සන්ධාන ජාතික ලයිස්තුවේ 3ක් ඉල්ලා අස්වීම ඉදිරි දිනවල

එක්සත් ජනතා නිදහස් සන්ධානයේ ජාතික ලයිස්තු මන්ත්‍රීවරුන් 3න් දෙනකු ඉදිරි සති කිහිපය තුල ඉල්ලා අස්වීමට නියමිත බව දේශපාලන ආරංචි මාර්ග අනාවරණ කරනවා.
එම වාර්තා හෙලිකරන්නේ ඒ වෙනුවෙන් දැවැන්ත චරිත 3ක් ජාතික ලයිස්තු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් ලෙස පත් කිරීමට සන්ධානය තීරණය කර ඇති බවයි.
ඒ අනුව ඉදිරි පළාත් පාලන මැතිවරණය ප්‍රකාශයට පත් කිරීමට පෙර නව මන්ත්‍රීවරුන් 3න් දෙනා දිවුරුම්දීමට නියමිතව තිඛෙනවා.
ඒ අතරට වෘත්තිකයින් දෙදනකු හා ජනප්‍රිය තරුණ නායකයකු වන බවයි වාර්තාවන්නේ.
මේ වෙනුවෙන් ඉල්ලා අස්වීමට ජාතික ලයිස්තු මන්ත්‍රීවරුන් 3න් දෙනකු කැමැත්ත පල කර ඇති අතර ඉන් එක් අයතු පළාත් ආණ්ඩුකාරවරයකු ලෙස පත් කරනු ඇති බවයි පැවසෙන්නේ.
අනෙක් දෙදෙනා රජයේ ඉහල ධූරයන් දෙකක් වෙනුවෙන් පත් කෙරෙනු ඇති.
මේ වන විට සන්ධානයට ජාතික ලයිස්තුවෙන් හිමිව ඇති මන්ත්‍රීවරුන් ගණන 12ක්.
එම මන්ත්‍රීවරුන් පහත දැක්වෙන අතර අදාළ වාර්තාවට අනුව ඉන් 3න් දෙනකු ඉල්ලා අස්වීමට නියමිතයි.

ආචාර්ය සරත් අමුණුගම
එස් බී දිසානායක
ලක්ෂ්මන් යාපා අඛේවර්ධන
තිලංග සුමතිපාල
විජින් විජයමුණිද සොයිසා
අංගජන් රාමනාදන්
එම් එල් ඒ එම් හිස්බුල්ලා
ෆයිසර් මුස්තාෆා
ඒ එච් එම් ෆවුසි
මලිත් ජයතිලක
මහින්ද සමරසිංහ
ඩිලාන් පෙරේරා

ඔබගේ අදහස අපට කියන්න

Close