සෞන්දර්ය සරසවියේ කුලපති ධූරය සනත් නන්දසිරිට

සෞන්දර්ය කලා විශ්වවිද්‍යාලයේ නව කුලපතිවරයා ලෙස විශාරද සංගීත් නිපුන් සනත් නන්දසිරි මහතා පත් කර තිබෙනවා.
අද පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේදී ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අතින් ඔහු සිය පත්වීම් ලිපිය ලබා ගත්තා.
මීට පෙර සෞන්දර්යය විශ්ව විද්‍යාලයේ කුලපතිවරයා ලෙස කටයුතු කළේ හෙළයේ මහා ගාන්ධර්වයා වූ පණ්ඩිත් ඩබ්ලිව් ඩී අමරදේව මහතායි.

web01-(1) wev02

ඔබගේ අදහස අපට කියන්න

Close