බ්‍රසීලයෙන් එන සීනී කන්ටේනර් අනිවාර්යය පරීක්ෂාවකට

බ්‍රසීලයේ සිට ගෙන්වන සියලුම සීනි බහාලුම් මුදා හැරීමට පෙර පූර්ණ පරීක්ෂාවකට ලක් කිරීමට ශ්‍රී ලංකා රේගුව තීරණය කර තිඛෙනවා.
ඒ යළිත් වරක් සීනි කන්ටේනරයක් තුල සගවා මෙරටට ගෙන ආ කොකේන් විශාල ප්‍රමණයක් සොයාගැනීමෙන් පසුවයි.
ඊයේ දිනයේදී එසේ අත්අඩංගුවට ගත් කොකේන් ප්‍රමාණය කිලෝ 200ක්.
එහි වටිනාකම රුපියල් මිලියන 2,000 ක් වනවා.
එය මෙතෙක් මෙරටදී අත්අඩංගුවට ගත් වැඩිම කොකේන් තොගයයි.
ඉදිරියේදී සිදුකරන පරීක්ෂා වලදී සිදුවිය හැකි අපහසුතා අවම කරගැනීමට විකල්ප ක්‍රියාමාර්ග යෝජනා කරන ලෙස සීනි ආනයනකරුවන් කැඳවා ඉල්ලීමක් කළ නමුදු ඊට ඔවුන්ගෙන් යහපත් ප්‍රතිචාරයක් නොලැබුනු බව රේගුව ප්‍රකාශ කර තිඛෙනවා.
අදාල කොකේන් මෙරටට ගෙන්වූ තැනැත්තා සහ එය මුදා ගැනීමට පැමිණි ලිපිකරුවාද මේ වන විට රේගුව භාරයේයි පසුවන්නේ.

ඔබගේ අදහස අපට කියන්න

Close