අනාගතයේ පණ දෙන්න මිය ගිය සිරුරු තැන්පත් කිරීම නිශ්ඵල බව විද්‍යාඥයන් කියයි

අනාගතයේදී මරණයෙන් අවදීවීමේ අපේක්ෂාවෙන් මිය ගිය පුද්ගලයින්ගේ සිරුරු අධි ශීතකරණවල තැන්පත් කිිරීම ඵල රහිත ක්‍රියාවක් බව විද්‍යාඥයන් පිරිසක් ප්‍රකාශ කර තිඛෙනවා.
ඔවුන් පෙන්වා දෙන්නේ එවන් පුද්ගලයින්ගේ ජාන අනාගතයේදී පරීක්ෂා කර භාවිතායට ගත හැකි වුවද මළ පුද්ගලයකුට ජීවය ලබාදීම සිදුකළ නොහැකි බවයි.
පිළිකා රෝගයෙන් මිය ගිය බ්‍රිතාන්‍ය දැරියක සිය සිරුර අනාගතයේ ජීවය ලැබීමේ අරමුණින් අධි ශීත භාවයෙන් තැන්පත් කරන්නැයි සිදුකළ ඉල්ලීමකට එරට අධිකරණය පසුගියදා අවසර ලබාදුන්නා.
ඒ අනුව අදාළ සිරුර මේ වන විට අමෙරිකාවේ අධි ශීත කුටියක තැන්පත් කර තිඛෙනවා.
මේ පිලිබද අදහස් දක්වන විද්‍යාඥයන් කණ්ඩායමක් පවසන්නේ මෙය මිනිසුන්ට පළ රහිත අපේක්ෂා ලබාදීමක් බවයි.
පූර්ණ වශයෙන් මිය ගිය තැනැත්තකුට යළි ජීවය ලබාදීමේ හැකියාව පිළිබද පහසුවෙන් අපේක්ෂා තැබිය නොහැකි බවද ඔවුන් පෙන්වා දෙනවා.
ලෝකයේ පලමුවරට මෙසේ අධි ශීත පරිසරයක යළි ජීවය ලැබීමේ අරමුණින් සිය සිරුර තැන්පත් කර ඇත්තේ රොබර්ට් එටින්ගර් නැමැත්තායි.
ඔහු සහ බිරියන් දෙනොගේ සිරුරු එසේ තැන්පත් කර තිබුණා.
මේ වන විට එසේ යළි ජීවය ලබාදීමේ අරමුණින් තැන්පත් කර ඇති සිරුරු ගනන 143ක්.
විද්‍යාඥයන් පෙන්වා දෙන පරිදි මෙය පල රහිත ක්‍රියාවක් බව තහවුරු කිරීමට ඔවුන් ඔවුන් උදාහරණයක්ද දක්වා තිඛෙනවා.
ඒ වසර මිලියන ගණනකට පෙර මිය ගිය මැමත් හස්තින්ගේ දේහයන් නිරුපද්‍රිතව අයිස් තට්ටු යට තිබී හමුවීමයි. ඒවාට යළි ජීවය ලබා දින නොහැකි අතර ඒවායේ ඩී එන් ඒ භාවිතා කරමින් මැමත් යළි ඉපදවීමට විද්‍යාඥයන් පර්යේෂණ කරනවා.

ඔබගේ අදහස අපට කියන්න

Close