කොළඹ මොළේ උණ කතාව පත්තරයක් මවපු බොරුවක්

ජැපනීස් එන්සෙෆලයිටීස් හෙවත් මොලේ උණ වසංගත තත්ත්වයක් කොලඹ නගරයෙන් වාර්තා වන බවට පුවත්පතක් පල කළ වාර්තා අසත්‍ය බව හෙළිව තිඛෙනවා. සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය පාලිත මහීපාල  මහතා සඳහන් කළේ මොලේ උණ රෝගය ඇති කළ හැකි කුඩා මදුරුවෙකු කොළඹ නගරය තුළ සැරිසරන බවට මාධ්‍ය වාර්තා පළ වී ඇති බවයි.

කෙසේ වෙතත් එවැනි තත්ත්වයක් මේ වන තෙක් වාර්තා වී නොමැති බව සෞඛ්‍ය අධ්‍යාපන කාර්යංශයේ අද පවැති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඔහු අනාවරණ කළා.

එම මදුරු වාහකයා පිළිබඳව කීට විද්‍යා පරීක්ෂණ ඒකකය මගින් මේ වන විට පරීක්ෂණ ආරම්භ කර ඇති බවයි පාලිත මහීපාල මහතා පැවසුවේ.

මොලේ උණ රෝගය  මීට වසර 25කට පෙර අනුරාධපුරයෙන් වාර්තා වු අතර සෞඛ්‍ය අමාත්‍යාංශය ක්‍රියාත්මක කළ එන්නත් වැඩසටහනකින් අනතුරුව එය තුරන් කිරීමට හැකිව තිඛෙනවා.
මේ වන විට දිවයිනේ වෙනත් කිසිදු ප්‍රදේශයක එවන් තත්ත්වයක් නොමැති බව ඔහු අවධාරණය කළා.

ඔබගේ අදහස අපට කියන්න

Close