කරුණා පාර්ශවයට ගිනි අවි දී රවිරාජ් මැරූ හැටි හෙළිවෙයි

පාර්ලිමේන්තු මන්ත්‍රී නඩරාජා රවිරාජ් මහතා ඝාතන සිද්ධිය සම්බන්ධ නඩු විභාගයේදී අද ඊට අදාළ තොරතුරු රැසක් අනාවරණ වුණා.
එම නඩු විභාගයේදී මහාධිකරණ විනිසුරු මනිලාල් ප්‍රනාන්දු මහතා සහ රජයේ අධිනීතීඥවරයා ජූරිය වෙනුවෙන් සිය දේශන ඉදිරිපත් කර තිබෙනවා.
මෙහිදී අනාවරණ වී ඇත්තේ සිද්ධියට අදාල රජයේ සාක්ෂිකරු වන තැනැත්තා පසුගිය රජය සමයේ ජනාධිපති ආරක්ෂක අංශයේ රියදුරකු ලෙස කටයුතු කර ඇති බවයි.
ඔහු මෙම ඝාතනය අවස්ථාවේ ඝාතනය සිදුකළ පුද්ගලයා යතුරු පැදියක නංවාගෙන එම ස්ථානයෙන් පළාගිය තැනැත්තා බව හෙිලකර තිබෙනවා.
කෙසේ වෙතත් ඔහු මේ වන විට රජය පාර්ශවයේ සාක්ෂිකරුවකු ලෙසයි ඉදිරිපත්ව සිටින්නේ.
මෙම සිද්ධියට අදාළව චෝදනා ලැබ සිටින 6 දෙනා අතරින් 3න් දෙනකු නාවික හමුදාවේ බුද්ධි අංශ සාමාජිකයින් වන අතර දෙදනකු එල් ටී ටී ඊ සංවිධානයේ කරුණා පාර්ශවයේ සාමාජිකයින් බවයි හෙළිව ඇත්තේ.
වෙඩි තැබීමට භාවිතා කළ ගිනි අවිය යුධ හමුදාවට අයත් ගිනි අවියක් වන අතර එය නිකුත් කර ඇත්තේ ගිරිතලේ යුධ හමුදා කදවුරෙන් බවද මෙහිදී හෙළිව තිබෙනවා.
එම කදවුරෙන් එල්ල ටී ටී ඊ යේ කරුනා පාර්ශවයට ගිනි අවි 150ක් භාවිතා කර ඇති බවද වැඩිදරටත් අනාවරණ කර තිබෙනවා.

ඔබගේ අදහස අපට කියන්න

Close