වැඩ නොදී මට කෝටි 20 ක පඩි ගෙවනවා / ලාංකිකයකුගෙන් පැමිණිල්ලක්

අමෙරිකාවේ නිව් යෝර්ක් සරසවියෙන් තමන්ට වැටුප් ලබා දුන්නද තමන්ට කිසිදු රාජකාරියක් පවරා නැතැයි එහි කාර්ය මණ්ඩලයේ සේවය කරන ශ්‍රී ලාංකිකයකු පැමිණිල්ලක් ඉදිරිපත් කර තිඛෙනවා.
නිව් ඉන්දියන් එක්ස්ප්‍රස් පුවත් සේවය වාර්තා කළේ හැරල්ඩ් සිරිසේන නැමැත්තකු විසින් මෙම පැමිණිල්ල කර ඇති බවයි.
කොලොබ්මියා සරසවියේ ආචාර්්‍ය උපාධිදාරියකු වන ඔහු 1999 වසරේ සිට නිව් යෝර්ක සරසවියට එක්ව තිබුණා.
2003 වසරේ සිට මේ දක්වා තමන්ට වැටුප් ලබාදුන්නද කිසිදු රාජකාරියක් නොපැවරීම හේතුවෙන් තමන් ගීත අතමින් ක්‍රිකට් තරග නරඹමින් කාලය ගත කරන බවයි සිරිසේන මහතා පවසා ඇත්තේ.
ඔහුට වාර්ෂිකව නිව් යෝර්ක් සරසවියෙන් ලබාදෙන වැටුප ඩොලර් ලක්ෂයක්.
එය මෙරට මුදලින් රුපියල් එක් කෝටි පනස් ලක්ෂයකට ආසන්නයි. ඒ අනුව වසර 13ක් පුරා රුපියල් කෝටි 20 ක වැටුපක් ඔහුට ගෙවා තිඛෙනවා.
එහෙත් තමන්ට කිසිදු රාජකාරියක් නොපැවරීම කණගාටුදායක බවයි ඔහු පැමිණිලි කර ඇත්තේ.

W3Schools

4 thoughts on “වැඩ නොදී මට කෝටි 20 ක පඩි ගෙවනවා / ලාංකිකයකුගෙන් පැමිණිල්ලක්

  • November 23, 2016 at 2:27 pm
    Permalink

    උබ නම් හැබැ වාසනාවන්තයෙක්

    Reply
  • November 23, 2016 at 10:09 pm
    Permalink

    මෙහෙත් ඔහොමමයි වෙන්සකට තියෙන්නේ අපේ අය පැමිනිලි කරන්ඩ යන් නෑ

    Reply
  • November 23, 2016 at 11:16 pm
    Permalink

    මිනිහෙක්

    Reply
  • November 24, 2016 at 4:48 am
    Permalink

    You are very lucky sir.but why you want to complain?

    Reply

ඔබගේ අදහස අපට කියන්න

Close