භූ කම්පනයෙන් පසු ජපානයට අඩි 5ක සුනාමි තත්ත්වයක්

ජපානයේ ෆුකුෂිමා නගරය ආසන්නයේ හටගත් ඒකක 7 යි දශම 4 ක භූ කම්පනයෙන් පසු එරටට සුනාමි තත්ත්වයක් බලපා තිඛෙනවා. විදෙස් වාර්තා සදහන් කළේ ෆුකුෂිමා නගරය ආශ්‍රීතව අඩි 4 දශම 6ක උසින් යුතු සුනාමි රළ පහරක් වාර්තා වූ බවයි.
ඒ හේතුවෙන් වසා දමා ඇති ෆුකුෂිමා න්‍යෂ්ඨික බලාගාරයද ගැටලුවකට ලක්ව තිඛෙනවා.
අද පෙරවරුවේ මෙම භූ කම්පනය හටගත් අවස්ථාවේදී වහාම සුනාමි අනතුරු ඇගවීමක් නිකුත් කෙරුණා.
ඒ ජපානයේ නැගෙනහිර වෙරළ තීරයටයි.
එම කලාපයේ ජනතාව වහාම ප්‍රදේශයෙන් ඉවත් කිරීමෙන් පසුවයි මෙම සුනාමි තත්ත්වය හටගත්තේ.
කෙසේ වෙතත් මේ වන විට සුනාමි අවධානම සම්පූර්ණයෙන්ම පහව ගොස් තිඛෙනවා.
දැනට ලැබී ඇති වාර්තා පවසන්නේ සුනාමි තත්ත්වය හේතුවෙන් පුද්ගලයින් 2නකු තුවාල ලබා ඇති බවයි.
2011 වසරේ ජපානයේ මහා භූ කම්පනයක් හටගත් කලාපයේමයි මෙම භූ කම්පනය හටගෙන ඇත්තේ.
එහිදී 18000 ක් මරණයට පත්වූ අතර තවත් පිරිසක් අතුරුදන් වුණා.
අවතැන්වූ සංඛ්‍යාව ලක්ෂයකට අධිකයි.
ජපානය වාර්ෂිතව ඒකක 7 ඉක්මවූ භූ කම්පනයකට මුහුණදීම සාමාන්‍ය තත්ත්වයක්.ඒ හේතුවෙන් එරටට නිරන්තරයෙන්ම සුනාමි අවධානම්ද එල්ලවනවා.

blob:http://www.mirror.co.uk/a9aefdea-3fc2-426e-8b8f-ce162742b2c1

An aerial photo showing Fukushima Dai-ichi nuclear power plant in Okuma today.

ඔබගේ අදහස අපට කියන්න

Close