වදුරෙක් නිසා ලිබියාවේ යුද්ධයක් / 20 ක් මරුට / 50 කට තුවාල

ලිබියාවේ වඳුරකු විසින් දැරියක් සපාකෑම මුල් කර ගනිමින් ආරම්භ වූ මත ගැටුමක් මේ වන විට යුද්ධයක් දක්වා වර්ධනය වී තිඛෙනවා. දකුණු ලිබියාවේ සබා නගරයේ හටගෙන ඇති මෙම ගැටුම් හේතුවෙන් මේ වන විට 20 දෙනකු මරණයට පත්ව ඇති අතර තුවාල ලබා ඇති ගණන 50ක්.
සුරතල් වඳුරකු පාසල් දැරියක සපා කෑමේ සිදුවීමක් සම්බන්ධයෙන් කෝප වූ දැරියගේ ඥාතීන් වඳුරා ඇති කළ පවුලේ සාමාජිකයන්ගෙන් පළි ගැනීමට ගත් උත්සාහයේදී හටගත් ගැටුම දුර දිග යාමෙන් මෙම යුද්ධය හට ගත්තා.

එහිදී සිද්ධියට මුල්වූ වදුරා සහ තරුණයන් තිදෙනෙකු මරණයට පත්ව තිඛෙනවා.
අනතුරුව හටගත් ආරවුල මේ වන විට ලිබියාවේ අව්ලාද් සුලෙයිමාන් සහ ගුවේඩඩ්ෆා ගෝත්‍ර දෙක අතර ගැටුමක් බවටයි පත්ව ඇත්තේ.
දැනට මිය ගොස් ඇති පිරිස පිළිබද තොරතුරු ලැබී ඇත්තේ අව්ලාද් සුලෙයිමාන් ගෝත්‍රයට අයත් පුද්ගලයන්ගේ මරණ සංඛ්‍යාව පමණක්වන බැවින් ගැටුමෙන් මියගොස් ඇති සංඛ්‍යාව විස්සකට වඩා ඉහළ අගයක් ගැනීමේ ඉඩකඩ පවතින බවයි පැවසෙන්නේ.
මේ වන විට ගැටුමට රොකට්ල යුද ටැංකි සහ බර අවි යොදා ගැනෙමින් පවතිනවා.
වඳුරා විසින් පාසල් දැරියගේ හිජාබය ගැලවීමට උත්සාහ දරා ඇති අතර ඇගේ හිස සහ මුහුණ නිය පහරින් සූරා සපා කනු ලැබීමේ සිදුවීම මේවන විට ලිබියාවේ ප්‍රධාන ගෝත්‍ර දෙකක් අතර සන්නද්ධ අරගලයක් බවට පරිවර්තනය වී ඇති බව ටයිම්ස් වෙබ් අඩවිය වාර්තා කළා.

වඳුරෙක් කළ හදියක්
සුරතල් වඳුරාගේ හිමිකරුවන් සහ සිදුවීමෙන් මියගිය තරුණයන් තිදෙනා ගුවේඩඩ්ෆා ගෝත්‍රයට අයත් අතර ලිබියාවේ හිටපු නායක මුවම්මර් ගඩාෆි අයත් වන්නේද ගුවේඩඩ්ෆා ජන සමූහයටයිග
වසර ගණනාවක් මුළුල්ලේ අව්ලාද් සුලෙයිමාන් සහ ගුවේඩඩ්ෆා ජන කොටස් දෙක අතර ඉතා දුරස්ථ සම්බන්ධතාවක් පැවතෙන අතර 2011 මුවම්මර් ගඩාෆි බලයෙන් නෙරපා හැරීමත් සමග ලිබියාවේ පවතින්නේ බෙදුම්වාදී ගැටුම්කාර වාතාවරණයක්.

ඔබගේ අදහස අපට කියන්න

Close