ඉදිරියේදී ලංකාවට ප්‍රබල භූ කම්පන අවධානමක්

ඉන්දියන් සාගරයේ මුතු ඇටය යැයි හැඳින් වූ අප දේශය ස්වභාවික ආපදාවලින් අවම වූ ඉතා සුරක්ෂිත රටක් ලෙස අතීතයේ හැඳින්වුව ද අනාගතයේ එසේ කීමට නොහැකිවන බව භූ විද්‍යාඥයෝ කියති.

 ඕනෑම මොහොතක ශී‍්‍ර ලංකා භූමිය දෙදරා ගොස් ඉදිකිරීම් බිමට සමතලා වී දහස් ගණනක් මිය යාමට ඉඩ තිබේ. එයට හේතුවී ඇත්තේ ලොව භූ තැටි මායිම්වලින් බොහෝ ඈත්ව ඉන්දියානු භූ තැටියේ මධ්‍යයට වී පිහිටි ශී‍්‍ර ලංකාව ආසන්නයෙන් නව භූ තැටියක් නිර්මාණය වීමයි. මෙය සරල භාෂාවෙන් කියන්නේ නම් ශී‍්‍ර ලංකාව ආසන්නයෙන් ඉන්දියානු මහද්වීප භූ තැටිය කොටස් දෙකකට වෙන් වෙමින් පවතී. මෙය අති බිහිසුණු තත්ත්වයකි.

වසර 81ට පසු ඉන්දු යුරේසියානු භූ තලය සකි‍්‍රය වීමෙන් නේපාලයේ දී දහස් ගණනක් මිය ගියහ. ඉන් පසුව ද දිගින් දිගටම තැන තැන භූමි කම්පා සිදුවෙමින් පවතී. දැන් භූ විද්‍යාඥයන්ගේ අවධානය යොමු වී ඇත්තේ ඉදිරි දිනක භූමිකම්පාව සිදුවන ස්ථානය සොයා ගැනීම කෙරෙහි නොව ඉදිරි භූමිකම්පාවක දී මියයන සංඛ්‍යාව අවම කර ගන්නේ කෙසේ ද යන්න පිළිබඳ දැන ගැනීම කෙරෙහිය.

ඇමෙරිකා එක්සත් ජනපදයේ භූ විද්‍යා සමීක්ෂණ ආයතනයේ දත්තවලට අනුව 1905 සිට 2015 දක්වා ගතවූ වසර 110 දී දකුණු ආසියාවේ පමණක් භූමිකම්පාවලින් තුන් ලක්ෂ පනස් දහසකට වැඩි පිරිසක් මියගොස් ඇත.

ඉන්දියව, නේපාලය, ඇෆ්ගනිස්ථානය, පකිස්ථානය පමණක් නොව භූමිකම්පාවලින් සුරක්ෂිත යැයි කියන ශී‍්‍ර ලංකාව ද භූමිකම්පාවල ගොදුරු බවට පත්විය. 2004 සුනාමිය සුමාත‍්‍රා දූපත් අසළ සිදුවූ භූමිකම්පාවක අතුරු ප‍්‍රතිඵලයකි.

1

ඉන්දියාව ද ඇතුළුව දකුණු ආසියාවේ ජනගහණය වැඩිවීමත් අවිධිමත් නාගරීකරණයත් භූමිකම්පාවකින් සිදුවන මරණ සංඛ්‍යාව වැඩි කිරීමට හේතුවකි. අනාගතයේ දී භූමිකම්පාවලින් මියයන ප‍්‍රමාණය අවම කැර ගැනීමට පහසුම දේ භූමිකම්පා කල්තියා හඳුනාගැනීම ලෙස තේරුම්ගත් විද්‍යාඥයෝ ඒ සම්බන්ධයෙන් පර්යේෂණ රැුසක් සිදුකළ ද ඒවා අසාර්ථක විය.

පෘථිවිය බිහිවූදා සිට මේ දක්වා ගතවූ වසර බිලියන ගණනක් පුරා භූමිකම්පා සිදුව තිබේ. ආරම්භයේදී පෘථිවිය එක් කබොල්ලක් ලෙස පැවැති බවත් පසුව එය භූ තල කිහිපයකට වෙන්වූ බවත් විද්වතුන්ගේ මතයයි. පෘථිවිය මතුපිට පෘෂ්ඨය භූ තල මායිම් 12 හෝ 13 කට වෙන්ව ඇතැයි භූ විද්‍යාඥයන්ගේ පිළිගැනීමයි. 13 අසුබ අංකයක් යැයි පවසන යුරෝපීයයෝ එය 12 ක් හෝ 13 ක් ලෙස පවසති.

ගිනියම්ව ඇති පෘථිවිය අභ්‍යන්තරයේ ඇතිවන සංවහන ධාරා හේතුවෙන් මේ භූ තැටි නිරන්තරවම ඒ මේ අත ගමන් කරමින් තිබේ. ඇතැම් අවස්ථාවලදී එකිනෙක මුහුණට මුහුණලා ගැටෙන මේවා තවත් අවස්ථාවකදී දෙපසට ඈත්වෙමින් තිබේ. මුහුණට මුහුණ ගැටෙන අවස්ථාවලදී එයින් කඳුගැටි ඇතිවීම හෝ ගිලා බැසීම සිදුවේ. හිමාල කඳුගැටය දිනෙන් දින උසින් වැඩිවෙන්නේ මේ හේතුවෙනි. සුමාත‍්‍රා දූපත් අසළ මුහුදේ සිදුවන්නේ ගිලා බැසීමකි.

අතීතයේ පැවැති මතය වූයේ ලොව භූමිකම්පා හටගන්නේ භූතල මායිම් ආසන්නයේ පමණක් බවයි. නමුත් භූතලයේ මධ්‍ය කොටස්වල ද භූමිකම්පා හටගන්නා බව 1996 දී 16,000 ට මරු කැඳවමින් ඉන්දියාවේ ගුජරාටි ප‍්‍රදේශයේ සිදුවූ භූමිකම්පාවෙන් තහවුරු විය. මෙවැනි අන්තර් ආස්තරණ භූමිකම්පා සිදුවෙන්නේ කලාතුරකිනි.

පෘථිවිය අභ්‍යන්තරයේ ඇති විශාල ගල් පර්වත එකිනෙකට සාපේක්ෂව ගමන් කිරීමේදී සිදුවන ගැටුම් හේතුවෙන් මෙවැනි අන්තර් ආස්තරණ භූමිකම්පා හටගන්නා බව පර්යේෂකයන්ගේ මතයයි.

2

ලෝකයේ කොතෙකුත් සංවේදී උපකරණ බිහි වුව ද තාක්ෂණය කෙතරම් දියුණු වුව ද භූමිකම්පාවක් සිදුවී තත්ත්පර 20ක් ගතවනතුරු ඒ පිළිබඳ ජනතාවට වාර්තා කිරීමේ හැකියාවක් තවමත් ලැබී නැත.

විනාඩියක් ගතවීමට පෙර භූමිකම්පාවක් පිළිබඳ ලෝකයම දැනුම්වත් කළ ද ඉන් සුනාමියක් ඇතිවේද නොවේද යන්න පැවැසීමට තවත් වේලාවක් ගතවේ. මේ හේතුවෙන් දැනට සිදුව ඇත්තේ මුහුදු පත්ලේ භූමිකම්පාවක් ඇතිවුවහොත් ඒ අවට රටවලට අනිවාර්යයෙන්ම සුනාමි අනතුරු හැ`ගවීමක් ලබාදීමයි.
නමුත් සුනාමි තත්ත්වයක් ඇති වීමටනම් භූමිකම්පාව වැඩි ප‍්‍රබලතාවකින් යුතුව, මුහුදු පත්ලේ සිට අඩු ගැඹුරකින් සිරස් අතට සිදුවිය යුතුය. ලොව තාක්ෂණය කොතෙක් දියුණු වී ඇතත් මුහුදු පත්ලේ භූමිකම්පාවක් සිදුවූ විට මෙම කරුණු සොයා ගැනීමට යම් කාලයක් ගතවේ. එමෙන්ම භූමිකම්පාවේ විශාලත්වය ද ක්ෂණයකින් පැවසීමේ හැකියාවක් මෙතෙක් ලැබී නැත.

භූමිකම්පා සිදුවෙන්නේ පොළොව අභ්‍යන්තරයේ සිදුවන කි‍්‍රයාදාමයක් හේතුවෙනි. එහිදී අතිවිශාල ශක්තියක් ගබඩා වී එය ක්ෂණයකින් මුදා හැරෙයි. ලෝකයේ පිළිගැනීම වූයේ මහා භූමිකම්පාවක් හෙවත් රිච්ටර් මාපකයේ අංක අට ඉක්මවූ භූමිකම්පාවක් සිදුවෙන්නේ එවැන්නක් සිදුවී තවත් වසර 5 ත් 10 ත් අතර කාලයක් ගතවූ පසුව බවයි.

නමුත් මේ මතය දැන් අභියෝගයට ලක්ව තිබේ. කැලිෆෝනියා විශ්වවිද්‍යාලයේ පර්යේෂකයකු වන තෝර්න් ලේ ”නිව්සයන්ටිස්ට්” ස`ගරාවට පර්යේෂණ පති‍්‍රකාවක් ඉදිරිපත් කරමින් පවසා ඇත්තේ 2004 වර්ෂයේ සුනාමිය ඇති කළ විශාල භූමිකම්පාවෙන් පසු පෙර තිබූ මතය බිඳ වැටී ඇති බවයි. වසර 110ක කාලයක් පුරා ලොව සිදුවූ භූමිකම්පා විශ්ලේෂණය කළ ඔහු පවසන්නේ 2004 වර්ෂයට පෙර වසර 6.2ක කාලයක් තුළ මහා පරිමාණ භූමිකම්පා එකකට වැඩි ප‍්‍රමාණයක් වාර්තා නොවන බවයි. නමුත් 2004 ඇති වූ භූමිකම්පාවෙන් පසු එම තත්ත්වය වෙනස්වී ඇති බව පර්යේෂණයෙන් තහවුරු කරගෙන ඇත.
පර්යේෂකයන් පවසන්නේ එක් භූමිකම්පාවක් විසින් අනෙක් භූමිකම්පාව සඳහා උත්තේජනයක් ලබාදෙන්නට ඇති බවයි.  රිච්ටර් මාපකයේ විශාලත්වය හත හය ඉක්මවන භූමිකම්පාවක් ලොව කොතැනක හෝ සිදුවුවහොත් එයින් අනෙක් ස්ථාන උත්තේජනය වී භූමිකම්පා වැළක් හටගන්නා බව ද ඔවුහු කියති. නමුත් මෙය පැවති මතය අභියෝගයකට ලක්කිරීමක් විනා වෙනත් මතයක් තහවුරු කිරීමක් නොවේ. ශී‍්‍ර ලංකාවේ අතීතය සැලකූවිට අවස්ථා කිහිපයක භූමිකම්පා සහ සුනාමි තත්ත්වයන් පිළිබඳ තොරතුරු වාර්තා වී තිබේ. විහාරමහා දේවිය මුහුදට බිලිදීමට හේතු වූ මුහුද ගොඩගැලීම සුනාමි තත්ත්වයක් බව දැන් පවතින මතයයි. මෙම කාලයේ සුනාමියක් සිදුවූ බවට ඇතැම් ස්ථානවලින් පුරාවිද්‍යාත්මක සාධක පවා ලැබී තිබේ.

පෘතුගීසි පාලන වාර්තාවන්හි දැක්වෙන්නේ 1615 අපේ‍්‍රල් මස 15 වැනි දින කොළඹ ඇතිවූ භූ චලනයක් හේතුවෙන් මිනිසුන් 2000ට අධික පිරිසක් මියගිය බවයි. එය ශ‍්‍රී ලංකාවේ සිදුවූ භූ චලනයක් පිළිබඳ ඇති පැරැුණිතම වාර්තාවයි. විශාල ගොඩනැගිලි නොතිබූ එකළ 2000ක් දෙනා මිය යන්නට නම් අති විශාල භූමිකම්පාවක් සිදුවන්නට ඇතැයි පර්යේෂකයෝ කියති. 1883 වර්ෂයේ ක‍්‍රැකට්‍රෝවා දූපතේ ගිනි කන්දක් පුපුරායාම හේතුවෙන් ඇතිවූ සුනාමිය ත‍්‍රිකුණාමලය හා ගාල්ල වරායන්හි දක්නට ලැබුණු බව එකළ පුවත්පත්වල පවා වාර්තාකැර තිබේ.

මේ අතර කිරින්ද, තිස්සමහාරාමය, ලූණුගම්වෙහෙර, අනුරාධපුරය, කැකිරාව, මිනුවන්ගොඩ සහ මීරිගම ඇතුළු රට අභ්‍යන්තරයේ ඇතැම් ස්ථානවලින් සුළු භූචලන පිළිබඳ වරින්වර වාර්තා වුවද ඒවා එතරම් ප‍්‍රබල භූමිකම්පා නොවේ. මෙයට බලපා ඇත්තේ ශී‍්‍ර ලංකාව ලොව ප‍්‍රධාන භූ තල මායිම්වලින් සැලකිය යුතු තරම් ඈතින් පිහිටා තිබීමයි.

ශී‍්‍ර ලංකාව පිහිටා තිබෙන්නේ ඉන්දු  ඕස්ටේ‍්‍රලියා භූ තැටියේය. මේ තැටිය වටා අපි‍්‍රකා භූ තැටිය, ඉහළින් හිමාලයානු භූ තැටිය, දකුණින් ඇන්ටාක්ටික් භූ තැටිය පිහිටා තිබේ. මේ තල මායිම් සැලකූ විට ශී‍්‍ර ලංකාව භූ චලන හටනොගන්නා සීමාවක පිහිටා තිබේ. එම තැටි මායිම්වල සිදුවන භූ චලන අප රටට දැනෙන්නේ බොහෝ කලාතුරකිනි. 2004 දෙසැම්බර් 26 වැනි දින සුනාමියේ අමිහිරි අත්දැකීම් අපට විඳින්නට සිදුවිය.

භූ විද්‍යාඥයන් පවසන්නේ ශී‍්‍ර ලංකාවට දකුණු දිග මුහුදු සීමාවේ ඉන්දු  ඕස්ටේ‍්‍රලියානු භූ තැටිය කොටස් දෙකකට වෙන්වෙමින් පවතින බවයි. එය අනාගතයේ ඉන්දු  ඕස්ටේ‍්‍රලියා තැටිය සහ ඉන්දු ශී‍්‍ර ලංකා තැටිය ලෙස නම් දෙකකින් හැඳින්වීමට සිදුවනු ඇත. මේ වෙන්වීම ශී‍්‍ර ලංකාවට දකුණින් කිලෝ මීටර 500ත් 1000ත් අතර දුරින් සිදුවෙමින් තිබෙන බවද පර්යේෂකයන්ගේ මතය වී තිබේ. එම ස්ථානයේ සිට බැලූවිට මුළින්ම හමුවන ගොඩබිම වන්නේ මෙරට දකුණු සහ නැගෙනහිර වෙරළ තීරයයි. නිර්මාණය වෙමින් පවතින භූ තැටියට ඇත්තේ ද භූමිකම්පා සහ එයින් සිදුවන බලපෑම සැලකූ විට ආසන්න දුරකි.

පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ භූ විද්‍යාඥ ජ්‍යේෂ්ඨ මහාචාර්ය කපිල දහනායක, මහාචාර්ය සී.බී. දිසානායක, මහාචාර්ය විල්බට් කෙහෙල්පන්නල මහත්වරු මේ අවදානම් කලාපය පිළිබඳව වසර කිහිපයක සිට කරුණු ඉදිරිපත් කැර තිබිණි.

විද්‍යාඥයන් පවසන්නේ ශී‍්‍ර ලංකාවට සමීපයෙන් මේ භූ තැටිය දෙකට කැඩෙන්න පටන්ගෙන ඇත්තේ වසර කෝටි පහකට පමණ පෙර සිටයි. කෙසේ වෙතත් මේ කැඞීම සම්පූර්ණවීමට තවත් වසර කෝටියකට වැඩි කාලයක් ගතවන බවද පර්යේෂකයෝ කියති.

කොලොම්බියා විශ්වවිද්‍යාලයේ පෘථිවි නිරීක්ෂණාගාරයේ භූ විද්‍යාඥ ජේම්ස් කොක්රන් පවසන්නේ ස්ථිරවම ඉන්දු  ඕස්ටේ‍්‍රලියා භූ තැටිය දෙකට කැඩෙන බවයි. මේ වෙන්වීමෙන් ආසියාව තවදුරටත් හිමාලය සහ ටිබෙට් සානුව දෙසට තල්ලූ වී යා හැකි බව කොක්රන් මහතා පෙන්වාදෙයි.

මහාචාර්ය සි.බී. දිසානායක මහතා පවසන්නේ දැනටමත් අස්ථායී භූ කලාපයක් බවට පත්ව ඇති මේ නව විභේදන කලාපය හේතුවෙන් ශී‍්‍ර ලංකාවේ මධ්‍යම කඳුකරයේ නාය යෑම් ඉහළ යාමට හේතුවන බවයි.

ලොව සිටින ඇතැම් විද්‍යාඥයෝ මෙලෙස ඉන්දු .  ඕස්ටේ‍්‍රලියානු භූ තැටිය දෙකඩ වෙමින් පවතින බව පිළිගැනීමට මැළිකමක් දක්වති. කෙසේ වෙතත් ඇමෙරිකා එක්සත් ජනපදයේ භූ විද්‍යා සමීක්ෂණ පර්යේෂණ ආයතනය තම භූ විභේදන සිතියම්වල ද මේ කලාපය වෙන්වන බවට ලකුණු කැර තිබේ.

රිච්ටර් මාපකයේ පහක් හෝ හයක අගයක් ගන්නා භූමිකම්පාවක් ශී‍්‍ර ලංකාවේ සිදුවුවහොත් ගොඩනැගිලිවලට බරපතළ හානි සිදුවිය හැකි බව ද විද්‍යාඥයෝ පෙන්වාදෙති. මෙරට ගොඩනැගිලි නිර්මාණය කිරීමේදී ඒවා භූමිකම්පාවකට ඔරොත්තු දෙන ආකාරයෙන් නිර්මාණය කිරීමට කටයුතු කැර නැත. ඒ හේතුවෙන් සිදුවිය හැකි හානිය කොතෙක් ද යන්න තවමත් හිතාගත නොහැකි දෙයකි.

රිච්ටර් මාපක හතකට වැඩි භූමිකම්පාවක් ශී‍්‍ර ලංකාව ආසන්න මුහුදේ සිදුවුවහොත් ක්ෂණයකින් ඇතිවන සුනාමියකින් සිදුවන හානිය ද සිතා ගත නොහැකි දෙයකි. කෙසේ වෙතත් ශ‍්‍රී ලංකා භූමියේ භූමිකම්පාවක් සිදුවුවහොත් වැඩිම හානිය සිදුවිය හැක්කේ මධ්‍යම කඳුකරයටය.

ශ‍්‍රී ලංකාවේ වැසියන්ට ඇති ප‍්‍රධානතම ගැටළුවනම් භූමිකම්පාවක් හා එවැනි අවස්ථාවකදී ගතයුතු කි‍්‍රයාමාර්ග ගැන අවබෝධයක් නොමැති වීමයි.
අප රටේ සුවිසල් ගොඩනැගිල්ලේ සිට නිවාස දක්වා සියල්ල ගොඩනැගුවේ භූමිකම්පා ස`දහා ඔරොත්තු දෙන ආකාරයෙන් නොවන බව මෙහිදී අප පළමුවෙන් සිහිතබා ගත යුතුය. කොතරම් සවිමත් යැයි සිතා සිටිය ද  ඕනෑම මොහොතක සිදුවන භූමිකම්පාවකින් තත්ත්පර ගණනක දී ගොඩනැගිලි බිමට සමතලා වීමට ඉඩ තිබේ.

ඒ නිසා එවැනි අවස්ථාවක කළ යුතු හොඳම දෙයනම් ගොඩනැගිලිවලින් හැකිතරම් ඈත්ව සිටීමයි. එළිමහන් ස්ථානයකට ගමන් කිරීම තම ජීවිතය ආරක්ෂා කරගැනීමට හේතුවක්වනු ඇත. කෙසේ වෙතත් විශාල භූමිකම්පාවක දී නම් පොළොව පුපුරා යාමෙන් ද අනතුරු සිදුවිය හැකි බැවින් එවැනි ස්ථානයකට ගමන් කිරීම ද අනතුරකට හේතුවිය හැකි වුව ද කඩා වැටෙන ගොඩනැගිල්ලක සුන්බුන්වලට හිරවී මියයාමට වඩා යහපත් වනු ඇත.

පොළොව දෙදරා යන අවස්ථාවක දී නිවසේ ඇති ගෑස් උඳුන් හා විදුලි සැපයුම් ඉක්මණින් අකි‍්‍රය කළ යුතුය. එමෙන්ම හැකිතාක් සන්සුන්ව හා උපක‍්‍රමශීලීව ඉක්මණින් නිවසින් ඉවත්වන්න. එසේ ඉවත්වීමේදී කිසි විටෙක විදුලි සෝපාන භාවිතා නොකළ යුතුය. එමෙන්ම හදිසි අවස්ථාවක දී ප‍්‍රයෝජනයට ගැනීමට හැකි කුඩා ප‍්‍රථමාධාර කට්ටලයක් හා නිවැසියන්ට අත්‍යවශ්‍ය බෙහෙත් ද්‍රව්‍ය දැමූ බෑගයක් නිතරම සූදානම්ව තබා ගත යුතුය.

සෑම නිවසකම එක් අයකු හෝ ප‍්‍රථමාධාර පුහුණුවක් ලබා තිබීම වැදගත්ය. හදිසි අවස්ථාවක දී නිවැසියන්ට එළිමහනේ් රැුස්විය හැකි ස්ථානයක් තීරණය කරගෙන සිටීම වැදගත් කරුණකි. එමෙන්ම නිවසේ බැටරියෙන් කි‍්‍රයාකරන ගුවන්විදුලි යන්ත‍්‍රයක්, විදුලි පන්දමක් හා අමතර බැටරි තබාගෙන සිටීම ද වැදගත්ය.

නිවසේ රාක්ක මත බර ද්‍රව්‍ය තැබීමෙන් වැළකී සිටිය යුතු අතර ගොඩනැගිල්ලක් කඩා වැටෙන අවස්ථාවක දී තමන්ට එළියට යාමට වේලාවක් නොමැතිනම් ශක්තිමත් මේසයක් යටට යාම වඩාත් සුදුසු ක‍්‍රමයකි.

කඩා වැටෙන ගොඩනැගිල්ලක ඉහළ ඇති වහළ සහ කොන්කී‍්‍රට් බිත්තියක් සමඟ වැටීමේ දී බිත්තියත් වැටෙන සුන්බුන් අතර ඉඩක් ඉතුරුවන බැවින් ජීවිතය බේරාගැනීමට බිත්තියකට හේත්තු වී සිටීම ද ජීවිතය ගලවා ගැනීමට එක් ක‍්‍රමයකි.

කෙසේ වෙතත් වර්ෂ 1615 දී කොළඹ සිදුවූ බව කියන භූමිකම්පාවෙන් පසු ගොඩනැගිලි කඩා වැටෙන තරම් ප‍්‍රබල භූමිකම්පාවක් මෙරට දී සිදුවූ බවට කිසිදු සඳහනක් නැත. ඉදිරියේ දී එවැනි භූමිකම්පා සිදු නොවේ යැයි කිසිවකුට ස්ථිරවම කිව නොහැකි දෙයකි.

ශී‍්‍ර ලංකාව ආසන්නයේ නව භූ කම්පන කලාපයක් නිර්මාණය වෙමින් තිබිය දී අප සූදානම් ශරීරයෙන් සිටීම වඩාත් සුදුසු බව තේරුම්ගත යුතුය. – Sajeewa Wijeweera

 

ඔබගේ අදහස අපට කියන්න

Close