විනෝදයට පරිගණක ක්‍රීඩාවක නිරතවුණාට කෝටියක් ගෙවලා

පරිගණක ක්‍රීඩාවලට බොහෝ දෙනකු දක්වන්නේ ඇල්මක්. ඇතැම් රටවල පරිගණක ක්‍රීඩාවල නිරතවීම වෘත්තියක් ලෙසද සිදුකළ හැකියි. එවිට සිදුවන්නේ අදාල පරිගණක ආයතන හරහා ඔවුන්ට යම් දීමනාවක් ලබාදීම පමණයි. කෙසේ වෙතත් විනෝදයට පරිගණක ක්‍රීඩාවක නිරතවීමෙන් මොහොතකින් රුපියල් කෝටිය ඉක්මවූ මුදලක් ත්‍යාගයක් ලෙස ලැබුණු පුද්ගලයතු පිළිබද ඔබ අසා තිඛෙනවාද ?
එවන් පුවතක් පසුගියදා ලන්ඩනයෙන් වාර්තාවුණා.
ඇමේසන් ආයතනය සතු Twitch නම්වූ අන්තර්ජාල ක්‍රීඩාවට නිවසේදී එක්ව සිටි තරුණයකුගේ ඇස් මොහොතකින් විශාල වුණා. ඒ ඔහුගේ පරිගණක තිරයේ දිස්වූ දසුනක් හේතුවෙන්. එහි දැක්වුණේ අප ඔබට පවුම් හැට දහසක ත්‍යාගයක් පිරිනමන බවයි. එයින් ජයග්‍රාහකයා විස්මයට පත්වූ ආකාරය අදාල පරිගණක ක්‍රීඩා සමාගම විසින් අන්තර්ජාලය ඔස්සේ පටිගත කරගෙන තිබුණේ මෙලෙසයි.

මෙම තරුණයා ක්‍රීඩාවට එක්ව ඇත්තේ නින්ජා යන අන්වර්ථ නාමයෙනුයි. පසුව අදාළ සමාගම විසින් ඔහුගේ පුද්ගලික ගිණුම වෙත මෙම මුදල බැර කර තිබුණා. කෙසේ වෙතත් මේ වන විට හෙළිව තිඛෙන්නේ එම සමාගම සමග සම්බන්ධ වන නම හෙළි නොකළ පුද්ගලයකු විසින් මෙම දැවැන්ත මුදල පරිගණක ක්‍රීඩාවේ නිරත වන්නන්ට බැර කරන බවයි. මෙය සිදුව ඇත්තේ දෙවන වරට බව සන් පුවත්පත වාර්තා කළා.
The professional Halo player reacts with shock as he removes his headphones and says: 'Oh my god!'

ඔබගේ අදහස අපට කියන්න

Close