අනුර සේනානායක සුදු වෑන් සිද්ධියක සාක්ෂි සගවලා

සුදු වෑන් මගින් සිදුකරන ලද පැහැර ගැනීම් පිළිබද සාක්ෂි වසන් කිරීම සදහාද හිටපු ජ්‍යෙෂ්ට නියෝජ්‍ය පොලිස්පති අනුර සේනානායක මහතා කටයුතු කර ඇති බවට තොරතුරු හෙළිවෙමින් පවතිනවා.
මේ බව ප්‍රකාශ වුණේ දෙමටගොඩ ප්‍රදේශයේදී තරුණයන් දෙදනකු පැහැරගෙන ගොස් අතුරුදන් කිරීම සම්බන්ධ නඩු විභාගය අද යළි දැකවූ අවස්ථාවේදීයි.
2008 වසරේදී මෙම පැහැර ගැනීම සිදුකර තිබුණා.
සිද්ධියට අදාළ සාක්ෂි වසන් කිරීමට පියවර ගත් බව කියන අනුර සේනානායක මහතාගෙන් ප්‍රකාශයක් ලබාගන්නා ලෙසයි මෙහිදී කොලඹ අතිරේක මහේස්ත්‍රාත්වරයා නියෝග කළේ.
නාවික හමුදා නිලධාරීන් කණ්ඩායමක් විසිනස් මෙම පැහැර ගැනීම සිදුකර ඇකති බවට තොරතුරු ලැබී තිබෙනවා.
ඊට අදාළ පරීක්ෂන සදහා වන ලේඛන ලබා දෙන්නැයි නාවික හමුදාපතිවරයාගෙන් කළ ඉල්ලීමට යහපත් ප්‍රතිචාර ලැබී නොමැති බවද අද අධිකරණය හමුවේ සදහන් වුණා.
ඒ අනුව ලබන 30 වනදාට පෙර එම වාර්තා ලබා දෙන ලෙසයි නාවික හමුදාපතිවරයාට නියෝග කෙරුණේ.
මෙම සිද්ධියේ සාක්ෂි වසන් කිරිීමේ චෝදනා ලැබ සිටින අනුර සේනානායක මහතා වසීම් තාජුඩීන් ඝාතන සිද්ධියේ සාක්ෂි වසන් කිරීමේ චෝදනා මත රක්ෂිත බන්ධනාගාර ගත කර සිටිනවා.

ඔබගේ අදහස අපට කියන්න

Close