හිසකට සිරුරක් බද්ධ කිරීමට යන විස්මිත සැත්කම ලගදීම

පුද්ගලයකුගේ සිරුරේ කැපී වෙන්වූ කොටස් බද්ධ කිරීම ගැන ඔබ අසා ඇති. නොඑසේනම් අන් අයකුගෙන් ලබාගත් වකුගඩුවක් / ඇසක් ආදිය බද්ධ කිරීම පිළිබද ඔබ අසා ඇති. එහෙත් පුද්ගලයකුගේ හිසට තවත් පුද්ගලයකුගේ සිරුරක් බද්ධ කිරීම ගැන ඔබ අසා තිබුණාද ?
ඒ වෙනුවෙන්ම සිදුකරන ලොව වඩාත් අවධානම් ශල්‍යකර්මය සදහා වෛද්‍යවරුන් කණ්ඩායමක් මේ වන විට සූදානමින් සිටිනවා.
මෙහිදී තමන්ගේ ආබාධිත සිරුර වෙනුවට නව සිරුරක් ලබා ගැනීමේ අවදානමට එකගවී සිටින්නේ රුසියානු ජාතිකයෙක්. ඔහු නමින් වැලරි ස්පිරිඩනෝව්. ඔහු උපතින්ම අබාධිත තත්ත්වයකින් පසුවීම හේතුවෙන් ජීවිතය ගත කරන්නේ රෝද පුටුවකයි.


මෙම ශල්‍යකර්මය සාර්ථක වුවහොත් ඔහුට මොලය පමණක් මිය ගොස් ඇති පුද්ගලයකුගේ සිරුරක් තමන්ට බද්ධ කර ගනිමින් සාමාන්‍ය ජීවිතයක් ගත කළ හැකි වනු ඇති.
එහෙත් මෙම ශළ්‍යකර්මය සියයට 1000ක අවධානමකින් යුක්ත වනවා. එය අසාර්ථක වුවහොත් මෙම තැනැත්තාට වැලද ගැනීමට සිදුවන්නේ මරණයයි.

මේ සම්බන්ධයෙන් අදහස් දක්වන ත.වත් වෛද්‍ය කණ්ඩායමක් පවසන්නේ මෙය කිසිසේත්ම සාර්ථක නොවන්නක් බවයි.
මෙවන් අවධානමක් ගැනීමෙන් ජීවිතයක් විනාශ විය හැකි බවයි ඔවුන් පෙන්වා දෙන්නේ.
කෙසේ වෙතත් ලන්ඩන් වෛද්‍ය කණ්ඩායම මෙම ශල්‍යකර්මය සදහා මේ වන විට සූදානමින් පසුවනවා.
ඔවුන් විශ්වාස කරනු ලබන්නේ ජයග්‍රහණය පමණයි.
යම් හෙයකින් මෙය සාර්ථක වුවහොත් ලොව පුරා ආබාධිත ජනතාවට එය නව බලාපොරොත්තුවක් ඇති කරනු ඇති.

ඔබගේ අදහස අපට කියන්න

Close