රථවාහන වැරදි 6කට දඩ 25,000 තෙක් ඉහලට

රථ වාහන වැරදි 6ක් සඳහා දඩය රු.25,000ක් දක්වා වැඩිකිරීමට බස් සංගම් එකඟවූ බව ප්‍රවාහන අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා අනාවරණ කළා.

ඒ අනුව බීමත්ව රිය පැදවීම,රියදුරු බලපත්‍රයක් නොමැතිව රිය පැදවීම,අනාරක්ෂිත ලෙස දුම්රිය හරස් මාර්ගවලින් ධාවනය කිරීම,රක්ෂණ ආවරණයක් නොමැතිවීම,අධික වේගය හා වමෙන් ඉස්සර කිරීම ආදී වැරදි සඳහා මෙලෙස දඩය වැඩි කිරීම සිදුකරන බවයි අමාත්‍යවරයා සදහන් කළේ.

අද(21) ප්‍රවාහන අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා,මුදල් අමාත්‍ය රවී කරුණානායක යන මහත්වරුන් ඇතුලු පිරිසක් පැවැත්වූ සාකච්ජාවකදී මෙම එකගතාවයට එළඹ තිබුණා.

මීට පෙර යෝජනාවී තිබුණේ අදාළ දඩ මුදල් රුපියල් 15,000 ක් තෙක් වැඩි කිරීමටයි.

One thought on “රථවාහන වැරදි 6කට දඩ 25,000 තෙක් ඉහලට

  • November 21, 2016 at 5:17 pm
    Permalink

    Amati arakshawata yana wahana walata dada gahanne nadda

    Reply

ඔබගේ අදහස අපට කියන්න

Close