ඇති වෙයි.
සුපිරි සඳ මෙවර අප රටට දිස් වීමෙන් අනාගතයේදී අප රට තුළ ඇති විය හැකි ජල විපත් පිළිබඳව ඉඟියක් කරන ලදී. පසුගිය කාලයේ දැඩි නියඟයෙන් පීඩා විඳි අප රටේ ජනතාවට ඉදිරියේදී ජලයෙන් පීඩා විඳීමට සිදුවිය හැකිය. ගංගා, ඇළ, ‍ෙදාළ පිටාර ගැලීමෙන් දෙසැම්බර් මාසයේදී හා ජනවාරි මාසයේදී විපත් සිදුවීමට ඉඩ ඇති බව පෙනේ. දෙසැම්බර් 25 වැනි දින (නත්තල් දිනය) ආශ්‍රිතව වැඩි වර්ෂාපතනයක් අප රට තුළ පමණක් නොව, ලෝකය පුරාම ඇති විය හැකි අතර ජනතාව එමඟින් මහත් සේ පීඩාවට පත් වනු ඇත.
ධීවර යාත්‍රා, නෞකා ආදී ජලාශ්‍රිතව ගමන් කරන යාත්‍රා අනතුරුවලට පත්වීම බොහෝදුරට ඉඩ ඇත. එම ජල යාත්‍රා අනතුරුවලින් මිනිස් ජීවිත විශාල සංඛ්‍යාවක් විනාශ වීමට ඉඩ ඇති බවක් පෙනේ. ගුවන් යානා ජලාශ්‍රිත ස්ථානයකට හෝ මහ මුහුදට කඩා වැටීමෙන්ද ජීවිත විනාශයක් සිදුවීමේ ප්‍රවණතාවක් පවතී.

ලෝකයටම අහිතකරයි – ප්‍රවීණ ජේ‍යාතිෂවේදී සරත්චන්ද්‍ර බෝතලාගේ

දීර්ඝ කාලයකට පසුව පසුගිය පෝය දවස තුළදී චන්ද්‍රයා පෘථිවියට ළංවීම තුළින් කවර බලපෑමක් අප රටට මෙන්ම මුළුමහත් ලෝකයට ඇතිකරයිද යන වග සොයා බැලිය යුතුයි. ජේ‍යාතිෂයට අනුව නවග්‍රහයන් අතරින් එක් ග්‍රහයකු වන්නේද චන්ද්‍රයායි. ඉතාමත් වේගයෙන් ගමන් කරන චන්ද්‍රයා දිනකට අංශක 12 ගමන් කරයි. රාශියක් පසු කිරීමට දින 2 1/2ක කාලයක් ගතවෙන අතර පෘථිවිය වටා ගමනක් නිම කිරීමට දින 30ක පමණ කාලයක් ගනී. නවග්‍රහයන් අතරින් රාහු කේතු හැර අනෙකුත් සියලුම ග්‍රහයන් සූර්යයා වටා ගමන් කරන අතර චන්ද්‍රයා ගමන් කරන්නේ පෘථිවිය වටා පමණක් වීම විශේෂත්වයකි. පුර පෝය පසළොස්වක දවස තුළදී චන්ද්‍රයා එක් පැත්තකද සූර්යයා අනෙක් පැත්ත තුළද ගමන් කරන අතර පෘථිවිය හරි මැද පිහිටයි. පෘථිවියේ එක් පැත්තක් සූර්යයාගේ දැඩි රශ්මියෙන් රත්වන අතර අනෙක් පැත්ත චන්ද්‍රයාගේ සෞමයෙන් සිසිල් කරයි. මෙහි බලපෑම් මත පෝය දවස තුළදී ස්වාභාවික විපර්යාස ඇති කිරීමේ ප්‍රබලතාවක් පවතී. පසුගිය 2004 සුනාමි තත්ත්වය ඇතිවූයේද පෝය දවස තුළය.
අතීතයේදීද මහ මුහුද ගොඩ ගලා තිබෙන්නේ පෝය දිනයක් තුළදී බව අපි අසා ඇත්තෙමු. අෑත අතීතයේ පටන්ම මිනිසා පෝය දවස තුළදී වැඩ රාජකාරිවලින් තොර පින් දහම් කරමින් භාවනානුයෝගීව සිටීමට හුරුපුරුදුව සිටින්නේ පෝය දවස තුළදී ස්වභාවධර්මය තුළ විපර්යාස ඇති කරන බැවිනි. ඒ වගේම අධික සෙම් අමාරුවලින් පෙළෙන අයට මෙන්ම මානසික රෝගීන්හට පෝය දවස තුළ රෝග තත්ත්වය උත්සන්නවීම අදටත් අපිට දැකගත හැකිය.
මෙම තත්ත්වයේ කේන්දරය තුළ ග්‍රහ පිහිටීම විමර්ශනය කර බලන විටදී චන්ද්‍රයා සහ අඟහරු අතර දෘෂ්ටිය පවතී. චන්ද්‍රයා සෞම්‍ය සුබ ග්‍රහයකු වන අතර අඟහරු ගිනිකාරක පාපියෙකි. සෙනසුරු හා බුධ අටවැන්නේ ගමන් කරයි. මෙම තත්ත්වයන් විමර්ශනය කර බලන විටදී පෝය දවස තුළ සිදුවූ සිදුවීම අප ලෝකයට ඉදිරියේදී ලොකු ස්වාභාවික විපතක් සිදුවන බවට කරන ඉඟියකි. 2017 වර්ෂයේ විශාල ගංවතුර තත්ත්වයක් සමඟ කඳු නායයෑමක් වගේම සුනාමි තත්ත්වයක් ඇතිවීමට ඉඩකඩ පවතින බව මේ තුළින් පැහැදිලි වෙයි.

ඔබගේ අදහස අපට කියන්න

Close