ලංකාවේ පුරුෂ පක්ෂය බුද්ධිමය ක්ෂේත්‍රවලින් අතුරුදන් වන ලකුණු

ශ්‍රී ලංකාවේ පුරුෂ පක්‍ෂය බුද්ධිමය ක්‍ෂේත්‍රවලින් අතුරුදන් වීමේ බරපතළ අනතුරුදායක තත්ත්වයකට මුහුණපා සිටින බව අනාවරණවී තිඛෙනවා.
ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය අත්තනායක එම්. හේරත් මහතා ප්‍රකාශ කළේ මෙරට ප්‍රධාන වෘත්තීන් සියල්ලේම බහුතරය කාන්තාවන් නියෝජනය කරන බවයි.
උදාහරණයක් ලෙස මෙම වසරේ පේරාදෙණිය සරසවියට බදවා ගත් නවක සිසුන් 2200න් 2000 ක්ම සිසුවියන් බවයි අත්තනායක එම් හේරත් මහතා පැවසුවේ.
මේ ඒ පිළිබදව ඔහු වැඩිදුරටත් පල කළ අදහස්.

පසුගිය අවුරුදු පහළොව තුළම මට ගෑනුන්ට උගන්වලා ඇති වෙලා. ඒකෙ ඊළඟ භයානකකම නම් ඒ අවුරුදු පහළොව තුළ සිදුවුණ සමාජ විපර්යාසය. සමහර ඉස්‌කෝල දිහා බැලුවහම ප්‍රින්සිපල් විතරයි පිරිමි. මුළු ගුරු මණ්‌ඩලය ගුරු මෑණිවරු. ඉස්‌කෝලෙ නිකං අන්තඃපුරයක්‌ වගෙයි.

ඊළඟට අද රටේ ප්‍රාදේශීය ලේකම්වරු 65% ක්‌ම කාන්තාවො බෙදාගෙන ඉවරයි. වෛද්‍ය වෘත්තිය කොහොමද? මම රෝහලකට ගියා. ප්‍රධාන වෛද්‍යවරිය, සහකාර වෛද්‍යවරිය ඇතුළු වෛද්‍ය මණ්‌ඩලයම ගැහැනු. මම ඇහැව්ව මේ ඉස්‌පිරිතාලෙ පිරිමි නැද්ද කියලා. පිරිමි ඉන්නව. ඒගොල්ලො වාට්‌ටු ඇඳන්වල කීව. පිරිමි ලෙඩ වෙලා. ගෑනු බේත් දෙනවා.

ඊළඟට නීතිඥ වෘත්තිය. 70% ක්‌ කාන්තාවො අල්ලගෙන. දැන් හුඟක්‌ නඩු අහන්නෙ කාන්තාවො. නඩුකාරතුමියල දෙනව මරු තීන්දු. මේ ළඟකදි ස්‌ත්‍රී දූෂකයකුට දඬුවමක්‌ දුන්නා. විත්තිකරු අවුරුදු 385 ක්‌ හිරේට. ගෙවිල යන්න ආත්ම පහකට වැඩියෙන් ඉන්න වෙයි. ඒත් පිරිමි නඩු අහන කාලෙ නම් ස්‌ත්‍රී දූෂකයන්ට දඬුවම් දුන්නෙ කලින් අවවාද කරල රුපියල් 50 ක දඩයක්‌ ගහල ඒක හරියට දිරි දීමනාවක්‌ වගේ.

එදා ග්‍රාමසේවක තනතුර හැදුවෙ පිරිමින්ටමයි. අද ඒක 75% ක්‌ කාන්තාවො අල්ලගෙන. බැංකු ක්‍ෂේත්‍රයේ 65% ක්‌ම ගැහැනු.

අල්ලස්‌ කොමසාරිස්‌ දිල්රුක්‍ෂි ගිය ගමන් ආයිත් දැම්මෙ කාන්තාවක්‌. බය නැති බුද්ධිමත් පිරිමි නැතිව ඇති. කොච්චර පිරිමි ඉගෙන ගත්තෙ නැද්ද කියල කීවොත් පිරිමින්ට අද ඉතිරි වෙලා තියෙන්නෙ ප්‍රාදේශීය සභාවයි, නගර සභාවයි, පාර්ලිමේන්තුවයි විතරයි. ඒ එකකටවත් මොළේ ඕන නැති හින්ද.

තව අවුරුදු පහක්‌ යනකොට ප්‍රසූත නිවාඩු දෙන්න වෙන්නෙ ස්‌වාමිපුරුෂයාට. මොකද එයාගෙ නෝන වැඩ කරන්නෙ ලොකු තනතුරක. එයාට බබාල බල බලා ගෙදර ඉන්න බැහැ. ගෘහමූලිකය වෙන්නෙ ගැහැනිය. පිරිමියා ගෘහ අමූලිකයා වෙනවා. මේක අලුත් වචනයක්‌ විය යුතුයි. අද අපට අපේ රටට ගැහැනු උගතුන් 50% ක්‌ පමණයි ඕනෑ කරන්නෙ. අනෙක්‌ 50% බුද්ධිමත් පිරිමි විය යුතුයි. නැතිනම් අනාගතයේ සිදුවන මහා භයානක සමාජ විපර්යාසයෙන් රට ගලවා ගන්න ඉඩ ලැබෙන්නෙ නැහැ.

One thought on “ලංකාවේ පුරුෂ පක්ෂය බුද්ධිමය ක්ෂේත්‍රවලින් අතුරුදන් වන ලකුණු

  • November 25, 2016 at 5:15 am
    Permalink

    ඔබතුමා කියනඑක සම්පුර්න ඇත්ත මේ නිසා රටේ සංවර්‍ධනය ඇනහිටිලා මොකද රාජකාරි කිරිම යනු ගැටලුවලට මුනදිමයි මෙහිදි අපිට ගැටලුව විසදිම හො විසදිමට උත්සාහ කිරිම කලහැක හැමදාම උත්සහා කලත් පලක් නොවේ විසදිම තමයි වැදගත් අද ග්‍රාමිය මට්ටමේ බොහො නිලධාරින් කාන්තාවන් මේ නිසා ග්‍රාමිය සංවර්‍ධනය මංදගාමි වෙලා ඔවුන් තොරතුරු වාර්තා කිරිම පමනයි කරන්නේ තිරන ගැනිම ඉහල මට්ටමට පවරයි
    නමුත් කාන්තාවන් සුන්දරයි වි,වී කලාපිටයේඋගන්වන්නට ලැබිම පෙරපිනක් ලෙස සමහරුන්ට දැනෙනවා ඇති මල කඩන්න මල්පුබුදුවන්නට ඇති අවස්ථා එමටයි

    Reply

ඔබගේ අදහස අපට කියන්න

Close