මහින්දට නිදහස් පක්ෂ සභාපති ධූරය ඉල්ලයි

හිටපු ජනාධිපකි මහින්ද රාජපක්ෂ මහතා ශ්‍රී ලංකා නිදහස් පක්ෂ සභාපති ලෙස යළි පත් කරන්නැයි ඉල්ලමින් කොලඹ දිසා අධිකරණය හමුවට පෙත්සමක් ඉදිරිපත් කර තිබෙනවා.
ඒ බොරලැස්ගමුවේ කේ.ඩී.අරුණ ප්‍රියශාන්ත හා මත්තේගොඩ අසංක නන්දන ශ්‍රිනාත් යන මහත්වරුන් විසින්.
එමපෙත්සම කොළඹ දිසා විනිසුරු යු.එන්.වී. ගුණවර්ධන මහතා ඉදිරියේ ලබන 14 වැනි දා විභාගයට ගැනීමට තීරණය කර තිබෙනවා.
මෙම පෙත්සමේ වගඋත්තරකරුවන් ලෙස නම් කර ඇත්තේ නිදහස් පක්ෂ මහලේකම් දුමින්ද දිසානායක මහතා හා මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය මහතායි.
පක්ෂයට සභාපතිවරයකු පත් කරන්නැයි ඡන්ද කොමිසමට ලිපියක් යවමින් පක්ෂ ලේකම් වරදක් කර ඇති බවත් එය නිවැරදි කළ යුතු බවත් පෙත්සම්කරුවන් පෙන්වා දී තිබෙනවා.
ශ්‍රීලනිප සභාපතිවරයා ලෙස ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා කටයුතු කරමින් සිටිනවා. මහින්ද රාජපක්ෂ මහතා එහි අනුශාසකවරයකු ලෙසයි නම් කර ඇත්තේ.
කෙසේ වෙතත් නිදහස් පක්ෂයේ ව්‍යවස්තාවට අනුව ජනාධිපති ධූරයට පත්වන තැනැත්තා එහි සභාපතිවරයා ලෙසනිතරගයෙන්ම පත්වනු ලබනවා.

ඔබගේ අදහස අපට කියන්න

Close