ලොව සෑම දෙනාගේම අනාගතය ලියවී ඇති නාඩි වාක්‍ය

නාඩි ශාස්ත‍්‍රය ඉන්දියාවේ පුරාණ ඍෂි වරුන් විසින් නිර්මාණය කර ඇති පුදුම සහගත අනාගත අනාවැකි ඉදිරිපත් කිරීමේ ශාස්ත‍්‍රයකි. ප‍්‍රධාන මධ්‍යස්ථානය තමිල්නාඩුවේ පිහිටා ඇත. අතීතයේ ජීවත්වූ හින්දු මුනිවරු ලෝකයේ සියළුම මිනිසුන්ගේ අතීතය, අනාගතය හා වර්තමානය දැක ඇති බවත් එම තොරතුරු ඔවුන් පාම් කොල වල සටහන් කර ඇති බවත් වර්තමාන නාඩි ශාස්ත‍්‍රය පිළිබද ප‍්‍රවීනයන් පවසයි.

සියලූම මිනිසුන්ගේ තොරතුරු ඇතුලත් එකිනෙකාට ආවේනික  පාම් කොල පවතින අතර එය සොයාගනිමට නාඩි කියවන්නන් ඔවුන්ගෙ මහපට ඇගිල්ල්ලෙ ඇගිලි සලකුණ ලබගන්නා අතර එමගින් ඔවුන් පුද්ගලයාට අදාල නාඩි පත‍්‍රය සොයාගනී. එය එම පුද්ගලයාගේමද බව තහවුරු කරගැනීමට ඹහුගේ පෞද්ගලික තොතුරු පිලිබද නාඩි කියවන්න විමසයි. මෙම නඩි කියවන්නන් පරම්පරිකව එම රැකියාවට උරුමකම් කියයි. ලෝකයේ බොහෝ ප‍්‍රදේශ වලින් මෙම නාඩි ශාස්ත‍්‍රයෙන් තමන්ගේ අනාගතය දැක ගැනීමට මිනිසුන් පැමිණෙන අතර ශ‍්‍රීලංකාව, ඉන්දියාව, නේපාලය වැනි රටවල් වලින් මේ සදහා බහුලව මිනිසුන් පැමිණේ.

ඔබ නාඩි කියවන්නෙකු ලගට ගොස් ඔබගෙ මහපට අගිල්ලේ ඇගිලි සලකුණ ලබා දීමෙන් පසු ඔවුන් ඔබට හිමි නාඩි පත්රය සොයා දෙනු ඇත. නමුත් සමහරක් විට ඔබගෙ නාඩි පත‍්‍රය වෙන නාඩි කියවන්නෙකු සතු විය හැකි හෝ කාලයත් සමග භාවිතයට නොගත හැකි ලෙස විනාශ වී තිබිය හැක, ලංකාව තුලද මෙම නාඩි කියවීම අද වන විට සිදුවේ. මෙහිදී අදාල පුද්ගලයාගෙ මහපට අගිලි සලකුන ලබාගෙන ඉන්දියවෙන් අදල නඩි පත‍්‍රය ගෙන්වා ගනි. බලන්ගොඩ ආනන්ද හිමියන් වැනි බොහෝ ලාංකීය උගතුන් මෙ සදහා යොමුවී ඇත. බලන්ගොඩ හිමියන්ගේ පත‍්‍රයෙහි උන්වහන්සෙ මතු බුදුවන අත්මය පිලිබදවද සටහන් වී තිබී ඇත. එසේම සුවකල නොහකියැයි පවසන රෝගවලට පිලියම් සෙවිමටද මෙම ශාස්ත‍්‍රය යොදා ගනි. තම අනාගත සහකරු සහකාරිය ගැන දැනගනීම, අනාගත රැුකියාව පමණක් නොව මතු ආත්මය පිලිබ`දවද මේ හරහා පවසනු ඇත. පුදුමයට කරුණ නම් අද උපදිනා දරුවා වෙනුවෙන් සැකසුන නාඩි පත‍්‍රයද නාඩි කියවන්නන් සතු වීමයි. නාඩි පත‍්‍රයේ සදහන් තොරතුරු 1 පරිච්ෙඡ්දය – පෙලපත පරපුර සම්බන්ධ කරුණු අතුලත් සාමාන්‍යය පරිච්චෙදය. 2  පරිච්ෙඡ්දය – ධනය, අධ්‍යාපනය, පවුල ඇස් පෙනීම සම්බන්ධ තොරතුරු. 3 පරිච්ජේදය – සහෝදර සහෝදරයින් හා ඔවුන් තමන්ට බලපාන අයුරු 4 වන පරිච්ජේදය -මව, නිවස ඉඩම් හා වාහන සමබන්ද තොරතුරු 5 වන පරිච්ඡෙදය -දරුවන්ගෙ උපත දරුවන් හා දරුවන් නොමතිකම බලපාන අයුරු දරුවන්ගෙ අනාගතය. 6 වන පරිච්ඡෙදය -සතුරන්, සතුරුකම් රෝග, ණය බර, නඩුහබ සම්බන්ධ තොරතුරු සතුරු ක‍්‍රිරියාවල බලපැම් එවැනි තත්ව ජය ගැනීම සදහා උපදෙස් ප‍්‍රතිකර්ම. 7 වන පරිච්ඡෙදය – විවහයට සුභදායක කාලය විවාහය ප‍්‍රමාද වීමට හේතු අනාගත සහකරුගෙ චරිත ලක්ෂණ එයින් ලැබෙන ප‍්‍රයෝජන, විවාහවී සිටින ඇයගේ සැමියගේ බිරිදගේ ගතිගුණ, දුබලකම්.   මෙලස පරිච්ෙඡ්ද බොහොමයක් හරහා වර්තමන ආත්මය ගැන මෙන්ම අතීත ආත්ම, මීලග අනාගත අත්මය ගැන විස්තර දැගත හැකිවනු ඇත. මෙය ගුප්ත ශාස්ත‍්‍රයකි. කෙසෙවෙතත් පිලිගැනිම හෝ නොපිලිගැනිම ඔබගේ බුද්ධ්යෙන් විමසිය යුතු වේ.

මේ නාඩි වාක්‍යය සම්බන්ධයෙන් පෙර විශ්වාසයෙන් පසු නොවූ ගවේෂකයකු ඒ පිළිබද පර්යේෂණ කිරීමෙන් පසු දිවයින පුවත්පතට සපයා තිබූ ලිපියක්.

උපන් වෙලාවල් දහයක්‌ දෙනවා. මේවා බළල මේ උපන් වෙලාවල් වල අයිතිකාරයො තවම ජීවත් වෙනවද නැද්ද කියල කියන්න ඕන. අනික්‌ කාරණේ ඒ වෙලාවට ඉපදුනේ පිරිමියෙක්‌ද ගැහැණියක්‌ද කියල කියන්න ඕන.

මේ වූ කලී දැනට බොහෝ කලකට පෙර ජීවත්වූ ආචාර්ය ඒබ්‍රහම් ටී. කොවුර් විසින් කරනලද අභියෝගයකි. එතුමා විසින් අභියෝග දහයක්‌ ඉදිරිපත් කරන ලද අතර ඉහත සඳහන් කළේ ජ්‍යෙතිෂ්‍ය මිත්‍යාවකි යන නිගමනය මත පදනම්ව ඉදිරිපත් කළ අභියෝගයක්‌ වේ. අනෙක්‌ ඒවා වෙනත් ගුප්ත විද්‍යාවන්ට අදාලව කරන ලද අභියෝග විය.

එකල මම ජ්‍යෙතිෂ්‍ය ගැන තරමක උනන්දුවක්‌ තිබුණාවූද රාජ්‍ය ආයතනයක ඉහළ තනතුරක්‌ දැරුවා වූද තරමක අතිපණ්‌ඩිතයකුව සිටියේ යෑයි නිහතමානීව පිළිගත යුතුය. ඇස්‌වහ, කටහව, යන්ත්‍ර මන්ත්‍ර, හුදු මිථ්‍යා විශ්වාස බවත් සියල්ලට මුල හිත බවත් මම ඇදහුවෙමි. මේ අනුව එවැනි ගුප්ත විද්‍යා පිළිබඳව තර්ක කළෙමි. ආචාර්ය කොවුර්ගේ “දෙවියෝ සහ භූතයෝ” යන පොත නිතර මා අත විය.

ඇත්ත වශයෙන්ම උපන් වේලාව බලා ස්‌ත්‍රී පුරුෂ භාවය කීම අද පවා ජොතිෂ්‍ය ශාස්‌ත්‍රයේ ගැඹුරු කරුණකි. බොහෝ දෛවඥයන් නවාංශකය අනුව ස්‌ත්‍රී පුරුෂ භාවය නිගමනය කළද එයද වැරදි ක්‍රමයකි. උපන්නේ ස්‌ත්‍රියක්‌ද? අසා නැතැයි කී විට “එහෙනම් මේ වෙලාව වැරදියි. ළමයා ඉපදිලා තියෙන්නෙ මීට විනාඩි පහකට ඉස්‌සර වෙලා.” ආදී වශයෙන් කට මැත දොඩා වේලාව වෙනස්‌ කර කේන්දර හදන දෛවඥයෝ ඉතා බහුලය. ඉපදුන ළමයි ස්‌ත්‍රියක්‌ද පුරුෂයෙක්‌ද කියන්වත් බැරිනම් ජීවිතයේ අනාගත සිදුවීම් ගැන කියන්නේ කෙසේද? යන යථාර්ථවාදියකුවූ කොවුර් මහතාගේ ප්‍රශ්නයද සාධාරණය.

එකල මම දවසේ බොහෝ කාලයක්‌ වෙන් කළේ මෙවැනි ගැටලු ජ්‍යෙතිෂයෙන් විසඳිය හැකිද? යන ප්‍රශ්න පිළිබඳව සෙවීමටය. එහෙත් මගේ කාර්ය බහුල රාජකාරිය ඊට බාධා කළේය.

පොඩි මිනිසුන් සියල්ල එළිපිට කරන නමුත් ලොකු මිනිසුන් එසේ කරන්නේ නැත. තරහක්‌ තිබුණද මුහුණට කීම පොඩි මිනිහාගේ සිරිතය. ලොකු මිනිසෙකු කරන්නේ වාරයක්‌ එන තුරු බලා සිටීමයි. ගුප්ත විද්‍යා අංශයද එසේය. උගත්, ධනවත්, උසස්‌ තනතුරු දරන බොහෝ අය කේන්දර බලන බව පිටස්‌තර අයට පෙන්වන්නේ නැත. එහෙත් ඔවුන්ද මෙවැනි ගුප්ත විද්‍යාවල පිහිට ලබා ගනී.

අමාත්‍යංශයේ උසස්‌ තනතුරක්‌ දැරූ සමරවික්‍රම මහතාද එවැන්නෙකි. ජාත්‍යන්තර අලෙවි කටයුතු භාරව සිටි ඔහුට දේශපාලන ප්‍රශ්න තිබුණේය. ඔහු එළවා දමා අලුත් කෙනකු ඒ තැනට පත්කරන්නට පාලක පක්‍ෂයකට උවමනාවී තිබිණි. එහෙත් එම වගකීම් භාර දෙන්නට තරම් අද්දැකීම් බහුල උගතෙකු සිටියේ නැත. පාලක පක්‍ෂය තීරණය කළේ විදේශ රටකින් විශේෂඥයකු බඳවා ගැනීමටය. මෙය ප්‍රසිද්ධ රහසක්‌ විය. මේ විදේශිකයා පැමිණි විට සමරවික්‍රමට ගෙදර යැමට සිදුවීම නියතය. අපි වන්නේ කුමක්‌දැයි බලා සිටියෙමු. මේ විශේෂඥයා පැමිණෙන දිනය උදාවිය. සමරවික්‍රමද නිහඬව පසුවිය. අපට ආරංචි වූයේ අදාල විශේෂඥයා කටුනායක ගුවන්තොටුපළට පැමිණි බවත් හදිසියේ අසනීප වී ආපසු ගිය බවත්ය. ඉන් පසුව විශ්‍රාම යනතුරු සමරවික්‍රමට අභියෝග තිබුණේ නැත. මෙය ස්‌වභාවිකව සිදුවූ දෙයක්‌ නොව ගුප්ත විද්‍යාව අනුව ලබාගත් පිහිටක්‌ බවත් මම දැන සිටියෙමි.

සමරවික්‍රම මහතා නාඩි ශාස්‌ත්‍රය ගැන විස්‌තරයක්‌ මට පැවසුවේ මෙවැනි පරිසරයක්‌ තිබියදීය. ඉන්දියාවේ නාඩි ශාස්‌ත්‍රය නම් ජ්‍යෙතිෂ ක්‍රමයන් ඇති බව මා දැන සිටියේ බලංගොඩ හාමුදුරුවන්ගේ පොත පතිනි. සිද්ධාර්ථ ගෞතම බෝසත් චරිතය ලිවීමට උන්වහන්සේ නාඩි පත් ඉරු කියවා ඇති බව ලියා තිබිණි. පුරාණ සෘෂිවරුන් විසින් විවිධ කාලවල ලෝකයේ උපදින අයගේ ජීවිත පලාපල පුස්‌කොලවල ලියා ඇත. එහි පාරම්පරික අයිතිකරුවෝ මේවා කියවනු ලබති. දිවංගත ජනාධිපති ආර්. ප්‍රේමදාස මහතාද ලංකාවේ තවත් බොහෝ දෙනෙක්‌ද නාඩි වාක්‍ය මගින් තම ජීවිත පලාපල කියවා ඇති බව පැවසේ. මේ අනුව ප්‍රේමදාස මහතාට පසුව ලංකාවේ ජනාධිපතිවන්නේ “විජය” නම් කෙනෙකු බව කියා ඇති බවත් “විජය” නම් දැරූ විජය කුමාරතුංග, උපාලි විජයවර්ධන, විජය විමලරත්න මියගිය බවත් අන්තිමට විජයතුංග මහතා රාජ්‍ය නායකයා වූ බවත් කියනු ලැබේ.

“හරි පුදුම හිතෙනව මිස්‌ට ගම්ලත්. මගෙ නමම කීවනේ.

සමරවික්‍රම මහතා නාඩි වාක්‍ය ගැන මට පැහැදිලි කරදෙමින් සිටී.

“කොහොමද කීවේ”

“කොහොමද කියන්නෙ. ඒ ගොල්ලො ළඟ තියනව පුංචි පුස්‌කොල පොතක්‌. ඒකෙ තියන දේ බලාගෙන කියන්නේ. දැන් මගෙ නම සමරවික්‍රම උණාට මට පුංචි කාලේ කීව චූටි මහත්තය කියලා. ඒකත් කිව්වනේ.

“නෑ”

“ඒක නේන්නං මගෙ නම තාත්තගෙ නම, අම්මගෙ නම, කියනවා හරි පුදුමයි.”

නාඩි වාක්‍ය කියවූ අමාත්‍යංශයේ තවත් ලොකු ලොක්‌කන් කීපදෙනක්‌ ගැනද සමරවික්‍රම පැවැසීය.

“මේ කියන කතාව විය නොහැකිය. කොවුර් මහතා අභියෝග කරන්නේ උපන් වේලාව බලා ස්‌ත්‍රී පුරුෂ භාවය කියන ලෙසය. සමරවික්‍රම කියන්නේ නම් ගම් කියන බවකි. එක්‌කෝ සමරවික්‍රම කොයිතරම් උගතෙකු වූවත් රැවටී ඇත. මම නාඩි වාක්‍ය කරුවන් ගැන විවිධ ලෙසින් ප්‍රශ්ණ කළේ වංචාව කොතැනකදැයි බලාගැනීමටය. එහෙත් එක්‌වරම මොවුන් කරන වංචාව නොපෙනේ.

මවුපියන්ගේ නම් කියන්නේ කෙසේද? එවැනි නම් සහිත සටහනක්‌ ඔවුන් ලබාගන්නේ කෙසේද? මට එකවරම සිහිපත් වූයේ උප්පැන්න සහතිකයයි. සාස්‌තර ඇසීමට උපන් වේලාව දිය යුතුය. ස්‌ථානයද දිය යුතුය. එවිට අදාල දිස්‌ත්‍රික්‌කයේ කච්ෙච්රිය මගින් උප්පැන්න සහතිකය වහාම ලබාගන්නට පුළුවන. මවුපියන්ගේ නම්ද එහි තිබේ. මේ හැර වෙනත් ක්‍රමයක්‌ නැත. නාඩි ශාස්‌තර කියන අයට කච්ෙච්රියේ වැඩකරන ගෝලයන්ද සිටින්නට බැරිනැත.

උපාධි දෙක තුනක්‌ ලබා පරිණත වයසේ සිටින විධායක නිලධාරින් මෙවැනි කපටින්ට අසුවෙන්නේ මන්ද? මෙවැනි දේ කල්පනාකරමින් සිටි මමද නාඩි ශාස්‌ත්‍රයත් බලන්නට තීරණය කරමින් සමරවික්‍රම මහතාගෙන් පාර අසා ගතිමි.” ශ්‍රී කෞෂ අගස්‌ති නාඩි කාර්යාංශය – තමිල්නාඩු ඉන්දියාව” මේ වංචාව හෙළිකරන්නට මම තීරණය කළෙමි.

මම නාඩි කාර්යාංශය සොයා ගියෙමි. ලිපිනය අනුව ගිය නමුදු නාම පුවරුවක්‌ හමු නොවීය. මම පාරේ ඉහළට පහළට යමින් සිටින අතර විවෘතව තිබූ ගේට්‌ටුවකින් සැකයෙන් යුතුව ඇතුළු වුණෙමි. පඩිපෙළ මුල පාවහන් ගලවා තිබුණු නිසා පියගැටපෙළ දිගේ ඉහළට ගියෙමි.

මේසයක්‌ අසල වාඩිවී සිටි දෙදෙනකුගෙන් මම අදාල ස්‌ථානයට පැමිණි බවට සැකහැර දැනගතිමි. මීළඟට මගේ නමත්, උපන් දිස්‌ත්‍රික්‌කයත් විමසනු ඇත. ඉන්පසුව පැමිණිය යුතු වේලාව දෙනු ඇත. එවිට හොරා අතටම අසුවේ.

එහෙත් ඔවුන් මා බලාපොරොත්තු වූ ප්‍රශ්න ඇසුවේ නැත. මගේ උපන් දිනය හා වේලාව සටහන් කරගත් අතර මගේ දකුණු අතේ මහපටැඟිලි සලකුණ ලබාගත්තේය. පැය දෙකකට පසුව හමුවීමට දන්වන ලදී. නියමිත වේලාවට මා වායු සමීකරණය කරන ලද කුටියකට කැඳවාගත් අතර මා ඉදිරිපිට නාඩි වාක්‍ය කියවන්නාත් භාෂා පරිවර්තකයාත් සිටියහ.

අඟල් 10 තරම් දිග පත්ඉරු සහිත පුස්‌කොළ පොතක්‌ කියවනු ලැබිණි. පළමුවෙන් මගේ පරපුරේ විස්‌තර කියන බවත් ඒවා නිවැරදි දැයි පවසන ලෙසත් දන්වන ලදී. පිටු කිහිපයක්‌ පරීක්‍ෂා කරන ලදුව මගේ විස්‌තර සඳහන් පුස්‌කොළය හමුවිය. ඉන්පසුව කියවන ලද වාක්‍ය කැසට්‌ පටයක සටහන් කරවන ලදී.

ඔවුන් මුලින්ම මගේ උපන් දිනය වේලාව හා කේන්ද්‍ර සටහන ග්‍රහ පිහිටීම් හා නැකත කියවන ලදී. ඉතා වේගයෙන් ද්‍රවිඩ භාෂාවෙන් කියන දේ මට තේරුණේ නැත. පරිවර්තකයා මෙසේ ඇසුවේය.

මහත්තයගෙ නම සුනිල්?

ඔව්

ඔය මහත්තයගෙ තාත්තගෙ නම පුංචි බණ්‌ඩා

ඔව්

අම්මගෙ නම බණ්‌ඩාර මැණිකේ

ඔව්

සහෝදරියෝ නෑ. සහෝදරයෝ එක්‌කෙනෙක්‌ ඉන්නවා

ඔව්

එයා මේ ළඟදි විවාහයක්‌ වුණා

ඔව්

මේ වන විට මා තරමක්‌ අන්දමන්දව සිටි බව කිව යුතුය. මේ පොතේ මගේ විස්‌තර ලියා ඇත්තේ කවුද? ප්‍රහේලිකාවකි. නැවතත් පරිවර්තකයා කියයි.

මහත්තයගෙ නෝනගෙ නම නන්දා

ඔව්

එයා රැකියාව කරන්නේ වෛද්‍ය අංශයේ

නමුත් වෛද්‍යවරියක්‌ නොවෙයි”

හරි හරි

දරුවො තුන් දෙනෙක්‌ ඉන්නව

ඔව්

ඒ අය නැටුම් මියුසික්‌ වගේ කලාවට දක්‍ෂයි

ඔව්

මේ අහන මොහොතේ මවුපියන් ජීවතුන් අතර ඉන්නවා

ඔව්

නාඩි ශාස්‌ත්‍ර කියන්නා එකවරම නතර කළේය. ප්‍රශ්නය පරිවර්තනය කරන ලදී.

“මහත්තය රැකියාව කරන්නෙ පෙට්‌ට්‍රොලියම් කෝපරේෂන්ද?

නැහැ

නැද්ද?

නැහැ

එහෙනම් මොකේද

ග්‍රැයිට්‌ කෝපරේෂන්

ග්‍රැෆයට්‌ කියන්නෙ මොකක්‌ද?

නාඩි ශාස්‌ත්‍රය කියන්නේ මා පොළවට අයත් ඛනිජ වර්ගයක්‌ පිළිබඳ රැකියාවක නියෑලෙන බවයි. මා මිනිරන් සංස්‌ථාවේ සේවය කළෙමි. ඔවුහු එය අසා සිනාසුනාහ. එතැන් සිට මගේ ජීවිතයේ ඉදිරි කාලයේ සිදුවන වැදගත් සිදුවීම් කියවන ලදී. මේ සියල්ල පටිගත කර ඇති අතර නාඩි වාක්‍ය සියල්ල සම්පූර්ණ සත්‍ය බව කිව යුතුය.

මම නාඩි වාක්‍ය පත්ඉරු ඉල්ලාගෙන පරීක්‍ෂාකර බැලුවෙමි. ඒවා පුස්‌කොලවල දෙමළ අකුරින් ලියා ඇත. අකුරු මුතුඇටමෙන් පැහැදිලිය. අලංකාරය. පරිවර්තකයා වුවද මෙම භාෂාව කියවීමට නොදන්න බවත් එය () නමින් හඳුන්වන බවත් කීවේය.

එතැන් පටන් මම නාඩි වාක්‍ය පිළිබඳව සෙව්වෙමි. ලෝකයේ නාඩි වාක්‍ය වර්ග අටක්‌ ඇති බවත් ඒවා එකම තැනකදී සෘෂිවරුන් අටදෙනකු විසින් ලිවීම ආරම්භ කර ඇති බවත් කියනු ලැබේ. අනාගතයේදී පැමිණ පලාපල විමසන අයගේ පමණක්‌ මෙම වාක්‍ය ලියෑවී ඇති බවටද මතයකි. මහා පුරුෂ ලක්‍ෂණ එකක්‌ වත් ඇති අයගේ පමණක්‌ තොරතුරු නාඩි වාක්‍යවලට ඇතුළත් බව බලංගොඩ හාමුදුරුවන් කියා ඇත.

නාඩි වාක්‍ය ලියෑවී ඇති නාඩි ජ්‍යෙතිෂ්‍ය මහා රහසකි. ඒ රහස්‌ දන්නා අය මෙකල දුර්ලභය. උපන් වේලාවත් බලා ස්‌ත්‍රී පුරුෂ භාවය ගැන කීමට අභියෝග කරද්දී තමාගේ ස්‌ත්‍රීපුරුෂ භාවය නොව තම, මවුපියන්ගේ හා බිරිඳගේ නම කියනු අසා මම මවිත වීමි. මෙම මහා රහස්‌ ලෙස දැනට අතුරුදන්ව ඇති නාඩි ජ්‍යෙතිෂය ගැන පර්යේෂණ කිරීම වත්මන් පරපුරට භාර කරමු.

අපගේ සමච්චලයට බඳුන්වූ ඒ අතීත මහාසෘෂිවරුන්ට හිස නමා සමාව අයදිමු. – කෑගල්ලේ සුනිල් කුමාර ගම්ලත්

 

6 thoughts on “ලොව සෑම දෙනාගේම අනාගතය ලියවී ඇති නාඩි වාක්‍ය

  • November 21, 2016 at 9:57 pm
    Permalink

    I also went there in a sarcastic mindset & in full of doubt. They only needed the first letter of my name, time of birth & thumb print. Once they found the correct ole leave, it might as well reading my personal file!. They not only told my name but also my father’s & mother’s (they usually are not very common names!) among other things. There was no space for any deception.Most unbelievable thing happened in my life. It’s time someone did a in depth analysis to this amazing phenomenon.

    Reply
  • November 22, 2016 at 10:27 am
    Permalink

    Can I get the address of this place

    Reply
  • November 22, 2016 at 8:58 pm
    Permalink

    Thanks for the information. I’m also finding this place. Some body said in bambalapitiya or somewhere. Can you send me a address or contact details. My email address is Sampath.agro@gmail.com it was a great help. Thank you.

    Reply
  • November 23, 2016 at 3:59 am
    Permalink

    මම ශ්‍රීලංකාවේ මෙම නාඩි වාක්‍ය පවසන තැනට ගියෙමි. මගේ අැගිලි සලකුනු ලබාගෙන සති කිහිපයකට පසුව පැමිණෙන ලෙස මට දැන්වීය. ඉහත ලිපියේ සදහන් පරිදි මගේ මවගේ නම කීමෙන් අාරම්භ විය නමුත් අවාසනාවක මහත මගේ මවගේ නම කීමට පැය භාගයක්ම ගත විය. ඉන්පසු කියන ලද සියල්ලම මා හට සතුටු විය හැකිතරමි දේ නොවේ. මා හට ඔවුනට නිවරදිව තොරතුරැ පැවසීමට නොහැකි විය. ටේප් කරන ලද කැසටි පටය මා ලග අැත. අවශ්‍ය අයෙකුට අසා දැනගත හැක – බංඩාර 0033753382983

    Reply
  • November 23, 2016 at 9:02 pm
    Permalink

    Mamath ethenta 2parak giya.kiyapu nam gam siyalla hari.samahara dewal gana prashna thiyenawa.eth matath e gana wishwasayak thiyenawa.

    Reply
  • November 24, 2016 at 8:06 am
    Permalink

    Me too went there if u want to go i’ll give the 4n num.and my mail address if u want any further clarification i’ll help
    Contact Mr. Kaali his num.0755955422 and my mail is iruka.ishani03@gamil.com its a life time chance and don’t miss it.

    Reply

ඔබගේ අදහස අපට කියන්න

Close