ජනපති ඩොනල්ඞ් ට්‍රම්ප් අමතා සහාය ඉල්ලයි

ශ්‍රී ලංකාවේ සංවර්ධන කටයුතු වෙනුවෙන් පූර්ණ සහාය ලබාදෙන්නැයි අමෙරිකාවේ නව ජනාධිපති ඩොනල්ඞ් ට්‍රම්ප් මහතාගෙන් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඉල්ලීමක් සිදුකර තිබෙනවා.
ජනාධිපතිවරයා මේ බව අනාවරණ කළේ අද ගාල්ල නගර ශාලාවේ පැවැති ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සාමාජික ප්‍රවර්ධන වැඩසටහනකට සහභාගී වෙමින්.
මේ වන විට ජගත් මානව හිමිකම් සංවිධානයේදී ශ්‍රී ලංකාව සම්බන්දයෙන් ඉදිරිපත්ව ඇති වාර්තාවන් ඉවත් කර ගැනීම සම්බන්ධවද ඩොනල්ඞ් ට්‍රම්ප් මහතාගේ අවධානය යොමුකරන බවයි ජනාධිපතිවරයා පැවසුවේ.එමගින් මානව හිමිකම් ගැටලුවෙන් මෙරට මුදා ගැනීමට පියවර ගන්නා බවත් එය ඉටු කර ගත හැකි බවටත් මෛත්‍රීපාල සිරිසේන මහතා විශ්වාසය පල කළා.

නිල්වලා ගග ව්‍යාපෘතිය හරහා පසුගිය රජය සමයේ රුපියල් ලක්ෂ 40,100 ක දැවැන්ත අක්‍රමිකතාවයක් සිදුව ඇති බවද ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා මෙහිදී හෙලි කළා. එවන් වංචා දූෂණ / අක්‍රමිකතාවයන් සිදු නොකරන තත්ත්වයක් රට තුල නිර්මාණය කිරීමට පියවර ගන්නා බවද ජනාධිපතිවරයා සදහන් කළා. ඒ අනුව ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ජයග්‍රාහී පක්ෂයක් බවට පත් කිරීමට තමන් කටයුතු කරන බවයි මෛත්‍රීපාල සිරිසේන මහතා පැවසුවේ. ලබන වසර මැද භාගයේ පැවැත්වෙන පළාත් පාලන මැතිවරණයෙන් නිදහස් පක්ෂය ජයග්‍රහණය කරවීම සදහා අනිවාර්යයෙන් කටයුතු කරන බවද ජනාධිපතිවරයා මෙහිදී අවධාරණය කරනු ලැබුවා.

ඔබගේ අදහස අපට කියන්න

Close