සෙනසුරු වැනි වළල්ලක් පෘථවිය වටා නිර්මාණයවීම ඇරඹෙයි

තවත් කෙටි කාලසීමාවකින් පෘථවියටත් සෙනසුරු ග්‍රහයා මතුපිට පවතින වලලුවලට සමාන කක්ක්ෂයක් නිර්මාණය වනු ඇති බව විද්‍යාඥයන් හෙළිකර තිඛෙනවා.
මේ වන විට පෘථවිය තුලින් කක්ෂගත කර ඇති සන්නිවේදන චන්ද්‍රිකා හා යානා කොටස් එසේ කක්ක්ෂයේ වලල්ලක් ලෙස දිස්වනු ඇති බවයි ඔවුන් පෙන්වා දෙන්නේ.
මේ වන විට පෘථවියට ඉහලින් කක්ක්ෂයේ එවන් අභ්‍යාවකාශ සුන්බුන් කොටස් මිලියන 100ක් පමණ පවතින බව අනාවරණ කර තිඛෙනවා.
ඒ අතරින් බහුතරයක්ම වීදුරු බෝලයකට වඩා විශාලත්වයෙන් යුක්ත වන බවයි නාසා ආයතනය පවසන්නේ.

Nasa said it is currently tracking 500,000 pieces of debris that are larger than a marble and 20,000 that are larger than a softball.  An illustration of the debris in orbit is shown
කොටස් 27,000ත්ම සෙන්ටිමීටර 10 ඉක්මවූ ප්‍රමාණයේ ඒවා බවද සැලකෙනවා.
මෙම කොටස් පැයට කිලෝමීටර 28,000 ක වේගයකින් පෘථවිය වටා යමින් පවතින බවයි සදම්ප්ටන් සරසවියේ අභ්‍යාවකාශ විද්‍යාඥයන් පවසන්නේ.
මෙම සුන් බුන් හේතුවෙන් අනාගතයේ පෘථවියේ සිට අභ්‍යාවකාශ යානා නිරුපද්‍රිතව විශ්වයට යොමුකිරීමද දැඩි ගැටලුවක් වන තත්ත්වයක් නිර්මාණය වී තිඛෙනවා.
1953 වසරේදී ස්පුට්නික් 1 චන්ද්‍රිකාව ගුවන්ගත කිරීමේ සිට මේ දක්වා අභ්‍යාවකාශ යානා , රොකට්ටු හා චන්ද්‍රිකා දස දහස් ගණනක් පෘථවියේ සිට ගුවන්ගත කර තිඛෙනවා. ඒවා කල්යාමෙන් පසු විනාශවී එම කොටස් මෙසේ පෘථවිය වටා පරිභ්‍රමණය වෙමින් පවතිනවා.
මෙම අභ්‍යාවකාශ සුන් බුන් කෙසේ හෝ ඉවත් කිරීම කෙරෙහි විද්‍යාඥයන් මේ වන විට අවධානය යොමුකරමින් පවතිනවා.

 

ඔබගේ අදහස අපට කියන්න

Close