ජාතිවාදී ප්‍රකාශ සිදුකරන්නන් සොයන්න විශේෂ පොලිස් ඒකකයක්

ආගමික සහ ජාතික සංහිඳියාවට බාධා වන අන්දමේ වෛරී ප්‍රකාශ නිකුත් කරන පුද්ගලයින් සම්බන්ධ කටයුතු කිරීමට පොලිස්‌ මූලස්‌ථානයේ විශේෂ පොලිස්‌ ඒකකයක්‌ පිහිටුවා තිඛෙනවා.
ඒ ඊයේ දිනයේ සිට ක්‍රියාත්මක වන පරිදියි.

මහජන කැළඹීම් ඇති කරන පුද්ගලයන් සම්බන්ධයෙන් විමර්ශන පැවැත්වීම සඳහා නියෝජ්‍ය පොලිස්‌පතිවරයකුගේ ප්‍රධානත්වයෙන් යුතුව මෙම ඒකකය ක්‍රියාත්මක වනවා.

ආගම්වලට ජාතීන්වලට අගෞරව කරන පරිභව කරන ආගම් මුල් කරගෙන මහජන කැළඹීම් ඇති කරන පුද්ගලයන් පිළිබඳව විමර්ශන පැවැත්වීම මේ වනවිට ආරම්භ කර ඇති බව ද එවැනි ප්‍රකාශ නිකුත් කරන පුද්ගලයන් තරාතිරම නොබලා අත්අඩංගුවට ගැනීමට කටයුතු කරන බවද පොලිස්‌ මූලස්‌ථානය නිවේදනය කළා.

ආගම් සහ ජාතීන් අතර ගැටුම් ඇති කර ජාතිවාදී කලබල ඇති කිරීම සඳහා සංවිධානාත්මක කණ්‌ඩායම් උත්සාහ කරමින් සිටින බවට ලැබී ඇති තොරතුරු මත මෙම විශේෂ පොලිස්‌ ඒකකය පිහිටුවා තිඛෙනවා.

W3Schools

ඔබගේ අදහස අපට කියන්න

Close