වදවී ගිය බව කී නිට්ටෑවන් තවමත් ජීවත්වන බවට තොරතුරු ?

ස්‌පාඤ්ඤ ජාතික මානව විද්‍යාඥයකු වූ මහාචාර්ය සැල්වදොර් මාටිනස්‌ 2004 දෙසැම්බර් 26 වැනිදා හටගත් සුනාමියට දින කිහිපයකට පෙර ශ්‍රී ලංකාවට පැමිණ කුඩුම්බිගල ආරණ්‍ය සේනාසනය අවට වනයෙහි සැරිසරයි. දෙසැම්බර් 25 වැනිදා දහවල් කාලයේදී වනයේදී ඇතිවන හදිසි වැස්‌සකදී ගල්ගුහාවකට දිවයන ඔහු වැස්‌සෙන් බේරීම සඳහා ගුහාව තුළට එන අමුතු ජීවියකු දකී. අඩි 3 ක්‌ පමණ උස නිරුවත් අර්ධ මනුෂ්‍ය පෙනුමක්‌ ඇති මේ ජීවියා ගුහාව තුළ වෛද්‍ය මාටිනස්‌ සිටින බව ඉවෙන් දැනගෙන මහ වැස්‌සේම පලා යයි. මේ සත්ත්වයා කවරෙක්‌ද?
අද එතැන් සිට…….

නිට්‌ටෑවන්ගේ කතන්දරය 

නිට්‌ටෑවන්ගේ කතන්දරය 02

වෛද්‍ය මාටිනස්‌ විසින් දක්‌නා ලද අර්ධ මනුෂ්‍යයා ශ්‍රී ලංකාවට ආවේණික මෙයට වසර 150 කට පමණ පෙර වඳ වී ගිය නිsට්‌ටෑවා නමැති සතා බව විශ්වාස කරනු ලැබේ. දේවානම්පියතිස්‌ස රජුගේ කාලයේදීත් සිටි නිට්‌ටෑවා වැදි ජනයාගේ පරම සතුරකු බවත් එදා සිටම නිට්‌ටෑවන් සහ වැද්දන් අතර අරගල තිබූ බවත් කියති. නිට්‌ටෑවන් පිළිබඳව ඓතිහාසික සාධක එකතු කළ දෙදෙනකු ගැන වාර්තා වේ. ඉන් පළමුවැන්නා හියු නෙවිල් ය. 1847 ඉපදී 1897 දී මියගිය හියු නෙවිල් අඩ සියවසක්‌ තරම් කෙටි වූ සිය ජීවිත කාලය තුළ විශාල ශාස්‌ත්‍රීය මෙහෙවරක්‌ කළ කෙනෙකි. 1869 දී සිවිල් සේවකයකු ලෙස ලංකාවට පැමිණි ඔහු මාතර දිසා විනිසුරු ලෙසද, මධ්‍යම පළාත් මූල්‍ය කටයුතු නිලධාරියා ලෙසද, මඩකලපුවේ දිසා විනිසුරු ලෙසද සේවය කරමින් අවුරුදු 28 ක්‌ මෙහි ගත කළේය. ඒ කාලය තුළ ශ්‍රී ලංකාවේ වැදි ජනතාව සහ නිට්‌ටෑවන් ගැන ඔහු ගැඹුරු පර්යේෂණයක්‌ කළේය. ඔහුගේ පර්යේෂණ පත්‍රිකා දහස්‌ ගණනක්‌ බ්‍රිතාන්‍ය පුස්‌තකාලයේ අදටත් තැන්පත් කර තිබේ. සිංහල භාෂාව හොඳින් උගෙන එහි ප්‍රවීණයකු වූ හියු නෙවිල් “සිංහල කවි” ගැන ඉංගී්‍රසි පොතක්‌ද ලියා තිබේ.

නිට්‌ටෑවන් ගැන අනෙක්‌ පර්යේෂණය කළ තැනැත්තා කපිතාන් ඒ. ටී. රඹුක්‌වැල්ලය. ශ්‍රී ලංකාවේ නිට්‌ටෑ ප්‍රජාව විසින් වන්දනාමාන කරන ලද ගලින් තැනූ පූජාසන කීපයක්‌ 1963 මැයි මාසයේදී නැගෙනහිර පළාතේ මහලේනම කැලය මැදදී ඔහුට හමු විය. මුහුදු මට්‌ටමින් අඩි 100 ක්‌ උසින් පිහිටි මහලේනම ප්‍රදේශය වනාන්තර 7 කින්ද (ජුල්පල්ලම කැලය, අලිරාවල කැලය, මහලේනවඑලිය, තිරුපොකුණ කැලය, ලේනම කැලය, හිදපලුගස්‌වැව කැලය) බඹරගස්‌තලාව සහ බකුරේ යන ජනාවාසවලින්ද කුඩුම්බිගල කන්දෙන්ද ලේනමආර නමැති ගංගාවෙන්ද සමන්විතය. ලොව විසූ ප්‍රාථමික මනුෂ්‍ය වර්ග සියල්ල ගැන පර්යේෂණ කර ඇති බ්‍රිතාන්‍ය ජාතිකයකු වූ ආචාර්ය ඔස්‌මාන් හිල් 1945 දී ශ්‍රී ලංකාවට පැමිණ නිට්‌ටෑවන් ගැන පර්යේෂණයක්‌ කළේය. ඔහුගේ අදහස වූයේ නිට්‌ටෑවා යනු මෙයට වසර ලක්‍ෂ 19 කට පෙර ලොව පහළ වී වසර 70000 කට පෙර මිහිමතින් වඳව ගිය හෝමෝ ඉරෙක්‌ටස්‌ මානවයාගේ වඳ නොවී ඉතිරි වූ අර්ධ මනුෂ්‍ය කොට්‌ඨාසයක්‌ ලෙස නිට්‌ටෑවන් හැඳින්විය හැකි බවය. (ඔහු තිබ්බතයේ ජීවත් වන බවට සැක කෙරෙන “යෙටි” නමැති හිම මිනිසා ගැන ද පර්යේෂණ කර ඇත.)

වැදි ජනතාවගේ පැරණි කතාන්දරවල නිට්‌ටෑවන්ට ප්‍රමුඛ තැනක්‌ හිමි වේ. සිංහලයන්ගේ ජන කතාවල ප්‍රධාන චරිත වන යකුන්, යෝධයන්, රජවරුන්, දෙවිවරුන් සහ මායාකාරයන් මෙන් වැදි කතාන්දරවල හැම තැනකම පාහේ නිට්‌ටෑවෝ වූහ. නිට්‌ටෑවා යන වචනය දෙවිදියකින් අර්ථකථනය කරනු ලැබේ. සමහරුන් කියන්නේ නිට්‌ටෑවා දිගු නිය ඇති සත්ත්වයකු නිසා නිය ඇත්තා යනුවෙන් මුලදී හඳුන්වන ලද බවත් පසුව එම වචනය නිට්‌ටෑවා බවට පත්වූ බවත් ය. ලේනම සහ කුඩුම්බිගල වනාන්තරවල සිටි නිට්‌ටෑවන් රැළ වැදි ජනතාව විසින් මෙයට වසර 150 -200 අතර කාලයකට පෙර සංහාරය කරන ලදී. (එම පුවත පිළිබඳ විස්‌තරය මේ ලිපි පෙළෙහි අන් තැනක පළවේ) මුලදී නිට්‌ටෑවන්ට නමක්‌ නොතිබූ බවත් වැද්දන් විසින් ඔවුන් හඳුන්වන ලද්දේ ‘යකුන්’ යනුවෙන් බවත් පසුව ඔවුන් නිට්‌ටාවටම (ස්‌ථිර ලෙසට) සංහාරය කරන ලද නිසා නිට්‌ටෑවන් යන වචනය බිහි වූ බවත් කියනු ලැබේ. එසේම මේ සත්ත්වයා අග්නිදිග ආසියානු ගොඩබිම් වූ අන්දමන් දූපත්, මැලේසියාව, තායිලන්තය, පිලිපීනය යනාදියෙහි මෙයට වසර දහස්‌ ගණනකට පෙර ජීවත් වූ නෙගි්‍රටෝස්‌ ප්‍රාථමික මනුෂ්‍ය වර්ගයක ලාංකීය ඥතියකු බවටද මතයක්‌ පවතී.

නිට්‌ටෑවා පිළිබඳ හියු නෙවිල් සොයාගත් කරුණු මෙසේයá

නිට්‌ටෑවා යනු අඩි 3 ක්‌ උස අර්ධ මනුෂ්‍යයෙකි. නිට්‌ටෑ ගැහැනිය අඩි දෙකහමාරක්‌ උසය. මේ සත්ත්වයන් ජීවත් වන්නේ නිරුවතිනි. දිග ශක්‌තිමත් බාහු, ශක්‌තිමත් ඇඟිලිවල හටගත් දිගු ඝනකම් උල් නියපොතු, විශාල පතුල් සහිත පාද, ඇඟ පුරා වැඩුණු රතු පැහැති ලෝම විශාල ඇහි බැම සහ ඇතුළට නෙරා ගිය ඇස්‌ කුහර නිට්‌ටෑවාගේ බාහිර පෙනුමය. ඔවුහු ආයුධ පාවිච්චි නොකරති. කිසිදු ප්‍රාථමික ගල් ආයුධයක්‌ හෝ ලී ආයුධයක්‌ ඔවුන් සතුව නැත. ඔවුන් ආයුධ වෙනුවට පාවිච්චි කරන්නේ ශක්‌තිමත් බාහු සහ උල් නිය සහිත ඇඟිලිය. ගෝන මුව කුළු හරක්‌ වැනි විශාල සතුන් වටලා උන්ගේ ඇඟට රොත්ත පිටින් පනින නිට්‌ටෑවා එම සතුන් බිම පෙරළාගෙන නියපොතුවලින් සූරා කටින් හපා මරා දමති. ඉන්පසු ඒ මස්‌ අමුවෙන්ම අනුභව කරති. කබරගොයා, තලගොයා, කටුස්‌සා වැනි සත්තු ද ඔවුන්ට ආහාර වෙයි. ඊට අමතරව හුදෙකලාව වනයේ සැරිසරන වැද්දන් සහ වැදි දරුවන් ද මරා කෑමට නිට්‌ටෑවෝ පුරුදුව සිටියහ. වැදි ගැහැනුන්ට අතවර කර පසුව ඔවුන් මරා අනුභව කිරීමද නිට්‌ටෑවන් වෙතින් සිදු විය. ඔවුන් ජීවත් වූයේ 10 සිට 20 දක්‌වා වූ රංචු වශයෙනි.

හියු නෙවිල් 1886 දී ලියා පළ කළ ලියෑවිල්ලකට අනුව නිට්‌ටෑවාගේ වාසස්‌ථානය වූයේ ගල්ගුහාවක්‌ හෝ ගහක්‌ මත තනන ලද වේදිකාවක්‌ය. මෙයට වහළක්‌ තිබූ අතර එය හෙවිල්ලා තිබුණේ එය පිහිටි ගහේ කොළවලිනි. ඔවුන්ට වැදි බස සිංහල හෝ දෙමළ කතා කළ නොහැකි විය. එහෙත් මූලික වචන කිහිපයකින් සමන්විත, කටින් නගන උරුවම් බෑමට සමාන ශබ්ද කිහිපයක්‌ද සහිත තෙළිඟු හා සමාන භාෂාවක්‌ ඔවුහු කතා කළහ.

නිට්‌ටෑවන්ගේ බල ප්‍රදේශවලට වැද්දන් ඇතුළු වූයේ නැත. එයට හේතුව මනුෂ්‍යයන් හෝ තිරිසනුන් ඝාතනය කිරීමේදී උන් අනුගමනය කළ කෲර විදියයි. වැද්දා සතෙකු දඩයම් කළ විට එම සතා හම ගැහුවේ හෝ එම සතාගේ ගාත් කපා වෙන් කර ගන්නේ සම්පූර්ණයෙන්ම ප්‍රාණය නිරුද්ධ වූ පසුවය. එහෙත් නිට්‌ටෑවා සතකු අනුභව කළේ ඒසතා පණපිටින් සිටියදීමය. වැද්දකු හසු වූ විට ඔහු පණ පිටින් දඟලද්දීම ඔහුගේ අතපය අමු අමුවෙන්ම කඩාගෙන කෑමට නිට්‌ටෑවෝ පුරුදුව සිටියහ. එබැවින් නිට්‌ටෑවන්ගේ බල ප්‍රදේශ තුල ගෝණන් සහ මුවන් කොතරම් සිටියත්, පැණි ලබා ගැනීමට හැකි මීවද කොතරම් තිබුණත් වැද්දො එහි ඇතුළු නොවීමට වග බලා ගත්හ. නිට්‌ටෑවා පිළිබඳ තවත් විශේෂ කාරණයක්‌ වූයේ ගින්දර මොළවා ගැනීම පිළිබඳ ඔවුන් තුළ කිසිදු දැනුමක්‌ නොතිබීමය. ඒ නිසා මස්‌ වර්ග පිළිස්‌සීමකින් තොරව අමුවෙන්ම කෑමට ඔවුහු පුරුදුව සිටියහ. ඒ අතර වැද්දන් විසින් පළහන ලද මස්‌ කෑමට ඔවුහු අධික ලෙස ආශා කළහ. ඒ අනුව දඩයමේ වනමැදට යන වැද්දකු හෝ දෙදෙනකු මස්‌ පළහන විට ඔවුන් වට කළ නිට්‌ටෑවෝ වැද්දන් මරා දමා පළහන ලද මස්‌ අනුභව කර වැදී මළකඳන් ද කා දැමූහ. එහෙත් නිට්‌ටෑවන් කිසිදු විටෙක තම වර්ගයාගේ මාංශය අනුභව කළේ නැත. මෙයට වසර 150 – 200 දක්‌වා කලකට පෙර මේ අර්ධ මනුෂ්‍ය වර්ගයා මිහිමතින් තුරන් වී ගියද ඇතැම් විදේශික මානව විද්‍යාඥයන් විශ්වාස කරන්නේ අදටත් ඔවුන්ගෙන් කිහිපදෙනකුවත් වනය තුළ ජීවත් වන බවය.

දේවානම්පියතිස්‌ස රජුගේ කාලයේදීත් සිටි නිට්‌ටෑවා වැදි ජනයාගේ පරම සතුරකු බවත් එදා සිටම නිට්‌ටෑවන් සහ වැද්දන් අතර අරගල තිබූ බවත් කියති. නිට්‌ටෑවන් පිළිබඳව ඓතිහාසික සාධක එකතු කළ දෙදෙනකු ගැන වාර්තා වේ. ඉන් පළමුවැන්නා හියු නෙවිල් ය. 1847 ඉපදී 1897 දී මියගිය හියු නෙවිල් අඩ සියවසක්‌ තරම් කෙටි වූ සිය ජීවිත කාලය තුළ විශාල ශාස්‌ත්‍රීය මෙහෙවරක්‌ කළ කෙනෙකි. 1869 දී සිවිල් සේවකයකු ලෙස ලංකාවට පැමිණි ඔහු මාතර දිසා විනිසුරු ලෙසද, මධ්‍යම පළාත් මූල්‍ය කටයුතු නිලධාරියා ලෙසද, මඩකලපුවේ දිසා විනිසුරු ලෙසද සේවය කරමින් අවුරුදු 28 ක්‌ මෙහි ගත කළේය. ඒ කාලය තුළ ශ්‍රී ලංකාවේ වැදි ජනතාව සහ නිට්‌ටෑවන් ගැන ඔහු ගැඹුරු පර්යේෂණයක්‌ කළේය. ඔහුගේ පර්යේෂණ පත්‍රිකා දහස්‌ ගණනක්‌ බ්‍රිතාන්‍ය පුස්‌තකාලයේ අදටත් තැන්පත් කර තිබේ. සිංහල භාෂාව හොඳින් උගෙන එහි ප්‍රවීණයකු වූ හියු නෙවිල් “සිංහල කවි” ගැන ඉංගී්‍රසි පොතක්‌ද ලියා තිබේ.

නිට්‌ටෑවන් ගැන අනෙක්‌ පර්යේෂණය කළ තැනැත්තා කපිතාන් ඒ. ටී. රඹුක්‌වැල්ලය. ශ්‍රී ලංකාවේ නිට්‌ටෑ ප්‍රජාව විසින් වන්දනාමාන කරන ලද ගලින් තැනූ පූජාසන කීපයක්‌ 1963 මැයි මාසයේදී නැගෙනහිර පළාතේ මහලේනම කැලය මැදදී ඔහුට හමු විය. මුහුදු මට්‌ටමින් අඩි 100 ක්‌ උසින් පිහිටි මහලේනම ප්‍රදේශය වනාන්තර 7 කින්ද (ජුල්පල්ලම කැලය, අලිරාවල කැලය, මහලේනවඑලිය, තිරුපොකුණ කැලය, ලේනම කැලය, හිදපලුගස්‌වැව කැලය) බඹරගස්‌තලාව සහ බකුරේ යන ජනාවාසවලින්ද කුඩුම්බිගල කන්දෙන්ද ලේනමආර නමැති ගංගාවෙන්ද සමන්විතය. ලොව විසූ ප්‍රාථමික මනුෂ්‍ය වර්ග සියල්ල ගැන පර්යේෂණ කර ඇති බ්‍රිතාන්‍ය ජාතිකයකු වූ ආචාර්ය ඔස්‌මාන් හිල් 1945 දී ශ්‍රී ලංකාවට පැමිණ නිට්‌ටෑවන් ගැන පර්යේෂණයක්‌ කළේය. ඔහුගේ අදහස වූයේ නිට්‌ටෑවා යනු මෙයට වසර ලක්‍ෂ 19 කට පෙර ලොව පහළ වී වසර 70000 කට පෙර මිහිමතින් වඳව ගිය හෝමෝ ඉරෙක්‌ටස්‌ මානවයාගේ වඳ නොවී ඉතිරි වූ අර්ධ මනුෂ්‍ය කොට්‌ඨාසයක්‌ ලෙස නිට්‌ටෑවන් හැඳින්විය හැකි බවය. (ඔහු තිබ්බතයේ ජීවත් වන බවට සැක කෙරෙන “යෙටි” නමැති හිම මිනිසා ගැන ද පර්යේෂණ කර ඇත.)

වැදි ජනතාවගේ පැරණි කතාන්දරවල නිට්‌ටෑවන්ට ප්‍රමුඛ තැනක්‌ හිමි වේ. සිංහලයන්ගේ ජන කතාවල ප්‍රධාන චරිත වන යකුන්, යෝධයන්, රජවරුන්, දෙවිවරුන් සහ මායාකාරයන් මෙන් වැදි කතාන්දරවල හැම තැනකම පාහේ නිට්‌ටෑවෝ වූහ. නිට්‌ටෑවා යන වචනය දෙවිදියකින් අර්ථකථනය කරනු ලැබේ. සමහරුන් කියන්නේ නිට්‌ටෑවා දිගු නිය ඇති සත්ත්වයකු නිසා නිය ඇත්තා යනුවෙන් මුලදී හඳුන්වන ලද බවත් පසුව එම වචනය නිට්‌ටෑවා බවට පත්වූ බවත් ය. ලේනම සහ කුඩුම්බිගල වනාන්තරවල සිටි නිට්‌ටෑවන් රැළ වැදි ජනතාව විසින් මෙයට වසර 150 -200 අතර කාලයකට පෙර සංහාරය කරන ලදී. (එම පුවත පිළිබඳ විස්‌තරය මේ ලිපි පෙළෙහි අන් තැනක පළවේ) මුලදී නිට්‌ටෑවන්ට නමක්‌ නොතිබූ බවත් වැද්දන් විසින් ඔවුන් හඳුන්වන ලද්දේ ‘යකුන්’ යනුවෙන් බවත් පසුව ඔවුන් නිට්‌ටාවටම (ස්‌ථිර ලෙසට) සංහාරය කරන ලද නිසා නිට්‌ටෑවන් යන වචනය බිහි වූ බවත් කියනු ලැබේ. එසේම මේ සත්ත්වයා අග්නිදිග ආසියානු ගොඩබිම් වූ අන්දමන් දූපත්, මැලේසියාව, තායිලන්තය, පිලිපීනය යනාදියෙහි මෙයට වසර දහස්‌ ගණනකට පෙර ජීවත් වූ නෙගි්‍රටෝස්‌ ප්‍රාථමික මනුෂ්‍ය වර්ගයක ලාංකීය ඥතියකු බවටද මතයක්‌ පවතී.

නිට්‌ටෑවා පිළිබඳ හියු නෙවිල් සොයාගත් කරුණු මෙසේයá

නිට්‌ටෑවා යනු අඩි 3 ක්‌ උස අර්ධ මනුෂ්‍යයෙකි. නිට්‌ටෑ ගැහැනිය අඩි දෙකහමාරක්‌ උසය. මේ සත්ත්වයන් ජීවත් වන්නේ නිරුවතිනි. දිග ශක්‌තිමත් බාහු, ශක්‌තිමත් ඇඟිලිවල හටගත් දිගු ඝනකම් උල් නියපොතු, විශාල පතුල් සහිත පාද, ඇඟ පුරා වැඩුණු රතු පැහැති ලෝම විශාල ඇහි බැම සහ ඇතුළට නෙරා ගිය ඇස්‌ කුහර නිට්‌ටෑවාගේ බාහිර පෙනුමය. ඔවුහු ආයුධ පාවිච්චි නොකරති. කිසිදු ප්‍රාථමික ගල් ආයුධයක්‌ හෝ ලී ආයුධයක්‌ ඔවුන් සතුව නැත. ඔවුන් ආයුධ වෙනුවට පාවිච්චි කරන්නේ ශක්‌තිමත් බාහු සහ උල් නිය සහිත ඇඟිලිය. ගෝන මුව කුළු හරක්‌ වැනි විශාල සතුන් වටලා උන්ගේ ඇඟට රොත්ත පිටින් පනින නිට්‌ටෑවා එම සතුන් බිම පෙරළාගෙන නියපොතුවලින් සූරා කටින් හපා මරා දමති. ඉන්පසු ඒ මස්‌ අමුවෙන්ම අනුභව කරති. කබරගොයා, තලගොයා, කටුස්‌සා වැනි සත්තු ද ඔවුන්ට ආහාර වෙයි. ඊට අමතරව හුදෙකලාව වනයේ සැරිසරන වැද්දන් සහ වැදි දරුවන් ද මරා කෑමට නිට්‌ටෑවෝ පුරුදුව සිටියහ. වැදි ගැහැනුන්ට අතවර කර පසුව ඔවුන් මරා අනුභව කිරීමද නිට්‌ටෑවන් වෙතින් සිදු විය. ඔවුන් ජීවත් වූයේ 10 සිට 20 දක්‌වා වූ රංචු වශයෙනි.

හියු නෙවිල් 1886 දී ලියා පළ කළ ලියෑවිල්ලකට අනුව නිට්‌ටෑවාගේ වාසස්‌ථානය වූයේ ගල්ගුහාවක්‌ හෝ ගහක්‌ මත තනන ලද වේදිකාවක්‌ය. මෙයට වහළක්‌ තිබූ අතර එය හෙවිල්ලා තිබුණේ එය පිහිටි ගහේ කොළවලිනි. ඔවුන්ට වැදි බස සිංහල හෝ දෙමළ කතා කළ නොහැකි විය. එහෙත් මූලික වචන කිහිපයකින් සමන්විත, කටින් නගන උරුවම් බෑමට සමාන ශබ්ද කිහිපයක්‌ද සහිත තෙළිඟු හා සමාන භාෂාවක්‌ ඔවුහු කතා කළහ.

නිට්‌ටෑවන්ගේ බල ප්‍රදේශවලට වැද්දන් ඇතුළු වූයේ නැත. එයට හේතුව මනුෂ්‍යයන් හෝ තිරිසනුන් ඝාතනය කිරීමේදී උන් අනුගමනය කළ කෲර විදියයි. වැද්දා සතෙකු දඩයම් කළ විට එම සතා හම ගැහුවේ හෝ එම සතාගේ ගාත් කපා වෙන් කර ගන්නේ සම්පූර්ණයෙන්ම ප්‍රාණය නිරුද්ධ වූ පසුවය. එහෙත් නිට්‌ටෑවා සතකු අනුභව කළේ ඒසතා පණපිටින් සිටියදීමය. වැද්දකු හසු වූ විට ඔහු පණ පිටින් දඟලද්දීම ඔහුගේ අතපය අමු අමුවෙන්ම කඩාගෙන කෑමට නිට්‌ටෑවෝ පුරුදුව සිටියහ. එබැවින් නිට්‌ටෑවන්ගේ බල ප්‍රදේශ තුල ගෝණන් සහ මුවන් කොතරම් සිටියත්, පැණි ලබා ගැනීමට හැකි මීවද කොතරම් තිබුණත් වැද්දො එහි ඇතුළු නොවීමට වග බලා ගත්හ. නිට්‌ටෑවා පිළිබඳ තවත් විශේෂ කාරණයක්‌ වූයේ ගින්දර මොළවා ගැනීම පිළිබඳ ඔවුන් තුළ කිසිදු දැනුමක්‌ නොතිබීමය. ඒ නිසා මස්‌ වර්ග පිළිස්‌සීමකින් තොරව අමුවෙන්ම කෑමට ඔවුහු පුරුදුව සිටියහ. ඒ අතර වැද්දන් විසින් පළහන ලද මස්‌ කෑමට ඔවුහු අධික ලෙස ආශා කළහ. ඒ අනුව දඩයමේ වනමැදට යන වැද්දකු හෝ දෙදෙනකු මස්‌ පළහන විට ඔවුන් වට කළ නිට්‌ටෑවෝ වැද්දන් මරා දමා පළහන ලද මස්‌ අනුභව කර වැදී මළකඳන් ද කා දැමූහ. එහෙත් නිට්‌ටෑවන් කිසිදු විටෙක තම වර්ගයාගේ මාංශය අනුභව කළේ නැත. මෙයට වසර 150 – 200 දක්‌වා කලකට පෙර මේ අර්ධ මනුෂ්‍ය වර්ගයා මිහිමතින් තුරන් වී ගියද ඇතැම් විදේශික මානව විද්‍යාඥයන් විශ්වාස කරන්නේ අදටත් ඔවුන්ගෙන් කිහිපදෙනකුවත් වනය තුළ ජීවත් වන බවය.

2 thoughts on “වදවී ගිය බව කී නිට්ටෑවන් තවමත් ජීවත්වන බවට තොරතුරු ?

  • November 20, 2016 at 3:58 pm
    Permalink

    එකම දේ තැන් කීපයකම සටහන් වී ඇත .

    Reply
  • November 21, 2016 at 5:05 pm
    Permalink

    අදටත් පානම ගමේ නිට්ටෑවන් විසින් බලහත් කාරයෙන් කැලයට ඇදගෙන ගොස් අබුකමේ තියාගත් රන් මැනිකාගේ පරන්පරාව දැක ගත හැක “නිට්ටෑවා සොයා” රන්ජිත් නැමැති එම ගමෙහි විසූ ගුරුවරයෙක් විසින් ලියන ලද කෘතියේ තවත් වර්තමාන තොරතුරු ඇතුලත්ය

    Reply

ඔබගේ අදහස අපට කියන්න

Close