ශක්තිමත් සහයකයා මුණ ගැහෙන්න මහින්ද චීනයට

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා අද සංචාරයක් සදහා චීනය බලා පිටත්ව යනවා.  චීන රජයෙන් ලැබුණු ආරාධනාවක් අනුව චීනය බලා පිටත් වූ හිටපු ජනාධිපතිවරයා දෙසැම්බර් 01 දක්වා චීනයේ සිටින අතර, එහිදී චීන රජයේ ප්‍රධානීන් රැසක් හමුවීමට නියමිතයි.
මෙම සංචාරයට පාර්ලිමේන්තු මන්ත්‍රී ලොහාන් රත්වත්ත හා හිටපු විදේශ අමාත්‍ය මහාචාර්ය ජී.එල්. පීරිස් සහ හිටපු ජනපති පුද්ගලික ‍ලේකම් උදිත් ලොකුබණ්ඩාර යන මහත්වරුද සහභාගි වනු ඇති.
හිටපු ජනාධිපතිවරයා ඇතුළු පිරිස ගුආන් හා බිජිර නගරවල නවාතැන් ගැනීමට නියමිත අතර ඔෆෝ පන්සල, විවිධ නිදහස් වෙළෙඳ කලාප සහ ශෙන්ෂිං නගරයේ සංචාරයන්ද සැලසුම් කර තිඛෙනවා.
හිටපු ජනාධිපතිවරයා හේතුවෙන් ගුආන්ගු ප්‍රාදේශීය ආණ්ඩුවේ ප්‍රධානීන් හා ශෙන්ෂිං නාගරික ප්‍රධානීන් විශේෂ වැඩසටහනක්ද සංවිධානය කර ඇති බවටයි තොරතුරු වාර්තාවන්නේ.

ඔබගේ අදහස අපට කියන්න

Close