සරසවිය සම්මාන උළෙල දෙසැම්බර් 15 වනදා

ශ්‍රී ලාංකික සිනමාවේ මහා කලා මංගල්‍යය සරසවිය සම්මාන උලෙළ ලබන දෙසැම්බර් 15 වැනිදා සවස 6.00 ට කොළඹ නෙළුම් පොකුණ මහින්ද රාජපක්ෂ රඟහලේ දී පැවැත්වීමට සියලු කටයුතු සම්පාදනය වෙමින් පවතියි. 2015 වසරේ තිරගත වූ දේශීය චිත්‍රපට 23 ක් සම්මාන 24 ක් අරබයා මෙවර තරග වැදීමට නියමිත ය.

සරසවිය සම්මාන උලෙළ මෙවර පැවැත්වෙනුයේ අට වසරක නිහැඬියාවකින් පසුව ය. සරසවිය සම්මානය යනු ලෝක සිනමාවේ ඇකඩමි සම්මානය තරම් ගෞරවාදරයට පාත්‍ර වූ දේශීය සම්මානයයි.

ජූරිය මඟින් පිදෙන සම්මාන

  •  හොඳම චිත්‍රපටය
  •  හොඳම අධ්‍යක්ෂණය
  •  හොඳම නළුවා
  •  හොඳම නිළිය
  •  හොඳම සහය නළුවා
  •  හොඳම සහය නිළිය
  •  හොඳම තිරරචනය
  •  හොඳම සංස්කරණය
  •  හොඳම කැමරා අධ්‍යක්ෂණය
  •  හොඳම සංගීත අධ්‍යක්ෂණය
  •  හොඳම ගීරචනය
  •  හොඳම ගායකයා
  •  හොඳම ගායිකාව
  •  හොඳම කලා අධ්‍යක්ෂණය
  •  හොඳම වේශ නිරූපණය
  •  හොඳම ශබ්ද පරිපාලනය
  •  නැඟී එන නළුවා
  • නැඟී එන නිළිය
  • ද කුසලතා සම්මාන

* මෙවර සිනමා සම්මාන උලෙළේ ප්‍රථම වරට 2015 වසරේ ප්‍රසිද්ධ රැඟුම් පාලක මණ්ඩලයේ අනුමැතිය ලද, එහෙත් ඒ වසරේ තිරගත නොවුණු අධ්‍යක්ෂවරයකුගේ අධ්‍යක්ෂණය උදෙසා ද සම්මානයක් පිදීම විශේෂත්වයකි. එනම් ඒ සම්මානය ආචාර්ය ලෙස්ටර් ජේම්ස් පීරිස් නමින් නම් කිරීම ද විශේෂත්වයකි. ඒ සම්මානය ශ්‍රී ලාංකේය විශිෂ්ට සිනමාකරුවන් රැසක් ජූරි සභාවක් ලෙස කටයුතු කරමින් තෝරාගනු ඇත.

* එමෙන්ම මුල් ම සිනමා සම්මාන උලෙළේ සම්මාන දිනූ තවමත් ජීවත් ව සිටින, සිවුදෙනෙකු වෙනුවෙන් ද සම්මාන පිදීමට නියමිත ය.

*රණපාල බෝධිනාගොඩ අනුස්මරණ සාහිත්‍ය සම්මානය සිනමා ලේඛක කලාව උදෙසා ජීවිතය කැප කළ කෙනෙකුට ජීවිතයේ එක්වරක් පමණක් පිදෙන්නකි.

*සිනමාව වෙනුවෙන් අනුපමේය මෙහෙවරක් ඉටුකළ දෙදෙනෙකු වෙනුවෙන් පිරිනැමෙන රණ තිසර සම්මාන යුගලය ද මෙවර පිරිනැමේ.

* වසරේ ජනප්‍රියම චිත්‍රපටය ලෙස සම්මානය දිනන්නේ 2015 වසරේ තිරගත වීම අරඹා වැඩිම ආදායම් ලත් චිත්‍රපටයයි.

2015 වසරේ තිරගත වූ චිත්‍රපට

  •  බෝනික්කා
  •  මගේ යාළු මාළු
  •  මහරජ ගැමුණු
  •  බොරදිය පොකුණ
  •  සංජානා
  •  ස්පන්ධන
  •  ගින්දරී
  •  සිනහව අතරින්
  •  මංගල ගමන
  •  ප්‍රවේගය
  •  ඉර සේවය
  •  නෝනෙ මගේ සුදු නෝනේ
  •  මේ වගේ ආදරයක්
  •  අනාථ දූපත
  •  මහරජ අජාසත්ත
  •  ආත්ම වර්ෂා
  •  ඔබ නැතුව ඔබ එක්ක
  •  ලැන්ටින් සිංඤ්ඤෝ
  •  සුහද කොකා
  •  ඇඩ්ඩ්‍රස් නෑ
  •  මයි නේම් ඉස් බන්දු
  •  හෝ ගානා පොකුණ
  • සිංග මචං චාලි
follow and like us:
W3Schools

ඔබගේ අදහස අපට කියන්න