මට්ටක්කුලියේ වැටලීමකින් ආයුධ සමග 20ක් කොටුවේ

මට්ටක්කුලිය සමිත්පුර ප්‍රදේශයේදී සිදුකළ හදිසි වැටලීමකින් සැකකරුවන් 20 දෙනකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. මට්ටක්කුලිය පොලිසිය හා පොලිස් විශේෂ කාර්යබලකායයි මෙම වැටලීම සිදුකර තිබුණේ.
සැකකරුවන් භාරයේ තිබී කඩු වැනි තියුනු ආයුධ රැසක් සොයාගෙන තිබෙනවා.
කිසියම් අපරාධයක් වෙනුවෙන් ඒවා රැස්කර තැබුවේදැයි සොයා පරීක්ෂන ක්‍රියාත්මක වනවා. පසුගියදා වෙඩි තැබීමකින් පුද්ගලයින් 5 දෙනකුද මරණයට පත් වුණේ මෙම ප්‍රදේශයේදීයි.
මේ ඒ සම්බන්ධයෙන් ටී වී වන් ආයතනය පල කළ ප්‍රවෘත්තියක්.

ඔබගේ අදහස අපට කියන්න

Close