මාරාන්තික රොබෝවන් නතර නොකලොත් මිනිසා අවධානමේ

මාරාන්තික යුධ රෝබෝවන් නිර්මාණය කිරීමෙන් වලකින්නැයි ලෝකයේ ඉහල පෙළේ බුද්ධිමතුන් රැසක් සියලු රාජ්‍යයන්ගෙන් ඉල්ලීමක් කර තිඛෙනවා. ලෝව ජීවත්වන බුද්ධිමත්ම මිනිසා ලෙස සැලකෙන මහාචාර්යය ස්ටෙෆන් හෝකින් / නෝම් චොමස්කි/ එලන් මස්ක් හා ස්ටීව් වොස්නියැක් මෙම ඉල්ලීම සදහා මුල්ව සිටින්නන් වනවා.එම පිරිස පෙන්වා දෙන්නේ මේ වන විට මාරාන්තික රොබෝවන් බිහිවීම වේගයෙන් සිදුවන බවයි. ඉදිරියේදී මුලු මහත් මිනිස් වර්ගයාම කෙටි කාලයක් තුල වදකර දැමීමේ හැකියාව මෙම රොබෝවරුන් සතු බවටයි ඔවුන් පෙන්වා දෙන්නේ.
මේ වන විට ලෝකයේ රටවල් බහුතරයක යුධ කටයුතු සදහා මෙන්ම ලිංගික කටයුතු සදහාද රොබෝවන් නිර්මාණය කරමින් පවතිනවා. ලෝකයේ ආරක්ෂාව මෙන්ම ශිෂ්ටත්වයේ ඉතිරි කොටසද මේ හරහා විනාශවීමේ අවධානමක් පවතින බවයි මෙම බුද්ධිමතුන් පෙන්වා දෙන්නේ.

මේ වන විටත් තමන්ගේ දර්ශන පථයට හසුවන සියල්ලන්ටම වෙඩි තබා ඝාතනය කිරීමේ අරමුණින් රුසියාව නිෂ්පාදනය කළ රොබෝ යන්ත්‍රයක් ලෝකයේ අවධානය දිනාගෙන තිඛෙනවා.
ඇතැම් ක්‍රියාදාම චිත්‍රපටවල පවතින අවාසනාවන්ත අවසානයක් වැනි තත්ත්වයක් උදෙසා එය ප්‍රමණාවත් බවයි පැවසෙන්නේ.

ලෝකයේ ත්‍රස්ත සංවිධාන අතට මෙම මාරාන්තික රොබෝවරුන් පත්වුවහොත් එය මිනිස් වර්ගයාගේ ඉරණම තීන්දු කරනු ඇති බවද ඔවුන් සදහන් කරනවා.
පසුගියදා විශේෂ මතයක් පලකරමින් මහාචාර්යය ස්ටෙෆන් හෝකින් කියා සිටියේ මිනිස් වර්ගයාට පෘථවිය මත රැදීමට තවත් වසර 1000 ක් හෝ ඉඩ නොලැඛෙන බවයි.

ඔබගේ අදහස අපට කියන්න

Close