නූරිවත්ත වතු අධිකාරී මැරූ 18 කට මරණ දඩුවම

දැරණියගල, නූරි වතුයායේ වතුඅධිකාරී නිහාල් පෙරේරා මහතාගේ ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වූ පුද්ගලයින් 18 දෙනකුට අද මරණ දඩුවම නියම කෙරුණා.
ඒ අවිස්සාවේල්ල පළාත්බද මහාධිකරණ විනිසුරු දේවිකා අබේරත්න මහත්මිය විසින්.

අවිස්සාවේල්ල මහේස්ත්‍රාත් අධිකරණයට අද ඉදිරිපත් කළ සැකකරුවන් 21 දෙනකු අතරින් 3න් දෙනකු මෙහිදී නිදොස් කොට නිදහස් කෙරුණා.
ඒ නඩු විභාගයේ 4 වන 5 වන හා 20 වන විත්තිකරුවන්වයි.

සිද්ධිය සම්බන්ධයෙන් මරණ දඩුවම නියමවූවන් අතරට අත කොටා හෙවත් අනිල් චම්පික නැමැත්තාද ඇතුලත්. ඔහු දැරණියගල ප්‍රාදේශීය සභාවේ හිටපු සභාපතිවරයෙක්.

නූරිවත්තේ වතු අධිකාරී නිහාල් පෙරේරා ඝාතනය කර ඔහුගේ ආරක්ෂකයින් දෙදෙනෙකු පහරදී තුවාල සිදුකිරීම 2013 වසරේ ජූලි 5 වනදා සිදුකර තිබුණා.
මෙම කණ්ඩායම වෙනත් අපරාධ රැසකටද සම්බන්ධ බවටයි අධිකරණය හමුවේ ප්‍රකාශ වුණේ.

ඔබගේ අදහස අපට කියන්න

Close