ඩොලරය 160ට / බන්දුලගෙන් අනාවැකි

තවත් මාස තුන හතරකින් අමෙරිකානු ඩොලරය රුපියල් 160 දක්වා ඉහල යනු ඇති බව සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රී බන්දුල ගුණවර්ධන මහතා අද ප්‍රකාශ කලා.
මාධ්‍ය හමුවකට එක්වෙමින් මනිත්‍රීවරයා පැවසුවේ  ඩොලරය රුපියල් 130 දක්වා සතියක් ඇතුළත ගෙනඑන බවට මුදල් ඇමතිවරයා වරක් ප්‍රකාශ කළ බවයි.

කෙසේ වුවද අද වන විට ඩොලරය රුපියල් 151ක් බව පැවසූ මන්ත්‍රීවරයා ඉදිරි  මාස 3 හතර ඇතුළත එය රුපියල් 160 දක්වා වැඩිවිය හැකි බවද අවධාරණය කළා.
ඩොලරය පහත දැමීම සඳහා රුපියල් බිලියන 8.2ක්ව තිබූ සංචිතවලින් බිලියන 3.2ක් පසුගිය වසරේදී වෙළදපල වෙත මුදා හැර තිබෙනවා.

පාර්ලිමේන්තු භෝජනාගාරයේදී තමන් ඒ ගැන ජනපති මෛත්‍රිපාල සිරිසේන මහතා දැනුවත් කරමින් සිටින විට එම ස්ථානයට පැමිණි මුදල් ඇමති රවී කරුණානායක මහතා තමන් කියන්නේ බොරු  යැයි පවසා සිටි අසත්‍ය ප්‍රකාශ සිදුකරන බවට අදහස් දැක්වූ බවයි ගුණවර්ධන මහතා මාධ්‍ය වෙත කියා සිටියේ.
තමා මෙන්ම හිටපු ජනාධිපතිවරයා, අජිත් නිවාඩ් කබ්රාල් හිටපු මහබැංකු අධිපතිවරයා රට ආර්ථික අර්බුදයකට ඇද දැමූ බවට රවී කරුණානායක මහතා එහිදී චෝදනා කළ බවත්, රටේ ආර්ථිකය කෑවා නම් එය තමන් පමණක් තනිව නොකළ බවත්, තමන් එහිදී කියා සිටි බවයි ගුණවර්ධන මහතා වැඩිදුරටත් කියා සිටියේ.

W3Schools

ඔබගේ අදහස අපට කියන්න

Close