දෙහිවල ජාතික සත්වෝද්‍යානයේ සතුන් කූඩුවලින් එළියට

2017 වසරේ ජනවාරි මාසයේ සිට දෙහිවල ජාතික සත්වෝද්‍යානය එළිමහන් සත්වෝද්‍යානයක් බවට පත් කෙරෙන බව අද පාර්ලිමේන්තුවේදී අනාවරණ කෙරුණා. අය වැය කාරක සභා අවස්ථා විවාදයට එක්වෙමින් අමාත්‍ය ගාමිණී ජයවික්‍රම පෙරේරා මහතා සදහන් කළේ ඒ අනුව දෙහිවල සත්වෝද්‍යානයේ සතුන් කුඩු කර තැබීම නතර කෙරෙන බවයි.
ඒ වෙනුවට සියලු සතුන්ට තමන්ටම වෙන්වූ නිදහස් කලාපයක් තුල නිදහසේ සැරිසැරීමේ අවස්තාව හිමිවනු ඇති.
මෙම වැඩසටහන අධියර 3ක් යටතේ ක්‍රියාත්මක කිරීමට නියමිතව තිබෙනවා.
එමෙන්ම ජාතික සත්වෝද්‍යානය රාත්‍රී කාලයේ විවෘතව තැබෙන අතර එය නැරඹීමට ඕනෑම අවස්ථාවක හැකියාවද ලැබෙනවා.
මේ හරහා සියලු සතුන්ට දෙහිවල සත්වෝද්‍යානයේදී නිදහස් ජීවිතයක් ගත කිරීමට ලැබෙන බවයි අමාත්‍යවරයා පාර්ලිමේන්තුව හමුවේ සදහන් කළේ.

One thought on “දෙහිවල ජාතික සත්වෝද්‍යානයේ සතුන් කූඩුවලින් එළියට

  • November 26, 2016 at 12:20 am
    Permalink

    It’s not good to 24 open the zoo. It’s badly effected to the animals. Animals are become exbit good day and nite. Even they can’t sleep with peace at nite. I feel very sorry about that.

    Reply

ඔබගේ අදහස අපට කියන්න

Close