ඇවන්ගාර්ඩ නැව බැදුම්කරයක් මත මුදා හරී

නඩු භාණ්ඩයක් ලෙස ගාල්ල වරායේ නැංගූරම් ලා ඇති ඇවන්ගාඩ් නෞකාව බැඳුම්කරයක් මත මුදාහැරීමට ගාල්ල මහේස්ත්‍රාත් නිලුපුලී ලංකාපුර මෙනවිය අද නියෝග කළා.

ඒ අනුව එම නෞකාව රුපියල් මිලියන 35ක බැඳුම්කරයක් මතයි අදාළ සමාගම වෙත මුදා හරිනු ලැබුවේ.

පසුගිය වසරේ ඔක්තොම්බර් මාසයේදී ගාලු වරායට ආසන්න මුහුදේදී නාවික හමුදාව විසින් ඇවන්ගාඩ් නෞකාව තම බාරයට ගනු ලැබුවා.

ඒ නීති විරෝධී අයුරින් අවි ආයුධ ප්‍රවාහනය කිරීමේ චෝදනා මතයි.

මේ වන විට එම නෞකාව දැඩි ලෙස අබලන්ව ඇති බවයි අධිරිණය හමුවේ ප්‍රකාශ වුණේ
ඒ අනුව නෞකාව අබලි කොටස් ලෙස විකිණීමේ සූදානමක් ඇත්නම් ඒ පිළිබද සතියකට පෙර දැනුම් දෙන ලෙසද මහේස්ත්‍රාත්වරිය අදාළ සමාගමට නියෝග කළා.

ඔබගේ අදහස අපට කියන්න

Close