තෙලන්ගානා මහ ඇමතිගේ නිවසේ වෙඩි නොවදින නාන කාමරයක්

ඉන්දියාවේ තෙලන්ගානා ප්‍රාන්ත මහ ඇමතිවරයාගේ සුඛෝපභෝගී නිවස සම්බන්ධයෙන් මේ වන විට දැඩි ආන්දෝලනයක් හට ගෙන තිබෙනවා. හයිද්‍රාබාද්හී ඉදිකර ඇති මෙම නිවස වෙනුවෙන් මහ ඇමති චන්ද්‍රසේකර් රාඹ් වැය කර ඇති මුදල ඩොලර් මිලියන 7 යි දශම 3ක්.
මෙම නිවස වර්ගමීටර 900 ක ප්‍රමාණයක පිහිටා ඇති අතර එහි විශේෂත්වය වන්නේ නිවසේ නාන කාමරය වෙඩි නොවදින ආකාරයේ උපංගවලින් සකස් කර ඇති බවයි.
මෙම සුපිරි නිවස තුල ආසන 250කින් යුතු සම්මන්ත්‍රණ ශාලාවක් මෙන්ම තවත් 500 දෙනකුට ඉඩ කඩ සහිත ශාලාවක්ද පවතින බවටයි වාර්තා පලවන්නේ.
මෙම නිවස වෙනුවෙන් මහජන මුදල් භාවිතා කර ඇති බවටයි චෝදනා එල්ල වන්නේ.
ඒ සම්බන්ධයෙන් දැඩි විරෝධයක් මේ වන විට මතුවෙමින් පවතින අතර එහි වැඩි කොටසක් ක්‍රියාත්මක වන්නේ සමාජ ජාලා හරහායි.

Pragathi Bhavan

ඔබගේ අදහස අපට කියන්න

Close