කොකේන් ගෙන්වූ සීනි ව්‍යාපාරිකයාගෙන් ප්‍රශ්න කෙරේ

කොකේන් සමඟ සීනි ආනයනය කළ පිටකොටුවේ ව්‍යාපාරිකයා මේ වන විට රඳවාගෙන ප‍්‍රශ්න කරමින් පවතිනවා. සිද්ධියට සම්බන්ධ බවට සැකකෙරෙන ඔහුගේ වාප්පු ලිපිකරුගෙන් ද ප‍්‍රශ්න කෙරෙන බවයි රේගු බලධාරීන් සදහන් කළේ.ඔරුගොඩවත්ත රේගු අංගනයේ රදවා තිබූ සැක සහිත සීනි කන්ටේනර් 19 ක් පරීක්ෂා කිරීම පසුගියදා ආරම්භ කෙරුණා. ඉන් එකක්  තුල සගවා තිබියදීයි කොකේන් කිලෝග‍්‍රෑම් 200 ක ප්‍රමාණය අත්අඩංගුවට ගැණුනේ. ඒවා කිලෝග‍්‍රෑම් 25  ඇසුරුම් ලෙස අසුරා තිබූ බවයි පරීක්ෂණ වලින් භෙලිවුණේග කෙකේන් තොගයේ වටිනාකම රුපියල් කෝටි 200 ක්.මෙය මෙරටදී අත්අඩංගුවට පත්වූ විශාලතම කොකේන් තොගයයි.

 

ඔබගේ අදහස අපට කියන්න

Close