අත්ලාන්තික් නගරය යනු ගිලා බැස ගිය ලංකාවද?

ක්‍රි.ව. 1 වන සියවසේදී පමණ සුප්‍රකට විසූවියස් ගිනි කන්ද පුපුරා යාම නිසා මේ ධනවත් නගරය එහි වැසියන්ද සමඟ මුලුමනින්ම ලාවා සහ අලු වලින් වැසී ගියා. මෑත කාලයේ එම ස්ථානයේ කැනීම් කල පුරා විද්‍යාඥයන් එම නගරය එහි සිටි මිනිසුන්ද සමඟ නැවත මතුකර ගැනීමට සමත් වුනා. අද එය ඉතාලියේ සංචාරක ආකර්ශනය දිනාගත් සුවිශේෂ ස්ථානයක් බවට පත් වී තිබෙනවා. පොම්පේ නගරය වගේම ලෝක ඉතිහාසයේ ප්‍රකටව කියැවෙන තවත් නගරයක් පිලිබඳව සඳහන් වෙනවා. මේ නගරයත් පොම්පේ නගරය වගේම අභාග්‍යසම්පන්න ඉරණමකට මුහුණ දුන් බව කියන සමෘධිමත් නගරයක්. සියවස් ගනනාවකට පෙර මේ නගරය මහා සාගරය විසින් ගිලගත් බව පැවසෙනවා. ඒ නිසා පොම්පේ නගරය මෙන් මෙය නැවත මතුකර ගැනීමට හැකිවී නෑ. ඒ නිසාම මේ නගරය නොවිසඳුනු අභිරහස් ගොන්නට එකතු වී පුරාවෘතයක් ලෙස මිනිසුන් තුල කතා බහට ලක් වී තිබෙනවා. ක්‍රි. පූ. 350 දී පමණ ප්ලේටෝ විසින් එක් දිනක් තුල අත්ලාන්තික් සාගරයේ ගිලී ගිය අලංකාර නගරයක් ගැන සටහන් කර තිබෙනවා. එක් අතකින් පුදුමයක් ලෙස පෙනී යන මේ අරුම පුදුම දූපත පිලිබඳ ඓතිහාසික විස්තර සහිත ග්‍රන්ථ දෙකක සඳහන් වන්නේ මාය දූපතක් ලෙසයි. බොහෝ කාලයක සිටම මිනිසුන් අත්ලාන්තික් නම් වූ මේ අද්භූත අතුරුදන් වූ නගරය පිලිබඳව උනන්දුවකින් පසු වුනා.

අත්ලන්තික් නගරය ප්‍රබන්ධයක් පමණද ?

වසර දෙදහසකට වඩා ඉතිහාසයක් ඇති අත්ලන්තික් නගරයේ කතාව තවමත් පවතින්නේ හුදු ප්‍රබන්ධයක් ලෙසින් පමණයි. ඉන්පසුව 1800 දශකයේදී ඉග්නේටියස් ඩොනෙලි නමැති ඇමරිකානු ජාතිකයා මෙම ප්‍රබන්ධයට මහත් සේ ඇලුම් කල අතර ඒ ඇසුරින් අත්ලාන්තික් ආදි කලිපික ලෝකය  (Atlantis The Antediluvian World) යනුවෙන් පොතක්ද ලියා පල කලා. එහිදී ඉග්නෙටියස් විසින් ඊජිප්තුවේ සිට මෙක්සිකෝව දක්වාම ගං වතුර ඉතිහාසය අධ්‍යනය කලා. ඒ අනුව ඔහු විශ්වාස කරන්නේ ප්ලේටෝ විසින් පවසා ඇත්තේ අතීතයේදී සත්‍ය ලෙසම සිදුවූ ස්වභාවික ව්‍යසනයක් පිලිබඳව බවයි. එතැන් සිට මේ අතුරුදන් නගරය ගැන පොත් කීපයක්ම පලවී තිබෙනවා.

අත්ලන්තික් නගරය ගැන වඩාත් පිලිගත් මතය ඉදිරිපත් කර තිබෙන්නේ 1960 දශකයේදී ග්‍රීක පුරා විද්‍යාඥයෙකු වූ ඇන්ජිලස් ගැලනොපවුලස් විසින් ක්‍රි. පූ. 1500 දී පමණ සිදුවූ විශාල ගිනි කඳු විදාරනයක් නිසා මධ්‍ය ධරණියේ පිහිටි සැන්ටොරින් දූපත ඉවතට වෙන්වී තිබෙනවා. මෙයින් ග්‍රීසියට අයත් ප්‍රදේශ සහ ග්‍රීක දූපත් මත තිබූ ශිෂ්ටාචාරය අතුගෑවී ගොස් තිබෙන බව පෙනී යනවා. ඇන්ජිලොස් විශ්වාස කරන්නේ අත්ලන්තික් නගරය ගිල්ලවීමටද මෙම විනාශය හේතු වූ බවයි. එය එසේ වූවානම් ඔහු මෙහිදී ඉදිරිපත් කරන දිනවකවානු පිලිබඳ ගැටලුවක් මතු වෙනවා. එයට හේතුවී ඇත්තේ මේ ප්‍රබන්ධය පරිවර්තනය කිරීමේදී එහි වූ සමහර සලකුණු වැරදි ආකාරයට වටහා ගැනීමයි. ඒ අනුව 100 හැඳින්වීමට යොදාගන්නා ඊජිප්තු සංකේතයත් (ඇඹරූ කඹය) සහ 1000 හැඳින්වීමට යොදාගන්නා සංකේතයත් (ඕලු මල) වරදවා වටහා ගෙන තිබීම නිසා ඔහු ඉදිරිපත් කරන කාලය වැරදි බවයි පැවසෙන්නේ. මේ නිසා එයට අයත් කාලය වසර 9000ට පෙර කාලයේ සිට වසර 900 ට පෙර කාලය අතරට අයත් වෙනවා. මෙම පැහැදිලි කිරීම් වල ඇති එකම වරද වන්නේ ප්ලේටෝට අනුව මෙම නගරය හර්කියුලිස්ගේ ස්ථම්භ වලට ආසන්නයේ පිහිටා තිබුණු බව සඳහන් කර තිබීමයි. මේ ස්ථම්භ ග්‍රීසියට නුදුරුව පිහිටා තිබෙන්නට ඇති බව වර්තමානයේ විශ්වාස කෙරෙනවා.

ඇත්තටම අත්ලන්තික් නගරය පිහිටි නියම ස්ථානය කොහේදැයි මිනිසුන්ට ගැටලුවක් වී තිබුනා. බ්‍රිතාන්‍ය රාජකීය ගුවන් හමුදාවේ ඡායාරූප ශිල්පී ජේ. එම් ඇලන් පවසන්නේ අත්ලන්තික් නගරය බොලීවියාවේ ඇන්දීස් කඳුකරයට ආසන්නව පිහිටි ඇල්ටිප්ලෝනාහි පිහිටා තිබූ බවයි. එඩ්ගා කේසි පවසා ඇත්තේ බිමිනි දූපත් ආසන්නයේ වූ ෆ්ලොරීඩා වෙරළ ආශ්‍රිතව මේ නගරයේ නටබුන් හමුවිය හැකි බවයි. තවත් සමහරු විශ්වාස කරන්නේ මධ්‍යම ඇමරිකාවේ, චීන මුහුදේ හෝ අප්‍රිකාවේ කොහේ හෝ තැනක එය අතුරුදන් වන්නට ඇති බවයි. ඒ අතර තවත් පිරිසක් එහි මිත්‍යාවකට වඩා දෙයක් නොමැති බව පවසනවා. කෙසේ වෙතත් අත්ලන්තික් නගරය වර්තමාන ලෝකයේ නොවිසඳුන අභිරහස් ගොන්නට එකතු වූ තවත් ප්‍රභන්ධයක් ලෙස ඉතිරි වී තිබෙනවා.

අත්ලන්තික් නගරයේ ජීවිතය

ප්ලේටෝ විස්තර කරන ආකාරයට අත්ලන්තික් වාසීන් විශිෂ්ට ඉංජිනේරුවන් හා ගෘහ නිර්මාණ ශිල්පීන් පිරිසක්. එහි මාලිගා, වරාය, දේවස්ථාන සහ තටාකාංගන ආදිය පිහිටා තිබුණු බව ඔහු විස්තර කරනවා. අග නගරය කඳු මුදුනක ඉදි කර තිබූ අතර විශාල දිය අගල් කිහිපයකින් එය වටවී තිබුණා. මේ දිය අගල් එකිනෙක සම්බන්ද කර තිබූ ඇල මාර්ග නැව් යාත්‍රා කිරීමට ප්‍රමාණවත් තරම් විශාලත්වයෙන් යුක්ත වූ බව පැවසෙනවා. පිටතින්ම පිහිටි දිය අගල් අති විශාල ඇල මාර්ගයකින් සාගරයට සම්බන්ධ වුනා. අගනගරයේ පිටත වූ යාබද ප්‍රදේශයේ නගරයට අවශ්‍ය ආහාර සම්පාදනය කරන ගොවිබිම් පිහිටා තිබුණා. ගොවිබිම් පසු කරන විට පිහිටි කඳුකරයේ ධනවත්ම වැසියන් වාසය කලා. ප්ලේටෝ මේ ධනවතුන්ගේ සුවිසල් නිවාස පිලිබඳව ද විස්තර කර තිබෙනවා. උණුසුම් සහ සිසිල් ජලයෙන් යුත් ජල මල්, විශාල භෝජන ශාලා සහ වටිණා ලෝහයෙන් ආවරණය කල පාශාණ බිත්ති ආදිය එහි සුවිසල් මන්දිර වල දක්නට ලැබුන බව ඔහු සඳහන් කර තිබෙනවා.

අපි මේ කියන අත්ලාන්තික් නගරය පිහිටා තිබූ ස්ථානය බොහෝ පිරිසකට ගැටලුවක් වී තිබෙනවා. අත්ලාන්තික් නගරය බොලීවියාවේ අන්දීස් කඳුකරයට ආසන්නව තිබෙන ඇල්ටිප්ලෝනාවල පිහිටා තිබූ බවට බි්‍රතාන්‍ය රාජකීය ගුවන් හමුදාවේ ඡායාරූප ශිල්පි ජේ.එම්. ඇලන් පවසා තිබෙන අතර අත්ලාන්තික් වාසීන් විශිෂ්ට ගෘහ නිර්මාණ ශීල්පීන් ලෙස හා ඉන්ජිනේරුවන් ලෙස කටයුතු කර තිබෙන බවට ප්ලේටෝ විසින් හඳුන්වා දී තිබෙනවා. එමෙන්ම ඔහු තවදුරටත් පවසන ආකාරයට අත්ලාන්තික් නගරයේ මාලිගා, වරාය, දේවස්ථාන හා තටාංග පිහිටා තිබී ඇත.

තවද උණුසුම් සහ සිසිල් ජලයෙන් යුතු ජල මල්, විශාල භෝජනාගාර, පාෂාණ බිත්ති සුවිශාල මන්දිරවල තිබී තියෙනවා. නමුත් මෙම සියල්ල හා බලන විට අත්ලාන්තික් දූපත කියන්නේ ශ්‍රී ලංකාව බව පෙනී යන අතරද අතීතයේ ශ්‍රී ලංකාව ඉතා දියුණු රටක් මෙන්ම එහි කොටසක් ගිලා බැස ඇති බවටත් මතයක් පවතිනවා. ටොලමිගේ ලෝක සිතියමට අනුව ශ්‍රී ලංකාව ඉතා විශාල භූමියකි. නමුත් අද වන විට එය ඉතා කුඩා කොටසක් බව ඕනෑම කෙනකුට දැක බලා ගැනීමට පමණක් නොව තේරුම් ගැනීමටද පුළුවන.

ඔබගේ අදහස අපට කියන්න

Close