මහා භූ කම්පන කලින් හෙළිකරන තාක්ෂණය ප්‍රංශයෙන්

ඉදිරි වසර 100ක කාලය තුල පෘථවියේ ඇතිවන භූ කම්පනවලින් පුද්ගලයින් මිලියන 3යි දශම 1ක් පමණ පිරිසක් මිය යනු ඇති බව පෘථවි භෟතිකය පිළිබද ප්‍රංශ අධ්‍යයන ආයතනය පවසනවා. එහි විද්‍යාඥයන් පෙන්වා දෙන්නේ ලෝකයේ ඔ්නෑම ස්ථානයක ඔ්නෑම අවස්ථාවක ප්‍රබල භූකම්පනයක් හට ගත හැකි මට්ටමේ තත්ත්වයක් මේ වන විට නිර්මාණයවී ඇති බවයි. මේ වන විට වාර්ෂිකව භූ කම්පන හේතුවෙන් පුද්ගලයින් 10,000 කට පමණ ජීවිත අහිමිවනවා. විද්‍යාඥයන් පවසන්නේ ඉදිරි සියවසේදී එම තත්ත්වය බරපතල මට්ටමින් ඉහල යා හැකි බවයි.

The team investigated gravity data collected around the devastating Tohoku-Oki earthquake that hit North Eastern Japan in 2011 (pictured). The 9.0 magnitude quake killed more than 15,000 people, and left over 300,000 homeless

මේ අතර භූ කම්පන මගින් පෘථවියේ ගුරුත්වාකර්ෂණයටද යම් බලපෑමක් එල්ලවන බවයි විද්‍යාඥයන් පවසන්නේ. එය කෙටිකාලීනව බරපතල නොවුවද දීර්ඝ කාලීනව ප්‍රබල අර්බුධ ඇති කරනු ඇති බවයි ඔවුන් පෙන්වා දෙන්නේ.
මේ වන විට භූ කම්පනයකදී නිකුත්වන ගුරුත්ව තරංග තත්ත්පරයට කිලෝමීටර 8ක් ගමන් කරන බව හෙළිව තිඛෙනවා. මහා භූ කම්පනයකදී තත්ත්වය ඊට වඩා දැඩිව වෙනස් විය හැකියි.

Tiny shifts in gravity triggered by earthquakes could be used to boost early response times to disasters. This could spark new developments in early-warning systems. (Pictured: an earthquake expert reads a seismometer, an instrument used for detecting earthquakes)මේ අතර ගුරුත්ව තරංග පිළිබද තොරතුරු ලබා ගැනීමේ භූමිකම්පාවක් ඇතිවීමට සැලකිය යුතු කාලයකට පෙර එය හදුනාගත හැකි බවයි පැරිස් අධ්‍යයන ආයතනය පවසන්නේ.
ඒ අනුව ඉදිරියේදී සිදුවන මහා භූ කම්පනවලදී ඊට පෙර තොරතුරු ලබා ගනිමින් ජීවිත ආරක්ෂා කර ගැනීමට ඉඩ ලැඛෙනු ඇති බවද අදාළ වාර්තා හෙළිකරනවා.
ඔවුන් මෙම පරීක්ෂණ සිදුකර ඇත්තේ 2011 වසරේ ජපානයේ හටගත් ඒකක 9ක භූ කම්පනය පිළිබද අධ්‍යයනයකින් පසුවයි.

මේ අනුව ගුරුත්ව තරංග පහසුවෙන් ග්‍රහණය කරගත හැකි උපකරණයක් නිපදවා භූ කම්පන පිළිබද පෙර අනාවැකි නිකුත් කරන බවද විද්‍යාඥයන් සදහන් කර තිඛෙනවා.

ඔබගේ අදහස අපට කියන්න

Close