සාරිපුත්ත මොග්ගල්ලාන ධාතූ වන්දනාව ඇරඹෙයි

ඉන්දියාවේ මධ්‍යම ප්‍රදේශ් හි සාංචි චේතියගිරි විහාරයේ තැන්පත් කර ඇති සැරියුත් මුගලන් අගසව් දෙනමගේ ශාරීරික ධාතූ ප්‍රදර්ශනය අද ආරම්භ කෙරුණා. චේතියගිරි විහාරයේ විශේෂ ගර්භයක තැන්පත් කර ඇති අගසවු වහන්සේලාගේ ධාතූන් වහන්සේලා ශ්‍රී ලංකා මහා බෝධි සංගමයේ සභාපති චේතියගිරි විහාරාධිපති ජපානයේ ප්‍රධාන සංඝ නායක බානගල උපතිස්ස,විහාරධිකාරි බානගල විමලතිස්ස හිමිවරු ඇතුළු ශ්‍රී ලංකා,වියට්නාම් ඇතුළු රටවල් රැසක භික්ෂු භික්ෂුණීන් වහන්සේ විසින් ධාතු ප්‍රදර්ශනය සඳහා ඉදිකළ විශේෂ මණ්යඩපය වෙත අද අලුයම වැඩම කරවනු ලැබුවා.
මධ්‍යම ප්‍රදේශ් පොලිසිය බාර අතිරේක අධ්‍යක්ෂ ජනරාල් අනුරාධා ශංකර් සිං මහත්මිය අද පෙරවරුවේ පැමිණ ධාතූන් වහන්සේ වන්දනාමාන කර ගැනීමට එක්ව සිටියා.
මේ එම ධාතූන් වහන්සේලාගේ ජායාරූප කිහිපයක්.

mugalan-thero seriuth-thero seriyuth-mugalan

ඔබගේ අදහස අපට කියන්න

Close