චීනයේ වාහන 56ක් එකිනෙක ගැටී 17 ක් මරුට

චීනයේ ෂැන්ෂි ප්‍රාන්තයේ අධිවේගී මාර්ගයකදී බිහිසුණු රිය අනතුරක් සිදුව තිබෙනවා.
ෂිංහුවා පුවත් සේවය වාර්තා කළේ විවිධ වර්ගයේ වාහන 56ක් මෙහිදී එකිනක ගැටී ඇති බවයි. අනතුරෙන් පුද්ගලයින් 17 දෙනකු මරණයට පත්ව ඇති බවද අදාළ වාර්තා අනාවරණ කළා.
තුවාල ලබා ඇති ගණන 36 ක්.
අයහපත් කාලගුණය සමග එක්වරම ඝන මීදුමකින් අධිවේගී මාර්ගය වැසී යාමයි මෙම අනතුරට හේතුවී ඇත්තේ.
චීනය ලෝකයේ වැඩිම රිය අනතුරු වාර්තාවන රාජ්‍යයක් වන අතර ඉකුත් වසරේදී පමණක් පුද්ගලයින් 230,000 ක් රිය අනතුරුවවින් මිය ගොස් තිබුණා.

ඔබගේ අදහස අපට කියන්න

Close