ප්‍රවෘත්ති බලනවා / ඒත් අප්පිරියාවෙන් / වික්ටර් අයිවන් කියයි

වර්තමානයේ රූපවාහිනී ප්‍රවෘත්තිකරණය සම්බන්ධයෙන් මහත් අප්‍රසාදයකින් බලා සිටින බව ප්‍රවීණ මාධ්‍යවේදී හා රාවය උපදේශක කර්තෘ වික්ටර් අයිවන් මහතා පවසනවා. ඔහු මේ බව සිළුමිණ පුවත්පත සමග සංවාදයකට එක්වෙමින්.

මේ එහිදී සිය තාක්ෂණික භාවිතය සම්බන්ධයෙන් වික්ටර් අයිවන් මහතා පල කළ අදහස්.

• ඔබ ජංගම දුරකතන කීයක් භාවිත කරනවාද?

එකයි.

• ජංගම දුරකතනයෙන් අන්තර්ජාලය හා සම්බන්ධ වෙනවාද?

නෑ. මට ටැබ් එකක් තියනවා. ඒකෙන් ඉන්ටර්නෙට් යනවා.

• ජංගම දුරකතනයෙන් සෙල්ෆි හෝ වෙනත් ඡායාරූප ගන්නවාද?

නෑ. මට තියෙන්නේ බොහොම ප්‍රාථමික දුරකතනයක්.

• ගන්නා ඡායාරූප අන්තර්ජාලයට, විශේෂයෙන්ම ෆේස් බුක් upload කරනවාද?

(ප්‍රශ්නය අදාළ නොවේ.)

• ජංගම දුරකතනයක් මිල දී ගන්නා අවස්ථාවේදී එහි brand එක ගැන සැලකිලිමත් වෙනවාද?

ඔව්. මම පාවිච්චි කරන්නේ පරණ කාලේ brand එකක්. දැන් මේ brand එක ගණන් ගන්නේවත් නෑ.

• වැඩියෙන්ම පාවිච්චි කරන්න කැමති laptopද? desktopද?

මගේ ළඟ තියෙන්නේ ටැබ් එකක්. ඒකෙන් මම කරන එකම දේ ඊ මේල් බලන එක. තොරතුරු මොනවා හරි ඕනේ වුණොත් අන්තර්ජාලයෙන් තොරතුරු ගන්නවා. බොහොම සීමිත වැඩ කොටසක් තමයි මම එයින් කරගන්නේ.

• අන්තර්ජාලයට සම්බන්ධ වෙන්න වැඩියෙන්ම භාවිත කරන්නේ පරිගණකයද? ජංගම දුරකතනයද?

ටැබ් එක.

face book භාවිත කරනවාද?

නෑ. නෑ. මට කාලයක් නෑ.

• දවසකට පැය කීයක් අන්තර්ජාලයේ විශේෂයෙන්ම face bookඑකේ ගත කරනවාද?

අන්තර්ජාලයේ ගත කරන කාලය ගොඩක් විශාල නෑ. තොරතුරක් අවශ්‍ය වුණොත් තෘප්තිමත් වන තුරුම සොයා යනවා. සමහර වෙලාවට සමහර විෂයන්වලදී එක ලිපියකින් තෘප්තිමත් වන අවස්ථා තිබෙනවා. ඒත් සමහර වෙලාවට පිටු සීයක් විතර කියවන්න සිදුවෙනවා.

face book භාවිත කරන අවස්ථාවලදී chat කරනවාද?

( අදාළ නොවේ)

• ඊ-මේල් ගිණුම් කීයක් ඔබ සතුද?

එකයි.

• වෙබ් අඩවිවලින් ප්‍රවෘත්ති බලනවාද?

ඔව්.

• දිනකට පැය කීයක් රූපවාහිනිය බලනවාද?

අපොයි… ප්‍රවෘත්ති විතරක් බලනවා. ඒකත් බොහොම අප්පිරියාවෙන්.

• රූපවාහිනියට අලුතින් එක් වෙලා තිබෙන peo tv, picture and picture, recording වැනි නව තාක්ෂණික අංග භාවිත කරනවාද?

peo tv ගෙදර තියෙනවා.

power bank, blue tooth, hands free වගේම තවත් නොයෙක් ගැජට් අද වෙළෙඳපොළේ තිබෙනවා. ඔබ මෙවැනි ගැජට් භාවිත කරනවාද?

දන්නෙවත් නෑ.

• තමන්ගේ තාක්ෂණික භාවිතය ගැන ඔබට මොකද හිතෙන්නේ?

මම හිතන්නේ නෑ මම පරිපූර්ණයි කියලා. නමුත් මම හිතන්නේ නෑ මගේ කාලයෙන් වැඩිප්‍රමාණයක් අන්තර්ජාලයේ ගත කරමින් සිටිය යුතුයි කියලා. මම මට අවශ්‍ය ප්‍රමාණයට තාක්ෂණය භාවිත කරනවා. ගනුදෙනු කළ යුතු ප්‍රමාණයට මම තාක්ෂණය සමග ගනුදෙනු කරනවා.(Tironi Wewalage)

ඔබගේ අදහස අපට කියන්න

Close