නව ක්‍රමයට මන්ත්‍රීවරුන් 240ක් පාර්ලිමේන්තුවට

නව ව්‍යවස්ථාවට අනුව පාර්ලිමේන්තුවට තෝරා පත් කර ගනු ලබන මන්ත්‍රීවරුන් ප්‍රමාණය 240ක් බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා අනාවරණ කර තිබෙනවා.
ඒ මීගමුවේදී පැවැති සමුලුවකට එක්වෙමින්.
ඒ අනුව ඉදිරි මැතිවරණවලදී සියයට 60 ක මන්ත්‍රීවරුන් පිරිසක් කේවල ක්‍රමය යටතේ පාර්ලිමේන්තුවට තෝරා පත් කර ගැනීමට නියමිතයි.
එම ගණන 144ක්.
සියයට 40ක් නොඑසේනම් තවත් මන්ත්‍රීවරු 96 දෙනකු සමානුපාතික ලයිස්තු ක්‍රමය යටතේ පාර්ලිමේන්තුවට තෝරා පත් කර ගැනීමට නියමිතයි.
මෙම ක්‍රමවේදය මේ වන විට නවසීළන්තයේ හා ජර්මනියේ ක්‍රියාත්මක වන බවයි අගමැතිවරයා පවසන්නේ.
එම ප්‍රතිශතය සමානුපාතිකව සියයට 50ක් හා කේවල ක්‍රමයට සියයට 50ක් ලෙසයි.

ඔබගේ අදහස අපට කියන්න

Close