ලොව මවිත කරමින් ස්නෝව්ඩන් අමෙරිකානු පිටසක්වල රහස් හෙළිකරයි

අමෙරිකානු රහස් රැසක් සම්බන්ධයෙන් ලොව හමුවේ අනාවරණ කිරීම හේතුවෙන් තර්ජනයට ලක්ව සිටින එඩ්වඩ් ස්නෝව්ඩන් විසින් පිටසක්වල ජීවය සම්බන්ධ අමෙරිකානු රහස් රැසක්ද අනාවරණ කර තිඛෙනවා.
නවතම වාර්තා පවසන්නේ අමෙරිකාව හා ලෝකයේ රටවල් රැසක්ම පිටසක්වල ජීවීන් ලෙස සලකනු ලබන කණ්ඩායම් සමග සබදතා පවත්වන බවට ඔහු විසින් අනාවරණ කර ඇති බවයි.
එහි වඩාත්ම විශිෂ්ට අනාවරණය වන්නේ 1964 වසරේදී අමෙරිකාව විසින් අල්ලගනු ලබන පිටසක්වල ජීවියකු ප්‍රශ්න කිරීමට ලක්කරන ආකාරයේ වීඩියෝවක් ස්නෝව්ඩන් විසින් අනාවරණ කර තිබීමයි.
එහිදී පිටසක්වල ජීවියකුගේ පෙනුමක් සහිත ජීවියකු ප්‍රශ්න කිරීමට ලක්කෙරෙන අතර එම ජීවියා පවසන්නේ තමන් පෘථවියේ වාසය කරන්නකු බවයි.
එහෙත් තමන් වර්තමානයේ ජීවත්වන්නකු නොව අනාගතයේ ජීවත් වන්නකු බවයි එම ජීවියා සදහන් කරන්නේ.
වීඩියෝවට අනුව එය 1964 වසරේදී ලබාගත් එකක් වන අතර එම ජීවියා පවසන්නේ වර්මතානයේ ජීවත්වන මිනිසා න්‍යෂ්ඨික අවි හේතුවෙන් වසර 100 ක් තුල විනාශවී ගිය බවයි (එනම් 2064 වසරට පෙර)
එහිදී ඉතිරිවූයේ සුලු පිරිසක් බවද ඔහු සදහන් කරනවා.
මෙම න්‍යෂ්ඨික විනාශයට හේතුවූයේ පෘථවියේ දේශපාලන හා ආගමික අරමුණු   බවයි එම ජීවියා පවසන්නේ.තමන් අනාගතයේ සිට පැමිණියේ අතීතය නිරීක්ෂනයට මිස අන් යමකට නොවන බවද එම ජීවියා මෙහිදී පවසනු දක්නට ලැඛෙනවා.
අනාගතයේ වෙසෙන මිනිසා මරණය ජය ගත්තේද යන ප්‍රශ්නයට එම ජීවියා පවසන්නේ මරණය ජය ගැනීම කිසිවකුට කළ නොහැක්කක් බවයි.
දේව සංකල්පය ගැනද මෙහිදී ප්‍රශ්න කෙරෙන අතර එහිදී එවන් සංකල්ප අනාගතයේ නොපවතින බව ප්‍රකාශ වනවා.
මේ එම ආන්දෝලනාත්මක වීඩියෝවයි.

One thought on “ලොව මවිත කරමින් ස්නෝව්ඩන් අමෙරිකානු පිටසක්වල රහස් හෙළිකරයි

  • November 26, 2016 at 1:17 am
    Permalink

    පිලිතුර.ස්වභාවධර්මය යනු;
    පරම සත්‍යයි.යථාර්තයයි.
    ප්‍රශ්නය.මරණින් පසු සිදුවන්නේ කුමක් ද?
    මරණය යනු,මිනිසා විසින් සාදා ගන්නා ලද සැබෑවටම නොපවතින්නක්.
    ඔබ දැනටමත් ජීවිතය යයි කියාගන්නා සංසිද්ධියෙහි සියලු අවස්ථා විඳ ඇති,අනිවාර්යයෙන්ම විඳීමට නියමිත සිද්ධි දමයකි.ඔබ මම සහ ඔහු යනු මරණය යන්නෙන් වෙන්කර ගන්නා ලද එකම ජීවයෙහි සිද්ධි දාමය කි…

    බුදු දමට අනුව එය සංසාර චක්‍රයයි.පුනර්භවය යි.

    Reply

ඔබගේ අදහස අපට කියන්න

Close