මහා භූ කම්පනයට මුහුණ දෙන්න අමෙරිකාව සූදානම්

අමෙරිකාවේ කැලිෆෝනියා ප්‍රාන්තයේ සිදුවනු ඇතයි පැවසෙන මහා භූ කම්පනයෙන් ආරක්ෂාවීමට අදාළ පියවර ගැනීම මේ වන විට ආරම්භ කර තිබෙනවා.
ඬේලි මේල් වෙබ් අඩවිය වාර්තා කළේ ඉදිරි වසර කිහිපය තුල නියත වශයෙන්ම මෙම භූ කම්පනය හට ගනු ඇති බවට විද්‍යාඥයන් අනාවැකි පල කර ඇති බවයි.
අමෙරිකාවේ සැන් ඇන්ඩ්‍රියාස් හා ලොස් ඇන්ජජිස් නගර මුල් කර ගනිමින් මෙම භූ කම්පනය සිදුවනු ඇති බවයි පැවසෙන්නේ. එය බොහෝ විට ඒකක 8 ඉක්මවූ බිහිසුණු තත්ත්වයක් වනු ඇති බවටද වාර්තා පලවනවා.
එවන් භූ කම්පනයක් ඇති වුවහොත් එය අමෙරිකාව මුහුණ දුන් දරුණුතම ව්‍යසනය වූ කත්රිනා සුළි කුණාටුවේ හානියට වඩා ප්‍රබල හානියක් සිදුකරනු ඇති බවටයි වාර්තා පලවන්නේ.විශේෂයෙන්ම මෙතෙක් ඉතිහාසයේ ඇති නොවූ ආකාරයේ සුනාමි තත්ත්වයක්ද එරටට බලපෑමේ අවධානමක් පවතින බව සදහන්.
ඒ අනුව මෙම භූ කම්නය සිදුවුවහොත් වහා පියවර ගැනීම වෙනුවෙන් පැය 24 පුරා ක්‍රියාත්මක සහන සේවකයින් 1200 කගේ බලකායක්ද මේ වන විට නිර්මාණය කර තිබෙනවා.
හදිසි ගුවන් සේවා මෙහෙයුම් හා සහන සේවා වෙනුවෙන් තවත් කණ්ඩායම් රැසක්ම යෙදවීමටයි පියවර ගෙන ඇත්තේ.
මෙම භූ කම්පනය 2017 වසරේදී සිදුවන බවට මීට වසර ගණනක සිට වාර්තා පලවුණා.

ඒ හේතුවෙන් මේ පිළිබද සිනමාපට පවා නිර්මාණයවී තිබෙනවා.

ඔබගේ අදහස අපට කියන්න

Close