රොබෝ නවකතාකරු එළිදකියි

මිනිස් මොලයට සමාන නියුරෝන අඩංගු වඩාත් දියුණු ලේඛක රොබෝවක් නිර්මාණය කිරීමට විද්‍යාඥයන් සමත්ව තිඛෙනවා.
කැලිෆෝර්නියාවේ පැවැති අනාගත තාක්ෂණය සම්බන්ධ වැඩසටහනකදීයි මේ බව අනාවරණ කෙරුණේ.
ලේඛකයකු මෙන්ම තාක්ෂණවේදියකු වන රොබින් ස්ලෝආන් විසින් නිපදවා ඇති මෙම රොබෝ යන්ත්‍රය තවත් පිරිසක් විසින් වැඩිදියුණු කරමින් පවතිනවා.
මෙම රොබෝ යන්ත්‍රය අල් නමින් නම් කර ඇති අතර එයට පැය 24 පුරාම කිසිදු බාධාවකින් තොරව ග්‍රන්ථ රචනා කිරීමේ හැකියාව හිමියි.
මේ වන විට අදාළ රොබෝ යන්ත්‍රය විසින් විද්‍යා ප්‍රබන්ධ නවකතාවක් රචනා කරන බව පැවසෙන අතර එහි ජේදයක් පහතින් දැක්වෙනවා.

Robin Sloan created an AI he taught to write a dystopian science fiction novel using a back catalogue of old science-fiction magazines from the 1960s and 70s

මෙම විද්‍යාඥයා විසින් පලමුවරට ලේඛක රොබෝවක් නිර්මාණය කර තිබුණේ 1960 හා 1970 අතර කාලයේදීයි.
මේ වන විට එම රොබෝ යන්ත්‍රය වඩාත් දියුණු කර තිඛෙනවා.
මේ අනුව ඉදිරියේ ලෝකයේ බිහිවන විශිෂ්ට නවකතාවල හිමිකරුවන් විය හැක්කේ මිනිසුන්ට වඩා කෘතිම බුද්ධියෙන් යුතු රොබෝවන් බවටයි මත ඉදිරිපත් වන්නේ.
ඒ අනුව මිනිස් ලේඛකයින්ට ඉදිරියේදී රොබෝ ලේඛකයින් අභියෝගයක් වනු නිසැකය. – අමල් අල්මේදා

ඔබගේ අදහස අපට කියන්න

Close