ෆිදෙල් කස්ත්‍රෝ සමු ගනී

ලෝකයේ සමාජවාදී ව්‍යාපාරයේ දැවැන්තයකු සේ සැලකෙන කියුබාවේ හිටපු නායක ෆිදෙල් කස්ත්‍රෝ මහතා අභාවප්‍රාප්තවී තිඛෙනවා.
1926 වසරේ උපත ලැබූ ඔහු මිය යන විට 90 වන වියේ පසු වුණා.
සමාජවාදී කියුබාවේ අගමැති ධූරයට කස්ත්‍රෝ මහතා පත් වුණේ 1959 වසරේදීයි.
පසුව ඔහු 1976 වසර දක්වා එම ධූරයේ කටයුතු කළා.
ලෝකයේ සමාජවාදය වෙනුවෙන් හා කියුබානු විප්ලවයේ ජයග්‍රහණය වෙනුවෙන් කටයුතු කළ ඔහු 2008 වසර තෙක්ම එරට ජනාධිපතිවරයා ලෙසයි කටයුතු කළේ.
පසුව සිය සොහොයුරාවූ රාවුල් කස්ත්‍රෝට බලය පැවරූ ෆිදෙල් කස්ත්‍රෝ මහතා ධූරයෙන් සමුගත්තා.

ඔබගේ අදහස අපට කියන්න

Close