සිත සම්බන්ධ මොළයේ අංශය සොයාගත් බව විද්‍යාඥයන් කියයි

මිනිස් සිරුරේ සිතුවිලි ඇති කිරීමට සම්බන්ධ වන මොලයේ අංශය සම්බන්ධයෙන් ඉගියක් ලබා ගැනීමට සමත්වූ බව හාවඩ් සරසවියේ විද්‍යාඥයන් කණ්ඩායමක් නිවේදනය කර තිඛෙනවා.
ඔවුන් පෙන්වා දෙන්නේ මෙය අතිශය සංකීරණ පරීක්ෂනයකින් ලද ඉතා සුලු ප්‍රගතියක් පමණක් බවයි.
ඒ අනුව මිනිස් සිතේ සිතුවිලි හටගන්නා අවස්ථාවේදී මොලයේ ඊට අදාළව සක්‍රීය වන කොටස මෙසේ හදුනාගනු ලැබ තිඛෙනවා.
එහෙත් එම කොටසේ කවර අංගය සිතුවිලි ඇතිවීමට සෘජුව බලපාන්නේදැයි සොයා ගැනීමට තවත් කලක් ගතවනු ඇති බවයි විද්‍යාඥයන් පවසන්නේ.
මෙම පරීක්ෂනයේදී නවීන තාක්ෂනය මගින් විමර්ෂණ ගණනාවක් සිදුකර ඇති අතර මිනිසුන් විශාල ප්‍රමාණයක් පර්යේෂණයට දායක කරගෙන තිබුණා.
බාහිර සාධක සම්බන්ධ සිතුවිලි හා අභ්‍යන්තර සිතුවිලි සම්බන්ධයෙන් ක්‍රියාත්මක වන කොටස් දෙකක් මොළයේ පවතින බවයි මෙහිදී හෙළිකර ඇත්තේ.
කෙසේ වෙතත් මෙය අතිශය අසීරු පරීක්ෂනයක් බවද ඔවුන් අවධාරණය කර තිඛෙනවා.

conciousness human brain

ඔබගේ අදහස අපට කියන්න

Close