අමෙරිකාව පෘථවිය හැර යාමට සූදානමින් / පෙන්ටගනයෙන් අනාවරණයක්

ලෝකයේ ප්‍රබල හා බලගතු රටවල් අතර අභ්‍යාවකාශය ජය ගැනීම සදහා පවතින්නේ දැඩි තරගයක්. එහිදී පලමුව අභ්‍යාවකාශයට පලමු පියවර තැබීමට රුසියාව සමත්වූ බවත් අමෙරිකාව පලමුව සද ජයගත් බවත් ලෝකයට රහසක් නොවේ.
එහෙත් සමස්ථ රටවාසීන්ම පෘථවියෙන් පිටතට ගෙන යාම සදහා රටක් කටයුතු කරමින් සිටින බව ඔබ විශ්වාස කරනවාද ? විශ්වාස කිරීමට අපහසු වුවද එය සත්‍යයක්. එම රට අන් කවරක් හෝ නොව තවමත් ලෝකයේ බලවතා වන අමෙරිකාවයි.

පසුගියදා වොෂින්ටනයේදී පැවැති සමුලුවක් අමතමින් පෙන්ටගනය හෙවත් අමෙරිකානු ආරක්ෂ මූළස්ථානයේ අභ්‍යාවකාශ කටයුතු පිළිබද උප ලේකම් Winston Beauchamp කියා සිටියේ සමස්ථ අමෙරිකානු ජනතාව පෘථවියෙන් පිටතට ගෙන යාම සදහා අමෙරිකාව සැලසුම් කරමින් සිටින බවයි.

Winston Beauchamp, pictured, said despite ongoing worldwide political tension, nations must work together

මේ වන විට ලෝකය පවත්නා තත්ත්වය තුල පෘථවිය අතහැර  වෙනත් වාසස්ථානයක් තෝරා ගැනීමට අමෙරිකාව සූදානමින් පසුවන බවයි ඔහු එහිදී අනාවරණ කළේ.

මේ වන විට ලෝකය තුල පවතින අස්ථාවරත්වය හා සදාචාරවත් නොවන දේශපාලනික හා කලාපීය ක්‍රමවේදයන් පිළිබද අමෙරිකාව කණගාටුවෙන් පසුවන බවයි උප ලේකම් Winston Beauchamp මහතා මෙහිදී ප්‍රකාශ කළේ.

Speaking at a summit last week, Winston Beauchamp, deputy undersecretary of the Air Force for space, said that nations must work together to 'get the human race off this planet onto another planet' 

මේ වන විට පෘථවිය වටා ගමන් කරන ටොන් ලක්ෂ ගණනාවක් වූ චන්ද්‍රිකා සුන් බුන් ගණනක් හා පෘථවියේ ගැටීමට ඉඩ ඇති අභ්‍යාවකාශ වස්තූන් විනාශකාරී තත්ත්වයන් ඇති කළ හැකි බවද මෙහිදී අවධාරණය වී තිඛෙනවා.

කෙසේ වෙතත් මේ වන විට පෘථවිය වටා පවතින කෘතිම අභ්‍යාවකාශ සුන් බුන් හේතුවෙන් මිනිසා වෙනත් ලෝකයක් සොයන මෙහෙයුමට ඉදිරියේදී බාධා මතුවනු ඇති බවද ඔහු අවධාරණය කර තිඛෙනවා.

මෙහිදී අදහස් දක්වමින් අමෙරිකානු නාවික හමුදාවේ අභ්‍යාවකාශ අංශයේ ප්‍රධානි   Rear Admiral – Brian Brown කියා සිටියේ අමෙරිකාවේ අංශ ගණනාවක් නව වාසස්ථානයක් සෙවීම වෙනුවෙන් කටයුතු කරන බවයි. One possibility is creating a colony on Mars (artist's impression pictured). The Pentagon experts are not alone in their belief humans will need to move planets one day. Earlier this month, Professor Stephen Hawking made a similar comment

සමුලුව හමුවේ අදහස් දක්වමින් අමෙරිකානු ආරක්ෂ මූළස්ථානයේ අභ්‍යාවකාශ කටයුතු පිළිබද උප ලේකම් Winston Beauchamp මහතා කියා සිටියේ මේ වන විට අභ්‍යාවකාශ ගණනය කිරීම්වලදී වැරදි රැසක් සිදුව ඇති බවයි.
සැබෑ තොරතුරු අනුව පෘථවියට ආසන්නයේ මිනිසාට නවාතැන් ගැනීමට වඩා උචිත ස්ථාන රැසක් ඇති බවයි ඔහු පෙන්වා දුන්නේ.
මේ වන විට පෘථවියේ පවත්නා තත්ත්වය තුල කිසියම් රටක් අමෙරිකාවේ චන්ද්‍රිකා පහරදී විනාශ කළහොත් එයින් අමෙරිකාව අකර්මණයවී මහා විනාශයක් සිදුවනු ඇති බවයි Winston Beauchamp මහතා අනාවරණ කරන්නේ.
ලොව ජීවත්වන ඉහලම බුද්ධිමතා ලෙස සැලකෙන ස්ටෙෆන් හෝකින් මහතා පසුගියදා සිදුකළ අනාවරණයද ඔහු මෙහිදී සිහිපත් කර තිඛෙනවා. මහාචාර්යවරයා පවසනු ලැබුවේ තවත් වසර 1000 ක කාලයක් පෘථවියේ ජීවය ආරක්ෂා වනු ඇතැයි තමන් විශ්වාස නොකරන බවයි.
එම තත්ත්වයද අමෙරිකාවට ජාතිය වෙනත් ආරක්ෂිත ස්ථානයක් කරා ගෙන යාමට වන දැඩි අවශ්‍යතාවය තහවුරු කරන්නක් බවයි පෙන්ටගනයේ සහකාර ලේකම්වරයා අවධාරණය කරන්නේ.(Daily Mail UK)

මේ ඊට අදාළව ඩේලි මේල් වෙබ් අඩවිය පල කළ පුවතයි. 

ඔබගේ අදහස අපට කියන්න

Close