වසර 13,000 ක් පැරණී බ්ලැක් නයිට් චන්ද්‍රිකාවේ හිමිකරු කවුද?

පෘථවි කක්ක්ෂයේ භ්‍රමනය ගමන් කරමින් පවතින බව කියන බ්ලැක් නයිට් චන්ද්‍රිකාව පිළිබද ඔබ අසා තිඛෙනවාද? මෙම චන්ද්‍රිකාවේ විශේෂත්වය වන්නේ එය වසර 14,000 ක් පැරණි එකක්වීම බවයි විද්‍යාඥයන් පවසන්නේ.
අනිවාර්‍යයෙන්ම එය විශ්වාස කිරීමට අපහසු කරුණක් වනු ඇති. එහෙත් එය තහවුරු කරමින් විද්‍යාඥයන් රැසක් හෙළිකර ඇති තොරතුරු පහතින් දක්වා තිඛේ.
මිනිසා පලමු වරට චන්ද්‍රිකාවක් කක්ෂගත කරන ලද්දේ 1960 වසරේදීයි. එහෙත් ලෝකයේ පලමුවරට මෙම බ්ලැක් නයිට් නමින් හැදින්වෙන චන්ද්‍රිකාව මගින් රේඩියෝ දත්ත ගැබී තිබුණේ 1899 වසරේදීයි.
ඒ නිකොලා ටෙස්ලා නම් පුද්ගලයකුවිසින්.
එහිදී ඔහු විසින් ග්‍රහණය කරගෙන තිබූ අධි වෝල්ටී්‍යතාවයෙන් යුතු ශබ්ද තරංග ගුවනින් ලැබී තිබුණද එම ශබ්ද බ්ලැක් නයිට් චන්ද්‍රිකාව මගින්ම නිකුත්වූ බව පසු කළෙකයි හදුනා ගැණුනේ.

1930 වසරේදී අභ්‍යාවකාශ කටයුතු සම්බන්ධ පරීක්ෂනවලදී රේඩියෝ තරංග ගුවනින් ලැබී තිබුණු අතර ඒවා බ්ලැක් නටිය් චන්ද්‍රිකාවෙන් ලද බව තහවුරු කර ගැණුනා.
ඒ සම්බන්ධයෙන් 1960 වසරේ මාර්තු 7 වනදා ටයිම්ස් සගරාව විසින් ලිපියක්ද සම්පාදනය කර තිබුණා.
1957 වසරේදී ගුවන් ගත කළ ස්පුට්නික් 1 යානය ආසන්නයෙන්ද මෙම චන්ද්‍රිකාව දිස්වූ බවයි වාර්තාවන්නේ.
එම වසරේදීම අමෙරිකාව හා රුසියාව නිවේදනය කළේ මෙය තමන් විසින් ගුවන් ගත කරන ලද්දක් නොවන බවයි.
1960 වසරේදී මිනිසාගේ පලමු චන්ද්‍රිකාව පෘථවිය වටා කක්ෂගත කෙරුණා.
එම වසරේදීම වාර්තාවක් ඉදිරිපත් කරමින් විද්‍යාඥයන් පැවසුවේ මෙය තොරතුරු රුස්කිරීමේ නිරත චන්ද්‍රිකාවක් බවයි.
1960 වසරේ සැප්තැමබ්ර් 3 වනදා මෙම විස්මිත චන්ද්‍රිකාව චන්ද්‍රිකා සම්බන්ධ රේඩාර් පථයට හසුව තිබුණා.
ඉන් පසු මෙම චන්ද්‍රිකාවේ දත්ත ග්‍රහණය වෙනුවෙන් විද්‍යාඥයන් කණ්ඩායමක් එක්ව කටයුතු කළ අතර ඉන් ලැබුණු දත්තවලින් කියවුණේ මෙම අබිරහස් වස්තුව වසර 13,000 ක් එපිට යුගයකට අයත් වන බවයි.එම පරීක්ෂණයේ අනෙක් දත්ත ලෝකයට හෙලිකෙරුණේ නැහැ.
කෙසේ වෙතත් 1954 වසරේදී නිකුත්වූ පුවත්පත් වාර්තාවකින් කියවුණේ අමෙරිකාව මෙය ලෝකයට රහසින් ඔත්තු බැලීමට භාවිතා කරන්නක් බවයි. එහෙත් ඒ වන විටත් ලෝකයට චන්ද්‍රිකා පිලිබද මතය පවා ඉදිරිපත්ව තිබුණේ නැහැ.

මේ අබිරහස් චන්ද්‍රිකාව පිළිබද වාර්තාවූ ලිපි 2ක්

ඔබගේ අදහස අපට කියන්න

Close